...
..
..
...සෙක්ට්රි කිම්....
විනාඩි ගානක්ම හිටිය කල්පනාවෙන් මිදිලා මං එයාට කතා කලා....මිනිස්සුන්ගෙන් ලේසියකට හොයන්න බැරි අවංක හිනාවක් ඒ මූනේ තියෙනකොට මං ලොකු හුස්මක් පාත දැම්මා..ඇත්තටම මං මෝඩයෙක් වෙලා නේන්නම්...මං ඇත්තටම පිස්සෙක් වෙලා ඉදලා..එහෙම නැත්නම් එයාගේ අවංක මූන දිහා බලන් මං කොහොමද හිතුවේ ඒ ඉන්නේ නපුරු කෙනෙක් කියලා...මේ ජරා ලෙඩේ ඇත්තටම මාව පිස්සු වට්ටලා...මං ඉස්සරහ තියෙන ඇත්ත මොකක්ද බොරුව මොකක්ද කියලා අදුනගන්න බැරි තරමට මං පිස්සු වැටිලා ඉදලා...කොටින්ම ' පරිස්සමෙන් ඉන්න මාස්ටර් ශියෝ..මං ඉක්මනටම එන්නම්' කියලා කිව්ව වචන ටික පවා ' පන පිටින් හිටියොත් ආයෙම හම්බෙමු මාස්ටර් ශියෝ ' කියලා ඇහෙන තරමට මං පිස්සුවෙන් ඉදලා...එහෙම බලන් ගියාම බලහත්කාරයෙන් හරි මීටින්ස් කියලා ඩොක්ටර්ස්ලා මට මීට් කරවපු එයාලට මං කොච්චර පින් දුන්නත් මදි...තව කාලයක් ගියා නම් මොලේ අමාරුවට මිනියක් මරන තරමට මං පිස්සුවෙන් වැඩ කරන්න තිබුනා...
..ඔව් මාස්ටර් ශියෝ..
..මට ආයෙමත් සමාවෙන්න සෙක්ට්රි කිම්..මොනා කිව්වද කියලා මතක නෑ..ඒත් මං..
..මං ඒවා අමතක කලා මාස්ටර්..මට වැදගත් උනු එකම දේ මාස්ටර් හොද වෙන එක විතරයි ..ඒක තමා මගෙ එකම සතුට..දැන් ඒක උනානේ..ඒ හොදටම ඇති මට...
..ඒ උනාට කමක් නෑ ආයෙම මට සමාවෙන්න..
..ම්ම්..මං කීයටද එන්න ඕන මාස්ටර්..
..වෙලාවක් කියන්න බෑ මිස්ටර් කිම්..කාර් එක තියලා යන්න..මං එන්නම්..
..මේක හොදටම විස්වාසද මාස්ටර් ..
..ම්ම්..විස්වාසයි..නැත්නම් මං මේක කීයටවත් කරන්නේ නෑ...සමහර වෙලාවට අවසානය තීරණය වෙන්නෙත් ආරම්බයෙන්මයි මිස්ටර් කිම්...ඒ නිසා මට මේක කරන්න වෙනවා..
..අනේ මන්දා මාස්ටර්ගේ කැමැත්තක් ..මං කාර් එක ගාඩ් කෙනෙක් එක්ක තියලා යන්නම්...පරිස්සමට ඉන්න මාස්ටර් ..
..හරි මිස්ටර් කිම්..ඔයත් පරිස්සමෙන්...
එයා ආයෙම යන්න යනකොට මං සාක්කුවට අත් දෙක දාගෙන ඔලුව උස්සලා බැලුවා..ම්...ඒක ඇත්තටම බූත බංගලාවක් නෙවේ...ඒක තනි සුදු ගාපු එක එක ජාතියේ මල් පිරුනු ගාර්ඩන් එකක් මැද තිබුනු ලස්සන ගොඩනැගිල්ලක්...ඈත ඉදන් බැලුවත් හිත සැනසෙන විදිහට හදලා තිබ්බ තැනක්..හහ්..ඒත් මං දැකලා තිබුනේ මාව ගිලින්න බලන් ඉන්න බූත බංගලාවක් වගේ...මොන පිස්සුවක්ද මන්දා ඒක..මගෙම ලෝකේක මං තනියෙන් ජීවත් වෙලා..ඒකත් මහ පිස්සු ලෝකයක්....මටම මං ගැන හිනා යනවා...ඒ..ත් ඒ හිනාව..හහ්...ඒ හිනාව ආව තප්පරෙන්ම එයා ගැන හිතනකොට මැකිලා යනවා....අසනීපයක් තිබුණද කියලවත් නොදැන මං සනීප වෙලා..ඒත් එයා...දෙමව්පියන්ගේ වැරදි නිසාම එයා අවුරුදු දහ අටක් තිස්සෙ දුක් විදිනවා...පවුලේ මාන්නය..නීති රීති..මේ වගේ වැඩකට නැති දේවල් ලොකු කරන් ඒ ගොල්ලෝ තමන්ගේ දරුවවම බලෙන්ම පිස්සෙක් කරලා..යීබෝ කියන්නේ ඇත්තටම මානසික රෝගියෙක් නෙවේ..ඒ තරම් පොඩි වයසකට එහෙම වෙන්න හේතුවක් තිබිලත් නෑ...වැරැද්දකට තිබුනේ එයා අනිත් අයට වඩා අසාමාන්ය කෙනෙක් උනු එක විතරයි..සමාජයෙන් ඈත් වෙලා , ඒකාකාරී ජීවිතෙන් අයින් වෙලා අලුත් දෙයක් හොයන් ගිය එකට එයාට දීලා තිබුනු නමයි පිස්සා කියන එක...
ВЫ ЧИТАЕТЕ
_⚠️️Room Of Death⚠️️_ ( Yz Completed ff)
Ужасы..මං සදහටම වහලා දාපු යකඩ දොරට හේත්තු වෙලා හිස් බැල්මෙන් මිනී ගඳ ගහන කාමරේ අන්දකාරේ දිහා බලන් හිටියා.. ..ඔව්..හරියටම දවස් දහ අටකට පස්සේ අනිත් අය වගේම මාත් මේ කාමරේ ඇතුලෙදිම මැරෙනවා.. ..මගෙ ජීවිත කාලේ හරියටම දවස් දහ අටයි..
