Brother-in-low |TK|

444 82 53
                                    

ජන්කුක් ගේට් එක ගාවට වෙලා හ්යුන්ජින් එනකං බලාගෙන උන්නා... හ්යුන්ජින් යාලුවෝ ටිකත් එක්ක එනවා දැක්ක ජන්කුක් ඒ අයට අත වැනුවාම හ්යුන්ජින් වගේම එයාගේ යාලුවෝ ටිකත් ජන්කුක්ට අත වනලා එයා ගාවට ගියා...

ගෑණු ලමයි කට්ටියම ගොඩක් කොට සායවල් ඇදගෙන උන්න නිසා එයාලගේ කකුල් ඕනාවටත් වඩා දිගට වගේම ලස්සනට පේන්න තිබුණා... හ්යුන්ජින් වගේම එයාගේ චියර් ග්රූප් එකේ ගර්ල්ස්ලා ඔක්කොම වගේ සුපර් සෙක්සි ඇන්ඩ් බියුටිෆුල්...

"ඔයා අද ඉක්මනට ඇවිත් ජන්කුක් ඔප්පා..."

හ්යුන්ජින් කටපුරා හිනාවෙන ගමන් ජන්කුක්ගේ දකුණු අතේ එල්ලුනා... හැමෝම වගේ සූස් ගාද්දී චියර් ලීඩර් හ්යුන්ජින් වගේම කොලේජ් එකේ හොට්ම, හැන්ඩ්සම්ම බොයිස්ලාගෙන මුල් පහ අතර ඉන්න ජන්කුකුත් ටිකක් විතර ලැජ්ජාවෙන් උන්නේ...

එයාලා තමයි මේ අවුරුද්දේ හොට්ම කපල් එක...

"මං අද practice ඉන්නේ නැතුව ආවා... ඔයා ඊයේ කිව්වා වගේම අද දවස මං ඔයා වෙනුවෙන් වෙන් කලා ඔන්න"

ජන්කුක් හ්යුන්ජින්ගේ අතින් අල්ලගෙන හැමෝම බලාගෙන ඉද්දී ජන්කුක්ගේ සුපර් කා එකේ නැගලා ආවා...

ජන්කුක් හ්යුන්ජින්ව එයාගේ ඩෑඩ්ගේ හොදම මෝල් එකට එක්කගෙන ගිහින් ගොඩක් ලස්සන, වටින බඩු ගොඩක් අරං දුන්නා... ජන්කුක් ගොඩක් හොද බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඒකයිලු ඒ...

"ජන්කුක් ඔප්පා මේක-"

හ්යුන්ජින් ලස්සන නිල් දියමන්ති පෙන්ඩන්ට් එකක් පෙන්නලා කියද්දී ජන්කුක් ඒකත් කිසිම දෙයක් නොකියා අරගෙන දුන්නා...

"ඩිනර් එකත් අරගෙනම යමු මං ඔයාව ගෙදරින් දාන්නම්..."

"හරි ඔප්පා..."

ජන්කුක්ගේ අතේ එල්ලිලාම හ්යුන්ජින් ඊලගට ජන්කුක්ගේ ඩෑඩ්ගේ තරු පහේ රෙස්ටුරන්ට් එකකිනුත් කෑම ගත්තා... ජන්කුක් පවා ගොඩක් සතුටින් හ්යුන්ජින්ට ඒ දේවල් අරගෙන දුන්නේ...

"ජන්කුක් ඔප්පා ඔයා දන්නවද අද තමයි මං කාලෙකට පස්සේ ගොඩක්ම සතුටු උන දවස... ඔයාට කියන්න මේ දවස් ටිකේම මට ඔයාව ගොඩක් මිස් උනා... මං ඊයෙත් ඔයාගෙන් අර විදිහට ඇහුවට හිතුවේ නෑ ඔයා එයි කියලා..."

BOY LOVE STORIES|TK|Where stories live. Discover now