02 💎

306 68 13
                                    


Zhan's POV ❤️

මම washroom ගිහින් එද්දිවත් එයා room එකට ආයම ඇවිත් තිබුනෙ නෑ...

හෙමින් ready වෙලා school යන්න ලෑස්ති උනු මම ඒ වෙනකන්වත් yibo නොආව නිසා door එකත් lock කරන් මගේ key එක bag එකට දා ගත්තා...

අපි හිටියෙ 99 වෙනි room එකේ... මේ building එකේ 4th floor එක නිසාම පඩිපෙලකින් යන එක ලොකු මහන්සියක් උනත් Lift එක ළඟ දැනටමත් ඉන්න ළමයි ගොඩ දැක්කහම school පටන් ගන්න වෙලාවත් තව ඉතිරි වෙලා තියන නිසාම මම හිමින් හිමින් පඩිපෙල බැහැගෙන ආවේ වීදුරු වලින් පේන වට පිටාවත් බල බල..

School එක වගේම hostle එකත් වට වෙලා තිබුන කොල පාට පරිසරේකින්...town එක මැදම උනත් ඒ පරිසරය හිතට ගෙනාවෙ ලොකු නිදහසක්...

Lift එකෙන් යන්න කැමති ළමයි ගොඩක් ඉන්න නිසාම පඩිපෙල use කරපු ළමයි නැති තරම්...පඩිපෙලේ එක තැනක boysලා couple එකක් විතරමයි අතරමගදි මට හම්බුනේ...

නොහිතපු විදිහට පඩිපෙල දිගේ එන මාව දැක්කම එයාලා ටිකක් අමුතු විදිහට බැලුව නිසා පොඩි අපහසුතාවයක් මට දැනුනත් ඒක නොපෙන්නාම බිම බලගෙන මම ආවේ එයාලාව නොදැක්ක ගානට...

3rd floor එකයි 2nd floor එකයි අතර පඩිපෙල නගිද්දි ආයමත් මට ඒ පුරුදු ඇස් දෙක මුන ගැහුනා

දැන් නම් ඒ ඇස් වල කේන්තියක් නෑ... දැන් තමයි එයාව හරියටම දැක්කෙ..

එයාව දැකපු ගමන් මම විතරක් නෙමෙයි එයත් එකම තැන නතර උනා..ඒත් තත්ත්පර ගානයි.
මගේ දිහා බලන් හිටපු එයා මගෙන් ඇස් බිමට හරවන් පඩිපෙල නැගන් ගියෙ මාව නොදන්න ගානට වෙද්දි මම එක තැන නතර වෙලාම එයා මාව පහු කරගෙන යද්දිත් එයා දිහාම බලන් හිටියා...

එයා ළගින් ආවේ සිගරට් ගඳක් ... එයා ඒවට addict වෙලා ඇති... මම ආයමත් පඩිපෙල බැස්සෙ එහෙම හිත හිත..

School එකේ මගේ class එක හොයාගෙන මට අයිති වෙලා තිබුන desk එකට ගිය මම එතන වාඩි උනේ මගේ අනික් පැත්තෙන් ඉන්න කෙනා කවුද කියලා නොබලා..

ඒත් ඒ boy මගේ දිහාම බලන් හිටියා කියලා මට තේරුනා..

"හායි මම Cheng Lin "

"ම්..හායි මම Xiao Zhan"

ඒ boy මම වාඩිවෙනවත් එක්කම එයාගේ අත දික් කරද්දි එයාගේ අත නොඅල්ලාම හිනා වෙලා කියලා මම ආයමත් මූන ඔබා ගත්තෙ.desk එකට...

 ᵣᵢₙG🔔(Yizhan/ongoing 💚❤️🐰🦁)Donde viven las historias. Descúbrelo ahora