..
..
..
..වෙ...යි යින්ග් ????...
ඒ ගැඹුරු කටහඩ කන ගාවටම කරලා ඇහුව වචනවලටම ඇගේ හිරි පිපෙන්න ගද්දි මං බිත්තියට අතක් තියාගත්තා..එයා කිව්වේ වෙයි යින්ග් කියලද..ඔව් වෙයි යින්ග් කියලා තමා කිව්වේ..ඒත් එයා කොහොමද ඒක දන්නේ..වෙයි යින්ග් කියන්නේ මගෙ පපා මට ආදරේට කිව්ව නම..පිටට මොන නම කිව්වත් ගෙදරදි මං පාවිච්චි කලේ ඒ නම..ඒත් මං ඒක පපා නැති වෙනවත් එක්කම අතෑරලා දැම්මා..අවුරුදු ගානකින් ඒ නම මගෙ කනටවත් ඇහිලා නෑ..ඉතින් කොහොමද මේක වෙන්නේ..මේක වෙන්න බෑ..කාමරයක් ඇතුලට හිර වෙලා ඉන්න අමනුස්සයෝ රැළක් මගෙ වැලලිලා ගියපු ජීවිතේ ගැන දැන ගන්න විදිහක් නෑ...
..වෙ..යි යින්ග්...
දරන්න අමාරු මිනී කුනු ගද එක්ක සීතල හුස්මක් මගෙ කන් පෙත්තට වැදෙනකොට තවත් හිටන් ඉන්නවත් හයියක් නැතුව මගෙ කකුල් දෙක පනනැතුව ගියා..උණ අමාරුවත් එක්ක හිතට දැනුනු අසීමිත බය එකතු වෙලා මාව වැටෙන්න ගියත් හිතුවෙවත් නැති විදිහට පිටිපස්සෙන් ආව අත් දෙකක් මාව හිර කරගත්තා...ඔව් ඒ තිබුනේ ඒ අත්මයි..මගෙ පිටම සූරලා දාපු,මාව බිම දිගේ ඇදගෙන ගියපු අත්මයි ඒ...වෙනස්කමක් හොයන්න දෙයක් නෑ..ඒ උල් නියපොත් බඩ වගේ එතිල මාව තද කරගෙන ඉන්නකොට ඒ එකම අත කියලා කියන්න මට හොදටම පුළුවන් උනා...කොහෙන් ආවද මොකට ආවද කියලා දන්නේ නැති ඒ අමනුස්සයා මගෙ ඇග වැහෙන්න කියලා තිබ්බ එකම රෙදි කඩ පවා ගලවලා විසි කරලා දානගමන් බඩ වටේ තිබුනු ජරා අත්වලින් මාව අල්ලන්න පටන් ගත්තා...ඒක ඇල්ලීමකට වඩා සම්පූර්ණ හූරා දැමීමක් ..ලේ පිපාසිතයෙක් උනු ඒ කෙනා ඒ උල් නියපොතුවලිම් මාව හපයක් වෙන තරමට සූරලා දැම්මා..නිරුවත් කකුල් දිගේ පහලට ඒ තුවාලවලිම් ලේ බින්දු ගලන් යනකොට එයා අනුකම්පාවක් නැතුවම මට රිදෙව්වා..පිහි තුඩු වගේ නියපොතු ඇග ඇතුලට බහිනකොට දැනුනු වේදනාවට වඩා මරන බය කියන හැගීමට මට ඇඩෙන්න ගන්නකොට මටත් නොදැනී සුලු දිය පහ වෙලා තිබ්බා...කොයිතරම් අමාරුවෙන් ඉවසන් හිටියත් මං තාම කලුවරට බයයි..ඊටත් වඩා මට මාවවත් නොපෙනෙන මේ කලුවරේ කොහෙන් මතුවෙනවද කියන්න නොදන්න උන්ට මං බයයි...ඒ මාව තුවාල කරලා ලේ බීලා දානවට නෙවෙයි..වැටෙන්න කියලා තවත් තැනක් නැතුව අන්තෙටම හිත ඇතුලෙන් වට්ටලා උන් මාව අසරන කරනවටයි...
ESTÁS LEYENDO
_⚠️️Room Of Death⚠️️_ ( Yz Completed ff)
Terror..මං සදහටම වහලා දාපු යකඩ දොරට හේත්තු වෙලා හිස් බැල්මෙන් මිනී ගඳ ගහන කාමරේ අන්දකාරේ දිහා බලන් හිටියා.. ..ඔව්..හරියටම දවස් දහ අටකට පස්සේ අනිත් අය වගේම මාත් මේ කාමරේ ඇතුලෙදිම මැරෙනවා.. ..මගෙ ජීවිත කාලේ හරියටම දවස් දහ අටයි..
