@Y5 dorm..
beomgyu : මට බෑ සාන්ත !! ඇති ඇති ඇති !!! මගෙ ඔලුවත් විකාර වෙනවා යකෝ මේක බලන් ඉඳලා..
taehyun : උඹෙ බර බරේ එක්ක මටත් කොහොමත් බෑ මේක කරන්න ! යමන් එලියට..
kai : අන්තිමට කව්ද දින්නෙ?? වෙන කව්ද ඉතින් හීනෙන් කායියා තමා..
ඇතුළෙ වෙන දේවල් කායි එලියට වෙලා දොරට කන තියන් අහගෙන හිටිය නිසා කායිට හැමදේම තිතටම නෝට් වුණා..
බොම්ග්යුගෙ බර බරේ නිසා ටේහ්යුනුත් ටිකකට ඒ වැඩේ නවත්තලා බොම්ග්යු එක්ක ග්රීන් රූම් එකෙන් එලියට ආවෙ තව ටිකක් වෙලා හිටියොත් බොම්ග්යු අතින් එක පැළේකට හරි අනතුරක් වෙන්න ඉඩ තිබුනු නිසා..
?? : ටේ හ්යුන් !?? බොම්ග්යුූඌඌ ! කායි !!
kai : කව්ද අප්පේ මේ ?? ආව්ස් ආව්ස්... වෙල්කම් බෑ.......ක් !!
ඒත් එක්කම වගේ එයාලගෙ ඩෝම් එකට අමුත්තෙක් ආවා..එයානම් මෙයාලට අමුත්තෙක්මත් නෙවේ..
මොකද කීවොත් එයා මෙයාලව කලින් ඉඳන් අඳුනනවා..
beomgyu : අම්මට සිරි ! ඉතින් කෝමැයි ?? උපාධි ගත්තැයි??
?? : හම්මේ.. ඔව් ඔව් !! ආපු ගමන් ප්රශ්න පැත්තරේ පෙරළගන්න එපා හලෝ ! මට කන්න මොනාහරි දෙනවලා..
එයා ආපු ගමන් කළේ සාලෙ තිබුනු පත හාන්සි පුටුවක අත පය දිගෑරන් වාඩි වුණ එක..
මේ වෙද්දි......
@Soobin's house
yeonjun : ඇත්තටම උඹ කොහොමද බන් මේ පොඩි ජනතාව එක්ක වැඩ කරන්නෙ??
soobin : උඹලට ඒක මහ වැඩක් වගේ පෙනුනට ඒක නිකන් ඉදි කට්ටකට නූල දානවා වගේ වැඩක් බන් !
වොශ් එකකුත් දාගෙන යොන්ජුන් සූබින්ගෙ රූම් එකට වෙලා සූබින් එක්ක පොඩි හෑල්ලකට වැටිලයි හිටියෙ..
ඒත් සූබින් නම් හිටියෙ ලොකු ෆයිල් එකකුත් දිගෑරන් මොන මොනාදෝ ලකුණු කර කර..
YOU ARE READING
Far far away || Fantasy || 🍃💨
FantasyNo more limits.. Txt,enha,&team collab "වක්කඩේ හකුරු හැංගුවහම මොකද වෙන්නෙ හ්යුන්??" "අනේ උඹ ඒකවටත් දන්නැද්ද ගොනෝ??" "වක්කඩේ හකුරු හැංගුවම මාලු ඇවිත් ඒවා කන්වනෙ??" වක්කඩේ හකුරු හැංගුවම මොනා වෙනවා ඇත්ද කියලා දැන් හැමෝම ඉන්නෙ ලොකු කොස්සක කෙඳි අතරෙ ටැ...