පැය ගානක් ගියත් යීබො නෙමෙයි පාඩම නතර කරේ.ඒ උනාට සර් කෙනෙක් ට වඩා හොදට උගන්නනවා වගේම කියලා දෙන දේත් හොදට තේරෙනවා. හැබැයි ටිකක් වෙලා ගියන් පස්සෙ මං වත් දන්නෙ නැතුව මට නින්ද ගිහින්.
" හරි දැන් ඔයාට මේ- යා චාන් නැගිටිනවා මේක නිදාගන්න වෙලාවක් නෙමෙයි."
නින්ද ගිහින් ඉද්දි එකපාරටම ඇහැරුනේ යීබො යටි ගිරියෙන් කෑගහන්න පටන් ගත්තාම.
" මොකක්ද යීබො දැන් වෙලාව කීයද.ඇත්තටම දැන් මට හොගක් නිදි මතයි."
මං නිදිමතේම කියවද්දී යීබො මගේ දිහා බලන් හිටියේ උස්සලා පොලේ ගහන්න පුලුවන් සයිස් එකක.
" ඔහොම ද exam එකට ලකුණු ගන්න බලන් ඉන්නේ."
විනාඩි දෙකක් යන කම් කිසි දෙයක් කිව්වෙ නැති යීබො එයාගෙ ටකරම් බෙලෙක්ක කට ඇරියා විතරයි මං ගැස්සිලා ගියා.
" හරි දැන් උන දේට so sorry ආයෙ එහෙම වෙන්නෑ ඔයා දැන් ඔයාගෙ යකාව බස්ස ගන්නකො."
මං දත් තිස්දෙකම දාල හිනාවෙලා කිව්වාම යීබො ටිකක් සාමාන්‍ය තත්වයට හැරුනා.තව ටිකක් අර විදිහට යකා ආවේශ වෙලා හිටියනම් මට බත් කන්න වෙන්නෙ දත් නැතුව.
" ශුවර් ද ආයෙ එහෙම වෙන්නෑ කියලා."
" සීයට දෙසීයක් ශුවර් ආයෙ මං නිදාගන්නෑ."
" promise."
" promise"
" මේ අහන්න චාන් ඉගෙන ගන්න පාඩම් විතරක් කරලා මදියි ඒකට උනන්දුවත් තියෙන්න ඕනේ.අද ඉදලා වත් ටිකක් උනන්දු වෙලා වැඩ කරන්න."
යීබො මගෙ ඔලුව අතගාලා එහෙම කියද්දී මං හා කියන්න ඔලුව වැනුවා.
" හරි අදට ඉවරයි."
එහෙම කියද්දී මට ටිකක් දුකක් දැනුනා වෙනද පන්තියේ ඉවර වෙන්නේ කීයටද කියලා බලන් ඉන්නවා. ඒත් දැන් ලෝබයි වගේ පන්තිය ඉවර කරන්න.
" එතකොට ආයෙ කවද්ද."
" හෙට."
" හෙට !!!! ඒත් හෙට."
" මොකුත් කියන්න එපා.මං හෙට උදේට කියන්නම් කීයටද කොහෙට්ටද එන්න ඕනෙ කියලා ."
යීබො පුටුවෙන් නැගිටලා library එකෙන් එලියට යද්දි කියාගෙන ගියා.හැබැයි මට නම් හිතුනෙ එක දෙයයි.
" ඒත් හෙට ඉස්කෝලේ නිවාඩු නේ."
#TO BE CONTINUE