Zhan's POV
" අයින් වෙනවා..."
පැය ගානක ඉදන් මම දැන් මේ ඔට්ටු වෙනවා..නෑ දවස් හතරක ඉදන්...එයා ගැන හරියට නොදැනත් එයාගේ පැත්තෙන් ඉදපු මට මේ මොහොතෙත් එයාගේ පැත්තෙන් ඉන්න බැරිද අහද්දි මට හිතුනා මෙදා පාර එයා මගෙන් දුරස් වෙන එකක් නෑ කියලා..
ඒත් නෑ මට වැරදිලා...එදා රැයෙන් පස්සෙ අද වෙනකම්..ඔව් අද වෙනකම් හරියටම රෑවල් හතරක් එයා ආවෙි නෑ වගේම මටත් දැන් මේක ඇති වෙලා..මට එපා..තවත් බලන් ඉදලා වැඩක් නෑනෙ කොච්චර මට රිදුනත් එයාට ඒකෙන් වැඩක් නෑනෙ...මට දැන් මෙතනින් යන්නයි ඕනි ආයමත් මම ඉදපු මගේ තනි ලෝකෙට..ඔව් මෙච්චර දවසක් එයා හිටියෙ නෑනෙ මාව බලාගන්න..ඉතින් මට පුලුවනි මාව බලාගන්න..තීරනයක් ගත්තත් මෙතනින් යන්නමට වඩා හයියක් තිබුනු yibo ගෙ බොඩි ගාර්ඩ්ස්ලා මට ඒකට ඉඩක් දෙන්නෙ නෑ...
"සමාවෙන්න සර්...ඒත් අපිට බොස් කියලා ගියෙ සර්ට මේ ගෙදරින් එලියට යන්න දෙන්න එපා කියලා...."
"ඇත්තට ....මොන අයිතියක්ද ඒ...මොකද තමුසෙලා බයද මෙතනින් එලියට ගිහින් මාව බලෙන් හිර කරගෙන හිටියා කියලා මං තමුසෙලා ගැන complain කරයි කියලා..."
" සමාවෙන්න සර්..සර්ට හොද වෙනකම් මෙහේ ඉන්න වෙනවා.."
"හරි තමුසෙලාට මට යන්න දෙන්න බැරි yibo නැති නිසානෙ...එහෙමනෙ නේ..මේවා එයාගේ නීතිනේ....එයාට ඉන්න තැනකින් මෙහේට එන්න කියනවා...නෑ නෑ..එයාගේ වැඩ කරන ෆෝන් නම්බර් එකක් මට දෙනවා...මමම විසදගන්නම් මේක..."
හොදින් බැරි නම් නරකින් යනවම තමා මම අද...ඒ අරමුන විතරක් හිතේ තියාගෙනයි මම කෑ ගහලා මම වෙනුවෙන් සටන් කරන්න ගත්තෙ...ඒ වගේම අන්තිමට yiboගෙ වැඩ කරන නම්බර් එකක් හොයන්න මම මගේ ඉස්සරහා ඉදපු බොඩි ගාර්ඩ්ගේ ෆෝන් එකත් මගේ අතට උදුරගත්තා..
" සර්...."
මම ෆෝන් එක අතට ගත්තු ගමන් කොල් එකක් එද්දි ඒ මනුස්සයා ෆොන් එක ගන්න ගියත් මම ඊට කලින් ඉස්සර වෙලා ඒක ආන්ස්වර් කරන් මම කනේ තියාගත්තා..
" yibo බොස්ට වෙඩි වැදුනා .... පොඩි සර්ව ....."
කනේ තියාගත්තු මට නිතරම යීබෝගෙ පස්සෙන් ඉන්න ගාර්ඩ් ගෙ සද්දෙ එක්කම හීනෙකින්වත් අහන්න නොලැබුනු දෙයක් අහන්න ලැබුනා වගේම ඒ එක්කම මාව සීතල වෙලා ගල් උනා ...මගේ පියවි සිහිය මගෙන් ඈතට යනවා වගේ දැනෙද්දි මට ඕනි උනේ එකම දෙයයි..එයා මේ ලෝකෙ තවදුරටත් නැත්තම්, මටත් ආයම ඇස් අරින්න ලැබෙන්න එපා...
ESTÁS LEYENDO
ᵣᵢₙG🔔(Yizhan/ongoing 💚❤️🐰🦁)
De Todoසැනසීම දැනුනෙ ....... විශ්වාසය පිරුනු බැඳීම් ළඟ..🌙🤍 විශ්වාසය රැකුනෙ........ ආදරේ පිරුනු බැඳීම් ළග......🌵❤️ Start : 22/Aug/10