මං මගේ ජීවිතේට කරපු ලොකුම මෝඩකම මොකක්ද දන්නවද? ඒක තමා මං මගේ ආදරේ හංගපු එක...........
නෙමේ ඇත්ත ආදරේ අදුර ගන්න වෙලා ගිය එක.....
මගේ පලවෙනි ආදරේ අද එයාගෙ ලස්සන මනමාලි එක්ක හිනාවෙවී මගේම යාලුවො එක්ක කතා කරනවා... ඇස් වලට කදුලු උනන්න ඔන්න මෙන්න තියෙද්දී මං එතනින් ආවෙ එයා ඉස්සරහ අඩන්න ඕනෙ නැති නිසා....
එයාගෙ නම park jimin එතකොට මං jeon jungkook සාමාන්‍ය පවුලක ඉපදුනු අපි දෙන්නා මුලින්ම මූණ ගැහෙන්නේ නසරි එකේදී... ඒ කාලෙත් මං හරිම බොලදයි මාව නසරි එකට දාපු වෙලේ ඉදන් හවසට ඔම්මා මාව ගන්න එනකම්ම මං අඩනවා... කොහේ හරි තැනක් හොයාගෙන මං ඔම්ම එනකන් අඩුම ගානේ ඉකියක් හරි ගහනවා එයත් ඒ කාලෙ මාත් එක්ක මුල් දවස් වල ඇඩුවා පස්සේ එයා අඩන එක නැවැත්තුවා මං නසරි එකෙන් අයින් වෙනකම්ම ඇඩුවා...
මං ගොඩක් හුරතල් කියලා එතන හිටපු ටීචර්ලා මාව නලවන්න කරපු නැති දෙයක් නෑ... ඒත් මාව නලවන්න පුලුවන් උනේ එකම එක්කෙනෙක්ට විතරයි එයා තමා මගෙ හොදම යාලුවා kim taehyung එයා එක්ක ඉද්දි විතරයි මං හිනා උනේ... අපි දෙන්නා හොදම යාලුවෝ... එතකොට jimin නෑ එය මගේ යාලුවෙක් නෙමේ.... කෝමින් කෝම හරි අපේ ඔම්මයි jimin ගේ ඔම්මයි අපිව නසරි එකෙන් ගන්න එන එකෙන් හොදම යාලුවෝ වෙලා ඇත්තටම ඒ කාලෙ ඒක ගානක් උනේ නැති උනත් ලොකු උනාම තේරුනා එයාල හොදම යාලුවෝ නෑ පවුලෙ කෙනෙක් වගේ තමා ඒ දෙන්න හිටියේ....
ඇත්තටම ජිමින් මායි දෙන්නා නිතරම හම්බුනා... ඒත් මං එයාට පොඩි කාලෙ පොඩ්ඩක්වත් කැමති නෑ මොකද එයාගෙ හොද කිය කිය ඔම්ම මට බනිනවා... ඉතින් මගේ පොඩි කාලෙ ලොකුම හතුර උනේ ජිමින්.... අපේ ගෙදර වගේම අපි ජිමින්ලා ගෙදරත් ගියා එහෙ නැවතිලා දවස් ගනනුත් හිටියා ඒත් මං එයත් එක්ක වචන දහයකට වඩා කතා කරල නෑ... ඇයි කියන්නෙ එයා මගේ හතුරා හතුර එක්ක මොන කතාද?
කෝමින් කෝම හරි ඒ හතුරුකම ආදරේකට පෙරලුනේ කොලේජ් යන කාලේ... හිතුවෙවත් නැති විදිහට එයාවයි මාවයි එකම පන්තියකට වැටුනා හරිම අමුතු හැගීම් වලින් හිත පිරිල යද්දි එයයි මායි ගොඩක් ලං උනා... කතා කරා... අදහස් හුවමාරු කලා... ඒත් ඒක තිබ්බේ ටික කාලයක් අවුරුදු දෙකක් අපි දෙන්නට දෙන්නා නැතුවම බැරි තරමට ලගින් ආශ්‍රය කලා එයා මගේ කෑම එකෙන් කන තරම්.... මගේ වතුර බෝතලෙන් බොන තරම්.... මං ලගින් වාඩි වෙන තරම්.... මට තෑගි දෙන තරම්.... මාව තනි නොකරන තරම්.... ඔව් අපි ඒ තරම් ලං උනා ඒත් අපේ ඒ ලංවීම ගොඩක් අයට දරා ගන්න බැරි උනා මුලු කොලේජ් එකේම කට කතාවක් යැව්වා අපි දෙන්නා ඩේට් කියලා...