Jin as Sherlock Holmes
Jk as Dr Wotsan😂
___________________________×
Jin & Jungkook මහත්වරු අළුත්ම පරීක්ෂණයක් භාර ගන්නයි ලෑස්තිය....
පොලිස් පරීක්ෂකතුමා - ආ එන්න එන්න Jin මහත්මයා , ආ මේ Jungkook මහත්මයත් ඇවිත් තියෙන්නෙ.
Jin - ඔබේ නිලධාරියෙක් ඇවිත් මේ සිද්ධිය ගැන අපිව දැනුවත් කරපු හැටියෙමයි අපි මේ ආවෙ..
Jk - ඔව් ඔව්, මම හෘද සැත්කමක් කර කර ඉදල ඒකත් නවත්තල දාල මේ ආවෙ.
😱
Jin & පොලිස් පරීක්ෂක - මොනවා!!!
😱😱
Jin - මොනාද මනුස්සයෝ මේ වැඩ. තමුන් පටන්ගත්ත දෙයක් අවසන් නොකර ලෙඩ්ඩුන්ව ඒ විදියට අසරණ කරල දාල එනවද?
Jk - ඔයාල බයවෙන්න එපා , මම ඒක වෙන කෙනෙක්ට බාර දීල ආවෙ.
පොලිස් පරීක්ෂක - ඒක නම් බොහොම හොඳයි දොස්තර Jungkook එහෙම නැත්නම් ඔබ ශල්‍යකර්මය නවත්තල මෙහෙම ආවම අර අහිංසක රෝගිය අසරණ වෙනවනෙ.
Jk - අසරණ වෙන්න දෙයක් නෑ පරීක්ෂකතුමා😂 , මේ ආරංචිය ලැබුන ගමන් මගෙ අත වෙව්ලල ගිහින් ලෙඩාගෙ මහා කිරීටක ධමනිය තුනට කැපිල ගියා. මම බකස් ගාල කෑලි ඇතුලට දාල , ශල්‍යකර්මය අසාර්ථකයි අභ්‍යන්තර රුධිර වහනයක් කියල පොතේ ලියල,,😂
මරණ පරීක්ෂකගෙ සීල් එකත් හොරට ගහල, මිනිය මල්ශාලාවකට බාරදීල ආවෙ.😂(😱😂 බුදු අම්මෝ කුකී... නමුත් අහිංසක ජීවිතයක්... හොර හාවො..)
පොලිස් පරීක්ෂකතුමා - මූ යකෝ
Jk - ඇයි පරීක්ෂකතුමා හාලි ක්වීන්ව මරල දාල කියල ආරංචියක් ආවම මොන මිනිහද කලබල නොවෙන්නෙ.
Jin - හා හා ඔය වල්පල් දෙඩෙව්ව ඇති අපි යමු අපරාධ ස්ථානය බලන්න
Jin, Jk සහ පරීක්ෂකතුමා අපරාධ ස්ථානය වෙත ලඟා විය. විශාල මහල් නිවාස සංකීර්ණයක පහත මාලයේ තිබූ කුඩා කාමරයක මිනි මැරුම සිදුවී තිබුණු අතර විශාල රංඩුවක් ඇති වී තිබෙන අයුරින් සියල්ල අවුල් වී ගිය කාමරයේ ඡනේලයට සම්මුඛයෙන් තිබූ ඇදෙහි උඩු අතට හාලි ක්වීන්ගේ මළ සිරුර වැටී තිබුනි.
YOU ARE READING
❌Jin as Sherlock Holmes ❌ (⚜️Jinkook CID 😹). <ALWAYS COMPLETED>
AventuraJin : Sherlock Holmes Jungkook : Dr. Wotsan Sherlock Holmes type එකට මං ලියපු කතා set එක.... With Jinkook.. සිනායෙන් නම් අඩුවක් නෑ... 😂😂😂😂😂😂😂