3. After all this time, I'm still into you

496 109 144
                                    


" කරුණාකර අසුන් ගන්න" සෝල් දිස්ත්‍රික්ක අධිකරණයට අද අලුත් දවසක්.

" ප්‍රොසෙකියුටර් චෝයි හියුන් ශික් පැමිණ සිටිනවාද!

" එහෙමයි "

ඔහ්....චෝයි හියුන්. මිනිහා පුදුම වදයක්. ඩිෆෙන්ස් කවුන්සලට චෝයි හියුන් කියන්නෙ නයාට අදුකොල වගේ. එච්චර ලව් හිතෙනවා... ඒකමයි එයා හොද ප්‍රොසෙකියුටර් කෙනෙක් වෙන්නෙත්.

ජන්ග්කුක්ගේ නහයින් කටින් දාඩිය ගලන්න පටන් ගත්තා. එයා වටපිට බැලුවේ එයාගේ සිනියර් කොහෙද කියලා හොයා ගන්න. ඒ එයාලගේ නඩුව වගේම ජන්ග්කුක් ඉන්නේ ඩිෆෙන්ස් කවුසලර්ගේ ජුනියර් ලෝයර් විදිහට උසාවියේ පැත්තක ඉදගෙන...

" නිතීඥ පාර්ක් ජිමින් පැමිණ සිටිනවා ද "

එයාට කියන්න තියෙන්නේ නඩු විභාගයට සුදානම් ස්වාමීනී කියලා විතරයි . ඒත් කොල්ල⁣ට ඒ ටික කියාගන්නවත් පනක් නෑ. ජන්ග්කුක් හිටියේ හොදටම බය වෙලා. එයාට දැනුනේ එයාගේ දිව ඇග ඇතුලෙන් උගුරට ඇලිලා වගේ.

කොල්ලට දැනුනා තමන්ගෙ කන රත්වෙනවා කියලා. ඒක එච්චරටම පිස්සු හැගීමක්. මේ එයාගේ පලවෙනිම වතාව... එයාගෙ යක්ස සිනීයර් ලෝයර් කොල්ලා දිවුරුම් දෙනකම් බලන් හිටියා වගේ එයාව උසාවියට තල්ලු කරලා දැම්මා තමන් එනකම් කේස් එකට ලෑස්ති වෙන්න කියලා. ජන්ග්කුක්ගේ ජිවිතේ පහුගිය මාස හය කියන්නේ ජීවිතේකට එයාට අමතක නොවෙන කාලයක්. එයා හිටියේ කොයි වෙලාවේ මේ මනුස්සයාගෙන් ගැලවිලා යනවද කියලා බලාගෙන උනත් එයාට කවදාවත් තමන්ගෙ දුශ්ඨ සිනීයර් ගැන තියන ක්‍රශ් එක නැති කරගන්න බැරි උනා. ජන්ග්කුක්ගේ පපා එයාගේ නාහෙන් ඇඩීම අහන් ඉන්න බැරිම තැන තමයි Apprenticeship එකට ලෝයර් පාර්ක්ගේ චේම්බර් එකට ජන්ග්කුක්ව රිංගුවේ. පාර්ක් කියන්නෙ ක්‍රිමිනල් ලෝයර් කෙනෙක්. ඩිෆෙන්ස් ලෝයර් කෙනෙක් හැටියට එයා පුදුම දක්සයි සහා යක්සයි කියලා නොදන්න කෙනෙක් හිටියේ නැ. එයා චුට්ටන් පාටට පෙනුනු විච් කෙනෙක්. ජන්ග්කුක් එයාව ක්‍රශ් කරේ ලෝ කොලේජ් යන්න පටන් ගත්ත මුල් අවුරුද්දේ ඉදලා. හරිම අහම්බෙන් එයාගේ විසිටින් ලෙක්චර් එකකට ඉද ගත්ත දවසෙ ඉදන්. ඒ පර්සනැලිටි එක එක්තරා උමතුවක් වගේ.

wINd fRoM ThE wESt  하늬바람 | Jikook Kookmin |Where stories live. Discover now