•••08•••

1.4K 206 27
                                        

..

..

..


මං තාමත් එතන ඒ විදිහට ...අඩපු නිසාම වගේ මට මූන දෙන්න බැරිව එයා පැය ගානක් වචනයක්වත් නොකියා වෙන පැත්තක් බලන් හිටියා...ඒ උන දෙයින් පස්සෙ මටත් එයා එක්ක මුකුත්ම කතා කරන්න තිබ්බෙ නෑ..එහෙමමත් නෑ කතා කරන්න දේවල් තිබුනා..ඒත් මට තොල් දෙක හොලවන්නවත් පනක් තිබුනේ නෑ..කොටින්ම තුවාලවලින් ගලන් ගිය සැරවවලට රෙද්ද ඇලිලා ගිහින් උණ අමාරුව දරාගන්න බැරිම තැන මට දැනුනේ මාව හිරි වැටිලා ගිහින් වගේ...මං හුස්ම ගත්තේ පවා මටවත් නොදැනෙන තරමට වෙද්දි ඇස් පිල්ලමක්වත් ගහන්න මට හයියක් තිබුනෙ නෑ..ඇස් පිහාටු පවා ඇරගන්න බැරිව කදුලුත් එක්කම ඇලිලා ගිහින්..නිදාගන්න ඕන උනත් යටි පතුලට දැනුනු සීතල මුලු ඇගම හිරි වට්ටලා තියෙනකොට මං කකුලකුත් නවන් පැත්තට බිත්තියට හේත්තු උනා...හිරි වැටිලා උනත් උරහිස බිත්තියට තද වෙන එක පවා දරාගන්න බැරිව ඇග රිදුම් දෙන්න පටන් ගද්දි අඩාගන්නවත් හයියක් නැතුව දිගින්.දිගටම වැහුනු ඇස් පිහාටු අස්සෙන් කදුලු වැල් ගලන්.ගියා...යීබෝ කිව්වා හරි..මෙහෙම ගියොත් උන් ඇවිත් මරලා දාන්න කලින් මං නිකන්ම මැරිලා යයි..

..ටා....න් ටා...න් ටා...න්.....

ඒ පල්ලියේ සීනුව..බිත්තියේ තිබුනු හිඩැස්වලින් වැටුනු ඇබිත්තන් ඉර එලිය ඇරුනු කොට මේ දවල්ද රෑද කියන්න මං දැනන් හිටියෙ නෑ..එයා නම් ඉර එලිය වැටිලා තියෙන කෝනේ බලලා මොන මොනවදෝ කියනකොට ඒ විදිහට වෙලාව තේරුම් ගන්න දන්නෙ නැති මං පල්ලියේ සීනුව කියනකම්ම වෙලාව අහන්න බලන් හිටියා..ම්ම්..හතර පාරයි..ඒ කියන්නේ හවස හතරයි..මට තියෙන්නේ තව පැය දෙකයිද..දහ අටවෙනි පැයත් එක්ක එයාලා ආයේම මගෙ ලේ සුවදට ඇදිලා එන්න තියෙන්නේ තව පැය දෙකයි නේද...හ්ම්ම්ම්ම්ම්...මං අඩන්න ඕනද..
ඒත් මොකටද..මට මැරෙන්න බෑ කියලද..එහෙම නැත්නම් මාව මෙතනින් අරන් යන්න කියලද...මොකක් කියලා ඇඩුවක් වැඩක් තියෙයිද..කිම්කාරයා කිව්වත් වගේ මේක මරණයේ කාමරය..මට ගැලවීමක් නෑ..පැනලා යන්න ඕන උනත් මට ඒක කරන්න බෑ...තෝරා ගැනීම් දෙකයි තියෙන්නේ..තනිවම මරණයට පත් වීම නැත්නම් මරා දැමීමට ඉඩ දීම...තෝරා ගැනීම් දෙකක් තිබ්බට වැඩක් තියෙනවද..මොකක් තෝරගත්තත් අන්තිමට මට ඉතුරු වෙන්නෙ මරණය..ඉතින් මං දගලලා වැඩක් නෑනේ..කොච්චර දැගලුවත් මට ජීවත් වෙන්න ඉතුරු උපරිම දවස් දහ අටයි..නැ..හ් දැන් ඒක දහ අටක් නෙවේ දාහ හතක්..රෑ අට වෙනකොට මං මේ කාමරේ ඇතුලේ හිර වෙලා හරියට පැය විසි හතරක් සම්පූර්ණ වෙනවා..

_⚠️️Room Of Death⚠️️_ ( Yz Completed ff)Où les histoires vivent. Découvrez maintenant