❤︎ 2

1.6K 161 9
                                        

උදේම ඉස්කෝලේට ගියාම ලමයි හැමෝම වගේ හිටියේ notice brod එක ලග.මාත් ගිහින් බැලුවා.notice එක දැක්කාම නිකං මට කැරකිල්ල වගේ.

" ආශ්ට්...ඇයි දැන්ම."

" අහ් චාන්.good morning."

පන්තියට ඇවිද ගෙන යද්දි මට යූබින් ව හම්බුනා.

" මොන good ද."

" ඇයි..මොකක් හරි ප්‍රශ්නයක් ද."

" උදේ පාන්දර මහ මූසල notice එකක් දැක්කා."

" අහ් අර ඉස්කෝලේ ඉස්සරහ දාලා තිබ්බ එකද.ඒවා ඉතින් අපිට අලුත් දේවල් නෙමෙයි.හැම මාසෙකම අන්තිමට exam එකක් තියෙනවා."

" ඇහ් හැම මාසෙකම!!"

යූබින් කිව්ව දේට මං නිකං කරකලා අතඇරියා වගේ.

" ඔව් හැම මාසෙකම තියෙනවා.ඇයි"

යූබින් හිනාවෙවී අහද්දි මට නම් පුදුමයි.ඇයි අප්පා හැම මාසෙකම අන්තිමට exam එකක් තිබ්බොත් මට ගෙදරින් කන්නත් නැති වෙයි වගේ.

" දන්නවාද යූබින් මට exam කියන දේ කොච්චර ඇලජික් ද කියලා . මං මේ ලෝකෙ exam වලට තරම් වෛයිර කරන වෙන කිසිම දෙයක් නෑ."

" එහෙනම් ඔයාට ඒ තියෙන වෛරය තවත් වැඩි වෙයි.යන් යන් පන්තියට පරක්කු වෙනවා."

පන්තියට ගියත් හරි මං කල්පනා කරේම හෙට තියෙන exam එක ගැන.එහෙ බලලා මෙහෙ බලද්දී දවස ගෙවිලා ඉවරයි.

Next Day

" දැන් හැමෝම නිශ්ශබ්ද වෙන්න."

සර් කෑගහගෙන පන්තියට ආවෙ නිකං නෙමෙයි පේපර් මිටියකුත් උස්සගෙන.පන්තියේ ලමයි කෑගහන එක නතර කරම් පස්සෙ සර් පේපර් ටික බෙදාගෙන බෙදාගෙන ගියේ හරියට නිකං අහස කඩන් වැටෙන්න යනවා වගේ වේගයකින්.පේපර් එක අතට අරන් බලන්න ගත්තාම තිබ්බ ඔලුව කැක්කුම තවත් වැඩි උනා.

" මේ පේපර් එක මෙච්චර අමාරු නම් final exam එකට තියෙන එක කොහොම ඇද්ද."

මං මටම කියාගත්තා.හැම කෙනෙක් ම වගේ පේපර් එකට ඔලුව ඔබාගෙන ලියනවා මං විතරක් වටපිට බල බල ඉන්නවා.මාත් ඉතින් ලියන්න පුලුවන් විදිහට ලිව්වා හැබැයි ලිව්ව ඒ වගෙන් බාගෙට බාගයක් ම ලිව්වෙ බොරු. මගෙ කරුමෙට ම පේපර් එක ලියලා ඉවර වෙන්නත් කලින් බෙල් එක ගැහුව. සර් පේපර් ටික එකතු කරද්දි නොදී ඉන්න බැරි කමට දීලා දැම්මා.exam ඉවර වෙලා hall එකෙන් එලියට ආව ගමන් දැක්කෙ මගෙ යාලුවා යූබින්ව.

" කොහොමද....ලේසිද exam එක."

" මොන ලේසියක් ද.මටනම් තිත්ත වෙල හිටියේ.ඒ නෙමෙයි ඔයාට කොහොමද."

" කියන්න තරම් අවුලකුත් නෑ හැබැයි ලේසිත් නෑ.දැන් ඕක අමතක කරන්න.යන් කැන්ටිම පැත්තට මාරම බඩගින්නක් තියෙන්නේ."

#TO BE CONTINUE

#TO BE CONTINUE

Rất tiếc! Hình ảnh này không tuân theo hướng dẫn nội dung. Để tiếp tục đăng tải, vui lòng xóa hoặc tải lên một hình ảnh khác.
My Teacher ʸⁱᶻʰᵃⁿ ᵛᵉʳˢⁱᵒⁿ ♡ 🄲🄾🄼🄿🄻🄴🅃🄴 Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ