19.☑

53 18 56
                                    

@hazoki's house

Harua's room

Hazoki : මම දෙයක් අහන්නද? කවදා හරි දවසක ඔයාට මගෙනුයි තව කෙනෙකුගෙනුයි එක්කෙනෙක්ව තෝරගන්න කීවොත් ඔයා මොකද කරන්නෙ?

Haru : ම්... එතන කවුරු හිටියත් ඉතින් මම කොහොමත් මගේ නූනව තෝරගන්නවනෙ.. ඒක දැන දැනම ඇයි නූනා මගෙන් එහෙම අහන්නෙ?

Hazoki : නූනා දෙයක් කියලා දෙන්නද? කෝ එන්නකෝ...

හසොකි ගොඩක් වැදගත් දෙයක් ගැන හරුඅට කියලා දෙන්න ලෑස්ති වුණා..

මේ වෙලාවෙ හරුඅයි හසොකියි දෙන්නම හිටියෙ හරුඅගෙ ඇඳේ  වාඩි වෙලා ඊට ඉස්සරහින් ඇරලා තිබුනු ජනේලෙන් එන සීතල හුළඟත්  එක්ක ඒ හැන්දෑව විඳින ගමන්..

Hazoki : එක පුංචි මාළුවෙක් වතුරෙන් ගොඩට අරන් හුස්ම ගන්න බැරුව දඟලද්දි ඔයා මොකද කරන්නෙ ?

haru : එයාව ආයෙ වතුරට දානවා..

Hazoki : ඒත් ඒ වෙද්දිත් ඔයා පරක්කු නම්?

Haru : මට බෑ සතෙක් වුනත් මනුස්සයෙක් වුනත් වෙන මොකෙක් හරි වුනත් ගහක් වුනත් මැරෙන්න ඉඩ දීලා බලන් ඉන්න..මම මගේ ජීවිතේ දීලා හරි එයාලව බේරගන්නවා..

Hazoki : වාව්....  නූනට විශ්වාසයි ඔයා ගැන.. ඔයාට ජීවිතය මරණය දෙකෙන් එකක් තෝරගන්න අවස්ථාවක් ලැබුනොත් අන්න එදාට නූනා උගන්නපු දේ මතක් කරගන්න ඕනි හරිද?

haru : අනිවාරෙන්ම නූනා.. ඒක නෙවේ.. මේ.. මේ.. ඔයාට අද රිකීව හම්බුනා ද?

හසොකි හරූවත් හග් කරන් සතුට බෙදා ගත්තු ඒ වෙලාවෙ හරූ නිකමට වගේ හසොකිගෙන් රිකී ගැන ඇහුවා..

Hazoki : ඔහ්.. ඔව්.. ඔයා කොහොමද ඒක දැනගත්තෙ ?

Haru : මට දැනුනා..

Hazoki : මොකද්ද?

Haru : නූනගෙ හාට් බීට් එක.

Hazoki : හරූ.. මගෙ පුංචි හීරෝ.. අපි හෙට ඩිනර් එකකට යනවා රිකීලගෙ ගෙදර.ඔන්න එහෙ ගිහින් අසාමාන්‍ය විදියට ඉන්න නම් බෑ හරිද දෙන්නත් එක්ක? නිකී,තාකි එක්ක මනුස්සයෝ විදියට ඉන්න..

Haru : නූනා ඔයා ඒ කීවෙ මම අහන්න ආසාවෙන් හිටපු ලොකුම දෙයක්.. රිකීව හම්බෙන්න මම කොච්චර බලන් හිටියද?? ලව් යූ සෝ මච් නූනා..

Far far away || Fantasy || 🍃💨Where stories live. Discover now