Yibo's POV 💚
තමන් ආදරේ කරන කෙනා තමන්ගෙ සහෝදරයා උනොත්...
ආදරේ කරද්දි ඒක නොදැන හිටියත් අතරමගදි ඒක දැනගන්න ලැබුනොත්...කොයි විදිහට හැගෙයිද...
ඒකමහ අසරණ හැගීමක්...මම දන්නවා ඒ හැගීම ගැන ...
කියුට්ගෙ මමා ඇල්බම් එකක් අරන් ඇවිත් ෆොටෝස් එක එක පෙරල පෙරල පෙන්නද්දි මම ඒ දිහා බලන් හිටියෙ ආසාවෙන්...එයා පොඩි කාලෙ දැනටත් වඩා කියුට්...
මමායි මායි ආසාවෙන් ඇල්බම් එක බල බල හිටියත් කියුට් නම් හිටියෙ පුටු ඇන්දකට බර වෙලා ඈනුම් ඇර ඇර... එයා කම්මැලි කමේ ඉන්නෙ...මමා ගෙදරට එන හැමෝටම මේ ඇල්බම් එක පෙන්නනවා එයා සිය දහස් වතාවක් දැකලා ඇති ...ඒ නිසයි ඔය කම්මැලි කම... ඉස්සර මගේ මමාගෙත් ඔය පුරුද්ද තිබුනා...
ඈනුම් විසිපහක් විතර ගියාට පස්සෙ කියුට්ගෙ ඇස් එතනදිම පිය වුනෙ පුටු ඇන්දට ඔළුව බර කරන්...හරි හුරතල් පාටක් පෙනුන නිසාම කියුට්ගෙ මමාටත් හොරෙන් මම එයාගේ ෆොටෝ එකක් ගත්තා මට මතකයි.... අදටත් මගේ wallpaper එක ඒක...
සහෝදරයා කියලා දන්නවා උනත් මට බැරි උනා එයාට ආදරේ කරන එක නවත්තන්න...ඒ නිසයි බැදීමක් ඇති වෙන්නත් කලින් දුරස් උනේ...හැමදේම වැරදි විදිහට සිද්ධ වෙන්න කලින්... මොකද මං දන්නවා කියුට්ටත් මාව යාළුවෙක් විතරක්ම නෙමෙයි කියන එක...ඒ ඇස් හැමදාම මං ඉස්සරහා කිවුවෙ දිග කතාවක් උනත් ඒක නොතේරුනා වගේ මම හිටියා...ඒත් කවදා වෙනකම් එහෙම ඉන්න පුලුවන් වෙයිද කියලා මම දන්නෙ නෑ....ඒ නිසාමයි දුරකට ගියෙ....
"මේ zhan ඉපදුනුම දවස් වල ... එයාගේ මාමා එක්ක...."
කියුට් ගෙ මමා කියද්දි මාත් ෆොටෝ එකට එබුනා...
අවුරුදු ගානකට කලින් ගත්ත ෆොටෝ එකක් උනත් මට ඒ ෆොටෝ එකේ ඉන්න කෙනාව අදුරගන්න බැරි උනේ නෑ... ඒ තමයි lawyer ...මට මගේ පපාගෙ අන්තිම කැමැත්ත ගැන කියපු කෙනා...
ඔව් ඒ කියුට්ගෙ මාමා...එතන ප්රශ්නයක් නෑ තමයි...ඒත් එදා ඒ uncle මුණ නොගැහුන වෙලාවෙ මතක් උන දෙයක් එක පාරම මට මතක් උනා...ඒ ෆොටෝ එක...ඒක මම මීට කලින් දැකලා තියනවා ... අපේ ගෙදරදි...කියුට්ව අතේ තියාගෙන ඉද්දි නෙමෙයි ...මගේ didiව අතේ තියාගෙන ඉද්දි...කියුට්ව ඔතලා තියෙන්නෙ ලාරෝස පාට රෙද්දකින් උනත් මගේ ඩිඩීව එදා ඔතලා තිබුනෙ ලා නිල් පාට රෙද්දකින්...
කොහොමද එහෙම වෙන්නෙ...මගේ didi කියන්නෙ කියුට්ද...මගේ මුළු ඇගම ඒ හැගීම එක පාර ගල් කරා..
නෑ . ඒ දෙන්නා දෙන්නෙක් .. මොකද ඒ ඇල්බමි එක පුරාවට කියුට් පොඩි කාලෙ ඉදන් ලොකු වෙන photos වලින් පිරිලා තිබුනා...එයාගේ ඇස් පේනවා...
කියුට් කියන්නෙ මගේ didi නෙමෙයි නම් ඇයි එයාල අතරෙ මෙච්චර සමානකමක් මට දැනෙන්නෙ..
එක වෙන්න පුලුවන්ද...එයාලා twinsලා... birthdays පවා එකම දවසක...
" zhan ඉපදුනෙත් මෙහෙද මමා..."
" ආහ් නෑනෙ...ඒ දවස්වල එයාගේ පපායි මමයි හිටියෙ south korea වල.. zhan ගෙ පපා නැති උන නිසයි මම මෙහේට ආවේ..."
" මොකකද් මමා zhan ගෙ පපාට උනේ..."
" තාමත් වෙච්ච දෙයක් දන්නෙ නෑ පුතේ... එයා ආය නොඑන්නම ගියා කියලා විතරයි දන්නෙ..."
" ඒ කිව්වෙ...."
" ඒක දිග කතාවක්...zhan වත් දන්නෙ නෑ ඒ දේවල්...අතීතයට යන්න දෙන එක තමයි හොඳම දේ...මට මගේ පුතාවත් නැති කරගන්න බෑ..."
" පපා නැති වෙද්දි zhan ගොඩක් පොඩිද මමා..."
" අවුරුදු හතරක් වගේ පුතේ...එයාගේ පපා lawyer කෙනෙක්...accident එකකින් නැති උනා කියලයි හිතුවෙ ... ඒත් ..... එයා මැරෙද්දි භාරගෙන හිටපු case එක ඊලගට භාරගත්ත කෙනාගෙත් මුළු පවුලම ගින්නකට අහු වෙලා නැති වෙලා තිබනා..."
කියුට්ගෙ මමා ලොකු හුස්මකින් පපුව පුරවන් කතාව ඉවර කරද්දි ඒ අන්තම වචන ටිකට මගේ ඇගට දැනුනෙ අකුණු සැරයක් ගානට..
මේක හරියට පැටලුනු නූල් බෝලයක් වගේ...අගක් මුලක් නොතේරුනත් මොකක්දෝ මම නොදන්න දෙයක් එතන හැංගිලා තියනවා...මගේ හිතේ පැත්තක් කියද්දි කියුට් මගේ didi නෙමෙයි කියලා...හිතේ අනික් පැත්ත ඒක එහෙහමමය් කියලා කෑ ගහනවා...
අන්තිමට ඇල්බම් එක බලලා ඉවර කරද්දි මං තීරනයක් අරගත්තා...මම ආයම korea යනවා...මේකෙ අගක් මුලක් හොයාගන්න...
පුටු ඇන්දට බර වෙලා නිදන් හටපු කියුට්වත් ගෙනත් ඇදෙන් තියපු මම ඒ ඇස් පියන් හිටප මූන දිහා බලන් හිතුවෙ එකම එක දෙයයි...
ඔයා මගේ didi වෙන්න එපා කියුට්...මොකද මගේ හිතේ දැනටමත් ඔයා වෙනුවෙන් ඉඩක් වෙන් වෙලා ඉවරයි...මගේ didi කියන තැනටත් එහා තැනක...
________________________________________________
💎 දැන්නම් මටත් මේක නූල් බෝලයක් වගේ 🤧සහෝදරයො වgay නේත 🙂💔
💎 කතාවත් එක්ක ඉන්න හැමෝටම ආදරෙයි ... ❤️💚
💎 පුලුවන් වෙලාවට එපියකින් එන්නම් ආයම..
Sohu 💜️
DU LIEST GERADE
ᵣᵢₙG🔔(Yizhan/ongoing 💚❤️🐰🦁)
Sonstigesසැනසීම දැනුනෙ ....... විශ්වාසය පිරුනු බැඳීම් ළඟ..🌙🤍 විශ්වාසය රැකුනෙ........ ආදරේ පිරුනු බැඳීම් ළග......🌵❤️ Start : 22/Aug/10