Yibo's POV 💚
අපේ ජීවිත වෙනුවෙන් අපි කොයි තරම් plans තියන් හිටියත් අපේ කතා ලියවෙන්නෙ කීයටවත් අපට ඕනි විදිහට නෙමෙයි... ඒක තමයි ඇත්ත...හිතන්නෙ එකක් වෙන්නෙ තව දෙයක්...අන්න එතකොටයි මිනිස්සු අඩියටම වැටෙන්නෙ...උන දේ තමන්ට දරන්න බැරි තරම් උනාම මිනිස්සු ඇතුලතින් මැරෙනවා.... දරාගන්න පුලුවන් තරමට බලාපොරොත්තු පොදි බදින්න කියලා කතාවටත් කියන්නෙ ඒකයි... ඒත් මිනිස් හිතක් කොහොමද සීමා මායිම් දාගෙන බලාපොරොත්තු එකතු කරන්නෙ .... අපි ජීවත් වෙන්නෙම බලාපොරොත්තු නිසා වෙද්දි අපිට බෑ අපි මවන බලාපොරොත්තු වලට සීමා මායිම් දාගන්න ... ඒ නිසයි බලාපොරොත්තු බිද වැටිම වේදනාවක් කියලා දැන දැනම අපි සීමා මායිම් නොතකා බලාපොරොත්තු පොදි බදිනවා ඇත්තෙ...
මගේ ජීවිතෙත් බලාපොරොත්තු සිය දහස් ගනනක් තිබුන එකක් උනත් එක නිමේෂයකදි මගේ හීන මාලිගා සේරම ගින්නකට අහු වෙලා අළු වෙන්නෙ මාව පිස්සෙක් කරන්...
අනතිමට ජීවත් වෙන්න ... ජීවිතේ ආයම අල්ලගන්න මට ඉතිරි උන එකම බලාපොරොත්තු උනේ මගේ පවුලෙ අයට එදා ඇත්තටම උන දේ හොයාගන්න එක උනත් ඒ බලාපොරොත්තුවට බැරි උනා මාව ජීවත් කරවන්න... මම ඒ බලාපොරොත්තුව වෙනුවෙන් ඔහේ දවස් ගෙව්ව එක විතරයි උනේ...
එහෙම හුස්ම වැටුන මගේ ජීවිතේට ආයමත් පුංචි එලියක් වැටීගෙන ආවේ එයා නිසා... අන්තිමටම ආයමත් මට හදවතින් හිනා වෙන්න පුලුවන් උනා එයා නිසා... ඒ හිතට නොදැනුනාට...ඒ ඇස් දිහා බලන් නොකිව්වුට..නොසෑහෙනට මම මටම කී පාරක් නම් පොරොන්දු වෙලා ඇත්ද...මැරුනත් ඔයාව නම් නැති කරගන්නෙ නෑමයි මම කියලා...මොකද ඔයා නොදැන හිටියට ඔයා විතරමයි කියුට් මටයි කියලා මේ මුළු ලෝකෙම හිටියෙ... ලේ බැදීමක් නැති බැදීමට යාළුකම කියලා උඩින් නම දාන් හිත යටින් නොසෑහෙන්න මම මගේ කියුට්ට ආදරේ කරා... හිතුවෙ නැති උනත් බලාපොරොත්තු නොවුනත් ඒ හදවතත් මගේ නමටම විතරක් වෙන් වෙලා ගැහෙනවා කියලා දැනගනිද්දි මේ පිරිමි පපුවට දැනුන සතුට වචනෙන් කියන්න බෑ සත්තයි...
ඒත් හීනෙකින්වත් ඈත් නොකර මගේම කරගන්න හිටපු ඔයා මගේම සහෝදරයා වෙද්දි ... සත්තයි මට මොහොතකට හිතුනා ඒක ඔයාට නොකියම ඒක දැන දැනත් ඔයාව මගේම කරගන්න...ඒත් බෑ හිත කෑ ගහලා එහෙම කියෙව්වත් මගේ didiගෙ පෙනුමම තිබුන ඔයාට ඔයා මගේ සහෝදරයෙක් කියන එක අමතක කරන් මම කොහොම ලං වෙන්නද...

YOU ARE READING
ᵣᵢₙG🔔(Yizhan/ongoing 💚❤️🐰🦁)
Randomසැනසීම දැනුනෙ ....... විශ්වාසය පිරුනු බැඳීම් ළඟ..🌙🤍 විශ්වාසය රැකුනෙ........ ආදරේ පිරුනු බැඳීම් ළග......🌵❤️ Start : 22/Aug/10