❤︎ 8

759 103 6
                                    

පන්ති ඉවර වෙලා ගෙදර ගියන් පස්සෙ කල්පනා කරෙ යීබො කිව්ව දේවල් ගැන ඇත්තටම ඉගෙන ගන්න පාඩම් කරලා විතරක් මදියි ඒකට උනන්දුව වගේම ආසවත් තියෙන්න ඕනේ.කාලයක් යනකොට මගෙ ඉගෙනීමට තිබ්බ ආසව එන්න එන්නම වැඩි උනා. මහන්සි වෙලා පාඩම් කරා යීබොත් උගන්නන එක නතර කරේ නෑ.කොහොමහරි මාසෙ අන්තිම exam එක ලියන දවස ආවා.

" හරි ලමයි හැමෝම වාඩි වෙන්න මං පේපර් බෙදන්නයි යන්නේ."

පේපර් එක ලැබුනම් පස්සෙ කලින් සැරෙ වගේ වටපිට බලන් නැතුව පේපර් එක ලියන්න ගත්තා.පැය දෙකකට පස්සෙ පේපර් ටික එකතු කරා.exam එක ඉවර වෙලා ලමයි හැමෝම පන්තියේන් එලියට ගියා.මාත් පන්තියේ ඉන්න බැරි නිසා යීබොව හොයාගෙන ගියා.ටිකක් ඇවිදගෙන යද්දි තමා දැක්කේ එලියෙ බංකුවක ඉදගෙන කකුල් දෙකත් වන වන ඉන්න යීබොව.යීබොට පේන් නැති වෙන්න හිමීට පිටිපස්සෙන් යීබො ලගට ගියේ එයාව බය කරන්න කියලා හිතාගෙන.

" චාන් හැංගි හැංගි ආවට වැඩක් නෑ මං ඔයාව දැක්කා."

"අහ් අහු උනා නේ."

එහෙම කියන ගමන්ම මං ගිහින් යීබො ලගින් වාඩිවෙලා එයා දිහ බලන් හිටියේ අද exam එක ගැන මොනව හරි අහයිද කියලා බලාපොරොත්තු වෙන්.

" මොකද කන්න වගේ මගෙ දිහා බලන් ඉන්නේ."

" ඔයා මගෙන් මොකුත් අහන්නැද්ද."

" මොනවා අහන්න ද."

" exam එක ගැන කිසිම දෙයක් අහන්න නැද්ද."

" exam එක ගැන මොනවද අහන්න තියෙන්නේ."

" අයියෝ බූරුවො අඩුම තරමෙ exam එක හොදට කරාද කියලා වත් අහන්න බැරිද."

" ඔයා exam එක හොදට කරාද කියන එක ගැන අපිට හෙට බලාගන්න පුලුවන්.දැන් exam එක ගැන අමතක කරන්න. ඒක නෙමෙයි යන්ද මොනවා හරි බඩට දාගන්න."

" හරි යමුකො."

යීබොට හිනාවෙලා කිව්වම පස්සෙ දෙන්නම නැගිටලා කැන්ටිම පැත්තට ගියා.

යීබොට හිනාවෙලා කිව්වම පස්සෙ දෙන්නම නැගිටලා කැන්ටිම පැත්තට ගියා

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.

#TO BE CONTINUE

My Teacher ʸⁱᶻʰᵃⁿ ᵛᵉʳˢⁱᵒⁿ ♡ 🄲🄾🄼🄿🄻🄴🅃🄴 Donde viven las historias. Descúbrelo ahora