15 💎

240 70 10
                                    

Yibo ' s POV 💚

මම hospital එකෙන් discharge කරාට පස්සෙ යන්න තැනක් හිතාගන්න බැරුව හිටියෙ...

අන්තිමට හරියට අවමඟුලක්වත් නොකෙරුනු මගේ පවුලෙ අයව දකින්න මම අපේ ගෙදරට ගියා...එතන ගෙදරක් තියෙන්න බෑ..අළු ගොඩක් තමයි...ඒත් තාමත් මට ඒ මගේ පවුලෙ අය ජීවත් උන තැන...

ඒත් එතනට ගිහින් බලපු මම දැක්කෙ අළු උන ගෙදරක් නෙමේ උස building එකක්.... එතන දැනටමත් වෙන කෙනෙක්ගෙ වෙලා..ඒ කොහොමද දන් නෑ...ඒත් ඒ මනුස්සයා අ⁣තේ නීත්‍යානුකූලවම ඒ ඉඩම උගේ කියන්න සාක්ෂි තිබුනා....

මම ආවොත් contact කරගන්න කියලා number එකක් ඒ මනුස්සයට කවුදෝ දීලා ගිහින් තිබුනා..කවුද කියලා නොදන්න නිසාම කතා නොකර ඉන්නත් හදලා යටි හිත කතා කරන්නම කියලා බල කරපු නිසා අන්තිමට මම call එක ගත්තෙ...

ඒ lawyer කෙනෙක් ...මගේ පපාගේ යාළුවෙක් කියලයි කිවුවෙ...

ඒ uncle මං කීයටවත් බලා⁣පොරොත්තු නොවුන දෙයක් මට දුන්නා...ඒ මගේ පපාගෙ අත් අකුර්න්ම ලියපු letter එකක්..

පපාට මොනා හරි උනොත් අපි හැමෝටම chine වලට යන්න කියලයි පපා කියලා තිබුනෙ.... මට විතරක් නෙමේ...මමාටයි,mei meiටයි didiටයිත් පපා passport හදලා තිබුනා...පපා chine වල කෙනෙක් ...ඒ නිසාම අපි හැමෝටම එහෙත් citizenship එක තිබුනා...මමා south korean කෙනෙක් නිසායි එයාලා මෙහේ ජීවත් උනේ...පපාට මෙහෙම letter එකක් ලියන්න තරම් හේතුවක් ...මෙච්චර දෙයක් plan කරන්න තරම් හේතුවක් මට හිතාගන්න බැරි උනා..

"පුදුම වෙන්න එපා yibo ... ඔයාගේ පපා ව්තරක් නෙමෙයි ...මමත් ඔය විදිහටම letters ලියලා මගේ family එකේ අයට මම නැති ලෝකෙක උනත් ජීවත් වෙන්න පුලුවන් තත්ත්වයක් හදලයි තියෙන්නෙ...අපි lawyers ලා... කවුරු කොහොම කිවුවත් අපරාදකා⁣රයොත් එක්ක ගනුදෙනු කරන අපේ ජීවිත තියෙන්නෙ අනතුරක ...ඔයාගේ පපා කරෙත් ඒ දේමයි..."

ඒ uncle කියන් යද්දි මගේ කුතුහලේ නැති උනත් පපා letter එක ලියපු date එක දැක්කම ආයමත් මම පුදුම උනා...ඒ හරියටම christmas එකට දවස් පහකට කලින්.පපා ගේ service එක දැන් අවුරුදු 10කටත් වැඩි ....එහෙම එකේ හදිස්සියෙම...ඒකත් ඊට දවස් පහකට කලින්... පපා ඇයි මෙහෙම දෙයක් කරන්න ඇත්තෙ ..ඒක අහඹුවක්ද...නැත්තම් වෙන දෙයක්ද...මට ඒක හොයාගන්න ඕනි උනා ... මොකද ඒක හොයාගන්නකම් මගේ හිතට සැනසිල්ලක් නෑ...මගේ හිත කියන්නෙම මගේ පවුලෙ අයට ඒ දේ උනේ නෑ...කවුරු හරි ඒ දේ කරා කියලා...

උන දේ මොකක් උනත් ඒක හොයාගන්නවා මම ...මම මැරෙන්න මොහොතකට කලින් හරි...ඒත් ඒ මේ විදිහට නෙමෙයි...ළමයෙක් කියන දෙයක් කවුද පිලිගන්නෙ ..අනික මානසික ලෙඩෙක් වෙලා හිටපු කිසිම බලයක් නැති අනාථයෙක් මම...

ඒ නිසයි මම මීට හරියටම අවුරුදු තුනකට කලින් chine වලට එන්නෙ...

පපා තියලා ගියපු සල්ලි වලින් මට මෙහේ මසෙයක් ජීවත් වෙන්න පුලුවන් උනා...එතනින් එහාට මම parttime job කරන ගමන් ඉගෙනගන්න පටන් ගත්තෙ... මුලින් ටිකක් අමාරු උනත් පස්සෙ දේවල් ලේසි උනා...

එදා ඒ වෙචිච අනතුර නිසා මගේ මොලේ කරපු operation එකෙන් පස්සෙ මට දුර්වලතාවයක් වගේම ... දක්ෂතාවයක් ලැබිලා තිබුනා...

මට ඕනි මොනාද ඒ දේ අකුරට මතක තියා ගන්න පුලුවන් උනා...හරියටම කිවුවොත් මගේ වයසෙ වෙන කිසිම කෙනෙක්ට තියෙන්න බැරි IQ මට්ටමක් මට ලැබුනා...ඒක වාසනාව කියමු.

අනික් දේ මට පුලුවන් මිනිස්සුන්ට අහන්න බැරි පරාසයක තියක පුංචි සද්ද වලට ඇහුම්කන් දෙන්න...ඒක නම් වදයක්... ඒත් එදා cute ,Lin එක්ක ground එකේ කතා කරපුවා හොරෙන් අහන් ඉන්න පුලවන් උන වෙලාවෙනම් මට හිතුනා අනික් අයට අහන්න බැරි දේවල් අහන්න පුලුවන් වෙන එකෙත් වැරැද්දක් නෑ කියලා....

දුර්වලතාව නම් දැනටමත් කියුට් වගේම ඔයාලත් දන්නවා.. මාව බයගුල්ලෙක් කරන sounds ටිකක් තියනවා මේ ලෝකෙ...ඒවා මාව ආයම අතීතෙට ගෙනියනවා...

__________________________________________________

Sohu 💜️

520 all ❤️💚

Boring එපියක් 😪 ලියපු මටත් ඈනුම් සීයක් විතර ගියා...recheck කරෙත් නෑ...🥱

මං ටික දවසකට අතුරුදහන් වෙයි... හේ හේ..අතුරුදහන් වෙන්න කලින් මේක ඉවර කරන්න බලනවා..🤭




 ᵣᵢₙG🔔(Yizhan/ongoing 💚❤️🐰🦁)Unde poveștirile trăiesc. Descoperă acum