CAN'T TAKE MY EYES OFF YOU - Part II

342 110 63
                                    

දැන් උදේ අට හමාරට ලගයි. එයා එන නිසා මම අද ඔෆිස් වැඩ ඔක්කොම පැත්තකට දැම්මා. යුන්ගි හොදටම අඩනවා. මට තෙරෙන්නැ එයාට හරියටම ඕනෙ මොනවද කියලා . ⁣මැන්ශන් එකේ ප්‍රධාන පාලිකාව මිස් සෙන් අන්තිමේ බලෙන්ම යුන්ගිව මගෙ අත් වලින් උදුරගෙන කොහොමහරි නලවගත්තා.

ටේයොන්ග්ට කරදර කරන්නත් බෑ. නම්ජුන් හියොන්ග් ඉන්නේ වැඩ වල හිරවෙලා. චුටී බබෙක්ව තේරුම් ගන්න හරිම අමාරුයි.

යුන්ගියේ බඩ චුට්ටක් පිම්බිලා වගේ. මිස් සෙන් නම් කිව්වේ ටික වෙලාවකින් ඒක හරියයි කියලා....

මම ටේහිය්‍යුන්ට කතා කරලා ගෙදර එන්න කිව්වා. බබාව බලාගන්න හරිනම් අලුත් කෙනා දැන් මෙතන ඉන්න ඕනේ. ඒත් ඒ ගැන කිසිම ආරංචියක් නැ. මට පුදුම තරහයි.... ගොඩාක්ම යුන්ගි අපහසුවෙන් ඉන්නේ... මම වැරැදි තීරණයක් ගත්තද ?

ඔව්.... ඒක තමයි... එයාට කිසිම වගකිමක් නැ මගෙ දරුවා ගැන.

මම අඩුම එයා කවුද කියලා හොයන්නවත් මහන්සි උනේ නෑ. එයාව සම්පුර්ණයෙන්ම යුන්ගිව බලා ගන්න හොදම කෙනා වගෙ පෙනුනා. කරුණාවන්ත හුරුබුහුටි ලස්සන පෙනුමක් එක්ක හරිම සෘජු පෞර්ශයට මම කැමති උනා.. එයාගෙ හිනාව පවා...

මම යුන්ගි නිදාගත්තට පස්සෙ එයාව ඇද උඩින් තිබ්බා... යුන්ගි කට උල් කරගෙන එහෙ මෙහෙ පෙරලිලා ආයෙම අඩන්න පටන් ගත්තා...

මම ආයෙ එයාව මගෙ අත් වලට අර ගත්තා.... ඊට පස්සෙ කාමරේ එහෙ මෙහෙ ඇවිදින්න පටන් ගත්තේ එයත් එහෙම කරා කියලා මතක් වෙලා

මගේ බබාට ඇත්තටම ඕනෙ දේවල් මට තෙරෙන්නැ . එයා ඉක්මනට ලොකු වෙනවනම්...... මට එයාට හොද පපා කෙනෙක් වෙන්න පුළුවන්... එතකොට එයාගේ මමා ?..... යුන්ගි ඒ ගැන දුක් වෙයි ද ? මට බැරි වෙයි ද එයාව බලාගන්න... එයාට මගේ ආදරේ මදි වෙයි ද...

•••••••••••••••••••••••••••••••••••••••••••••••••••••

" යාහ් පාර්ක් ජිමින් .... තමුන් මොකද මෙතන කරන්නේ "

ජිමින්ට ඇහුනේ කවුරු හරි කෙනෙක් හොදටම කෑ ගහන සද්දේ...

එයා වේගයෙන් ජිමින් දිහාට ඇවිදගෙන ආවා..

" නම්ජුන් .... මිස්ටර් නම්ජුන් ..... මම උදේ හයහමාරේ ඉදන් මෙතන... ඒත්... කවුරුත් මාව රෙස්පොන්ඩ් කරන්නේ නෑ.... "

wINd fRoM ThE wESt  하늬바람 | Jikook Kookmin |Wo Geschichten leben. Entdecke jetzt