එදා ටේත් එක්ක සිද්ධ උන දෙයින් පස්සේ ජන්කුක් දවස් දෙකක් ටේලගේ ගෙදර යන එක නතර කලා. ඇත්තටම එයා එවෙලේ ඒක වින්දත් පස්සේ ටිකක් විතර පසුතැවුනා. ටේ ජන්කුක්ට වඩා වැඩිමහල් උනත් එයාගේ හැසිරීම පොඩි එකෙක් වගේ. ජන්කුක්ගේ හිත ටේ ලගට යන්න ලොකුම හේතුව ඒ හුරතල් බව.
අද ජන්කුක් ආපහු වතාවක් හිත හදාගෙන ටේලගේ ගෙදර යන්න තීරණය කලා. ගොඩක්ම ඕන කලේ එයාට සල්ලි ඉතින් ඒ ජොබ් එකෙන් අයින් වෙන්න ජන්කුක්ට හිත දුන්නේ නෑ. පලවෙනිම දවසේ වගේ ටේගේ ගෙදර ඉස්සරහා ඉදන් බෙල් එක ගැහුව ජන්කුක්ට ඊලග තත්පරේ කවුරුම හරි දොර අරිනවා වගේ ඇහුනා. ජන්කුක්ට ලාවට හිනා ගියත් එයාව ලැජ්ජාවට රතු වෙලා උන්නේ. ජන්කුක් බලාපොරොත්තු උනේ නම් හුරතල් ටේ දොර අරී කියලා උනත් දොර ඇරියේ ජන්කුක්ගේ යුනිවර්සිටි එකේම සීනියර් බැජ් එකේ කවුරුත් දන්න කෙනෙක් උන ජිමින්.
"කවුද?" ජිමින් කවුද කියන්න ජන්කුක් දන්නවා උනත් ජන්කුක් කවුද කියන්න ජිමින් දන්නේ නෑ. ඉතින් එයා ජන්කුක්ගෙන් කවුද කියලා ඇහුවත් ජන්කුක්ගේ මනසේ වැඩ කලේ ජිමින් අහපු ප්රශ්නය නම් නෙමෙයි.
ජිමින් ඇදගෙන උන්නේ කොට කලිසමක් විතරයි ඒකත් හදිස්සියෙන් ඇද ගත්ත එකක් වගේ කොටසක් ඉස්සිලා තිබ්බා. ජිමින්ගි තොල් ඉදිමිලා රතු වෙලා තිබ්බා. හේතුව අමුතුවෙන් පැහැදිලි කරන්න ඕන නෑ ඒම වෙන්නේ තදින් කිස් කරාම. ජිමින්ගේ නිරුවත් උඩුකයේ තැනින් තැනින් රතු පාටින් මාක්ස් තිබ්බත් ඒවා අද ඒව නෙවෙයි. ඊයේ දවසේ වගේ උන පැල්ලම් ඒවා කියලා ජන්කුක් නිගමනය කලා. හැබැයි ජිමින්ගේ උරපතු හරියෙන් පුංචි සීරීම් වගයක් නම් වෙලා තිබ්බා. හරියට එදා ජන්කුක්ගේ පිටේ තිබ්බ වගේ. මේ සේරගෙන්ම ජන්කුක් එක දෙයක් තීරණය කලා. ඒ එයා ඇවිත් තියෙන්නේ වැරදි වෙලාවක.
"ඩැඩී ඉක්මනට එන්නකෝ ප්-ලීස්" ටේගේ කටහඩ ඒ විදිහට ගේ ඇතුලෙන් ඇහෙද්දී ජිමින් වගේම ජන්කුකුත් ගේ ඇතුලට ඔලුව හරවලා බැලුවා. ටේ පේන්න නම් හිටියේ නෑ.
"පොඩ්ඩක් ඉන්න බබා මං එනවා" ජිමින් කෑ ගැහුවා.
" ඔයා කවුද? මොකක්හරි වෙන්න ඕනද? ඉක්මනට කියන්න මොකද මට වැඩ තියෙනවා" ජිමින් කලබලෙන් වගේ ජන්කුක්ගෙන් ඇහුවා. ජන්කුක් මොනවද කියන්න ඕනා කියලා කල්පනා කරනවා.