"Good afternoon passengers. This is the pre-boarding announcement for flight 76B to South korea . We are now inviting those passengers with small children, and any passengers requiring special assistance, to begin boarding at this time. Please have your boarding pass and identification ready. Regular boarding will begin in approximately ten minutes time. Thank you."
" උබව අපට මිස් වෙන්නයි යන්නේ ජන්ග්කුකා.... "
ජැක්ස් මාව හග් කරන ගමන් කිව්වා. නියෝ සාමාන්‍ය හිනාවකින් මගේ පිටට තට්ටුවක් දැම්මා... දේවී හිටියේ අඩන්න ඔන්න මෙන්න...මම චුට්ටක් එයාව තුරුළු කරගත්තේ එයාව මට මිස් වෙන එක කොච්චර අමාරුයි ද කියලා දැන දැනම..
" දේවී ..... ඔයා මේ යකත් එක්ක මරාගන්න යන්නෙ නැතුව ආදරෙන් ඉන්නවා කියලා පොරොන්දු වෙන්න. ඔය දෙන්නගේ රණ්ඩු නවත්තන්න දැන් රූම් මේට් කෙනෙක් නැහැ " මම කිව්වේ දේවී කදුළු පුරවගෙන නියෝට රවනකොට
එයාලා අවුරුදු හතරක් පුරාවට හොදම යාළුවෝ වෙලා හිටියා. දැන් එයාලා පෙම්වතුන්.. එකිනෙකට බොහෝ මිනිස්සු දෙන්නෙක් ආදරෙන් බැදෙන හැටි මට හරි පුදුමයි. දේවී ඉන්දියානු යුවතියක්. එයාගේ ආච්චම්මා ඇතුළු විශාල සමාජිකයන ගනනාවක් හිටපු මුළු පවුලම ජීවිත් උනේ ඉන්දියාවේ . දේවී එයාගෙ මමයි පපයි එක්ක එංගලන්තයේ පදිංචියට ඇවිත් තිබුනෙ එයාට වයස අවුරුදු දාසයේදි වගේ. ඒ නිසාද මන්දා දේවීගේ ගති පැවතුම් සිරිත් විරිත් එක්ක හින්දු සංස්කෘතිය බැදිලා තිබුනා. ඒත් එයා හරිම දගයි. එයා කොච්චර හුරුබුහුටි කපටියෙක්ද කියනවනම් එයාට ඕනෙ දේ කරගන්න එයා හොදට නූල් සුත්තර දන්නවා .
එයාට ලස්සන දුබුරු හමක් තිබුනු හරිම කටකාර කෙල්ලෙක්. දේවී මගේ රූම් මේට් වෙච්ච දවසේ ඉදන් මගේ ජීවිතේ ගෙවුනෙම එයාගේ හිතුවත්කාර වැඩ වල අතුරු ප්‍රතිඵල වලින් එයාව ගලවගන්න ගිහින්.
දේවීගේ හැසිරීම මට හැම වෙලේම කෙනෙක්ව මතක් කරා. සමහර විට දේවි මගේ හොදම යාළුවා වෙන්න ඒකත් ලොකු හේතුවක් වෙන්න ඇති....
" ඔයා ආය කවද්ද එංග්ලන්ඩ් එන්නේ කියන්න "දේවි අන්තිම වතාවට මගේ කම්මුලට උණුසුම් හාද්දක් තැවරුවා.
" මම දන්නෑ. ඒත් මම පොරොන්දු වෙනවා ආයේම මම එනවා කියලා . මමා මං එනකම් බලන් ඉන්නවා. පපාව බලලා මම ආපහු පුළුවන් ඉක්මනට මෙහෙ එනවා " මම පොරොන්දු උනා.
ŞİMDİ OKUDUĞUN
wINd fRoM ThE wESt 하늬바람 | Jikook Kookmin |
Hayran KurguShort Stories Collection ජන් ජන්ට ආදරේ අපි හැමෝටම 🌸 පුංචි උපන්දින තෑග්ගක්