5. Be stuck by your electric love - Part 1

382 107 73
                                    


නැගිටිනවා කම්මැලි පාර්ක් ජිමින්. අද විතරයි තමුන්ට නිදා ගන්න තියෙන එකම දවස. යුන්ගි හියොන්ග් වචනයක්වත් නොකියා පිටවෙලා යනකම්ම මම ඇස් තද කරලා පියාගෙන හිටියේ තිබ්බ කම්මැලි කමටමයි. හෙට ඉදලා ආයේම අර මොට්ට කම්පැනි එකේ වැඩට යන්න ඕනේ කියලා මතක් උනාම මට පිස්සු හැදෙනවා. යුන්ගි  හියොන්ග්ට මට වෙන රස්සාවක් හොයලා දෙන්නම බැරි උනා ද

" ආයිශ්..... මට බෑ ඔම්මා.... මට බෑ "

වොශින් මැශින් එකේ රෙදි කැරකෙන සද්දෙත් එක්ක හෙට දවස ගැන අදම හිතන තරම් වැඩක් කරන්න මම කම්මැලියි. ඒත් ජීවත් වෙන්න නම් මොකක්ම හරි දෙයක් කරන්න වෙනවා.

එයාට.... ඒ පාර්ක් ජිමින් . එයාට තිබුනේ දම්පාට ලස්සන අගින් කැරලි ගැහුනු කොණ්ඩයකුයි පුංචි ඉනකුයි. ජිමින් හුරුබුහුටියි. එයාට එයා ගැන තනියම බලාගන්න පුළුවන් ද කියලා හිතාගන්න බැරි තරම් එයා හුරතල් පාටයි. ජිමින්ගෙ පවුලේ උදවිය හිටියේ සෝල් වලින් බොහෝ දුරක. එයාගේ ඔම්මටත් අප්පටත් ජිමින් ගැන බලන්න හොයන්න වෙලාවක් තිබ්⁣බේ නැත්තේ එයාලට ජිමින්ට වඩා බාගයකටත් වඩා බාල පුංචි සහෝදර සහෝදරියන් තුන්දෙනෙක් ගැනම බලාගන්න වෙච්ච නිසා. ජිමින් ඉපදුනාට පස්සෙ ජිමින්ගෙ දෙමාපියන්ට ආයේ දරුවෝ ලැබුනෙ නැ. ඒත් ජිමින්ට වයස දා හතක් වෙනකොට ජිමින්ගෙ ඔම්මා ගැබ් ගන්නේ හිතාගන්නවත් බැරි වෙලාවක කොහෙත්ම බලාපොරොත්තු නොවුනු විදිහට. දැන් ජිමින්ට වයස අවුරුදු විසි තුනයි. එයා වයස අවුරුදු හයක් වෙච්ච චුට්ටන් ලස්සන නිවුන් බටු ඇට තුනකගේ වැඩිමහල් සහෝදරයෙක්.

එයාලගේ ජීවිත වෙනස් උනේ එහෙම. ජිමින් උසස් පාසලෙන් ඉවත් උන ගමන් සෝල් ආවා. එයාට ලැබුණු පළවෙනි රැකියාව උනේ රාත්‍රී ආපනශාලාවක වැඩ කරන්න. මාසෙකට පස්සෙ එයා එතනින් ඉවත් උනේ යුන්ගිගේ බල කිරීමට. ජිමින් වගේ හුරුබුහුටි පෙනුමක් තියන ලස්සන පිරිමි ළමයෙක්ට ඒ වගේ රැකියාවක් කරන එක කොහෙත්ම ආරක්ශිත උනේ නැ. යුන්ගි කියන්නේ ජිමින්ගේ පැරණි මිතුරෙකුගේ වැඩිමහල් සහෝදරයා.  සෝල් ආව දවම් වල ඉදන් ජිමින් ගැන හැමදේම බලාගත්තේ එයා.

ඉතින් ජීවිතේ අමාරු දවස් පටන් ගත්තම තමන්ට පුළුවන් විදිහට පුංචි පැටව්  බලාගන්න උපකාර කරන්න එයාට සිද්ධ උනේ එහෙම. මේ අවුරුදු එකහමාරකට ජිමින් රැකියා කිහිපයකට යොමු උනත් එයාට ප්‍රමාණවත් තරම් මුදලක් ලබා ගන්න ඒ එක තැනකදිවත් පුළුවන් උනේ නැහැ.

wINd fRoM ThE wESt  하늬바람 | Jikook Kookmin |Where stories live. Discover now