•••05•••

1.7K 246 19
                                        

..

..

..

..එයා මනුස්සයෙක් ..

මං ආයෙම පාරක් මටම කියාගත්තේ තාමත් දැකපු දේ මගෙ ඇස්වලට විශ්වාස කරන්න බැරි වෙද්දි..ආවේ කොහෙන්ද කියලා හිතාගන්න බැරි මලානිල  එලියක් කාමරේ ඇතුලේ තියෙද්දි  ඒ එළියෙන් මං දැක්කේ බෙල්ල පැත්තකට කඩා වැටිලා බිම වැතිරිලා ඉන්න රූපයක්..හරියට නොපෙනුනා උනත් ඒ ඉන්න කෙනාට සිහියක් පතක් නෑ කියන එක තේරෙද්දි මං අඩියෙන් අඩිය එයාට ලන් උනා..මගෙ හිත කිව්වා..තවමත් අදහාගන්න බැරි දේවල්.දාහක් සිද්ද වෙන මේ කාමරේ ඇතුලේ මේ පේන දේත් ඇත්තක් වෙන්න බෑ කියලා..මේක මායාවක් එහෙම නැත්නම් මාව අල්ලගන්න හදන උගුලක් කියන එක මගෙ හිත ඉවරයක් නැතුව කිව්වා..තාමත් චස් චස් සද්දෙන් පෑගෙන පිලීගද ගහන ලේ විල පවා මට කිව්වේ මේ වෙන්නේ ඒ තරම් හොද දෙයක් නෙවේ කියලා..මොකද ආයෙම වතාවක් හැමදේම නිශ්ශබ්ද වෙලා ගිහින්..මගෙම හුස්ම හඩ දෝංකාර දෙන තරමට හැමදේම සන්සුන් වෙලා..නෑ..මේක සාමාන්‍ය දෙයක් වෙන්න බෑ..මේ නිහඩකම මේ කාමරේට වගේම මගෙ හිතටත් බර වැඩී..නිහඩතාවයක් තියෙනවා කියන්නේ අනිවාර්යයෙන් ම ලොකු කුනාටුවකුත් ළඟ ලගම එනවා.
ඒ මේ කෙනා වෙන්න බැරිද...මගෙ සිහිය තවම විකල් වෙලා නෑ..ඒත් මං පේන දේ මොකක්ද කියලා අදුනගන්න දන්නවා..ඒ කෙනා ලේවලිම් වැහිලා..ඇග පුරාම එක එක කැපුම් තුවාල..ඇදන් ඉන්න ඇදුම් පවා ඉරිලා ගිහින් කියලයි මට පෙනුනේ..ඒ වගේම ලොකුවට නොවුනත් යාන්තමට සද්දයක් ඇහෙන්න එයා හුස්ම ගන්නවා..ඒ පපුව උස් පහත් වෙනවා...

   එයා මායාවක්ද..නැත්නම් මනුස්සයෙක්ද..ඇත්තටම මේ ඉන්නේ මං.වගේම තාමත් හුස්ම ගන්න මනුස්සයෙක් නම්..මේ කෙනාවත් මං වගේම මේ කාමරේ ඇතුලට මැරිලා යන්න කියලා ගෙනත් දාලා නම්..මං.මොකද කරන්නේ..මං අවදානමක් ගන්නම ඕන...මට අනතුරක් වෙයිද කියන්න දන්නේ නෑ ඒත් එයා මනුස්සයෙක් නම් අමාරුවෙන් හරි මට මේක කරන්න වෙනවා.නැත්නම් මේ ඇගෙන් ගිහින් තියෙන ලේවල හැටියට පන තිබ්බත් තව ටිකකින් ඒ පන ටිකත් යන්න බැරි නෑ..ඉතින් මං කොහොමද බලන් ඉන්නේ...මොන තරම් කලුවරට,මේ කාමරේ ඇතුලේ තියෙන දේට බය උනත් මට ඒ කෙන මැරෙනවා බලන් ඉන්න බෑ....

_⚠️️Room Of Death⚠️️_ ( Yz Completed ff)Donde viven las historias. Descúbrelo ahora