අදත් එදා වගේම පෝය දවසක්.... හරියටම මීට අවුරුදු දෙකකට කලින් මං දැක්කා ඇත්තම දියකිදුරෙක්ව.... එයා මාව බේර ගත්තා.... ඔව් ඒ මීට අවුරුදු දෙකකට කලින් ගැඹුරු මුහුදේ කුණාටු දවසක.....
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.මං මගේ නැවෙන් යාත්රා කර කර හිටියෙ..... bunny කියන මගේ නැවෙන් මං මුහුදට ගොඩ බැස්සෙ මීට සතියකට කලින්.... මං කපිතාන් කෙනෙක් මගීන් නෙවෙයි හැබැයි ප්රවාහනය කලේ මං එක අතකට ලොකු නැවක් හිමි ධීවරයෙක් මගේ රස්සාව තමා මාලු අල්ලන එක.... හැමදාම වගේ අදත් මගේ bunny එක්ක ගැඹුරු මුහුදේ යාත්රා කරේ ධීවරයින් 60 කගේ කපිතාන් වෙමින්.... ඔවුන් මගේම අය දැන් අවුරුදු 4 ක වෙලේ ඉදන් එයාල මාත් එක්ක මගෙ bunny එක්ක මුහුදු ආවා... වෙනදට වඩා අද මුහුද ගොඩක් සැර උනේ එකක් අපි හිටියෙ මුහුදේ ගැඹුරුම තැනක වෙච්ච එක දෙවනි එක මේ කුණාටු කාලය තුන් වෙනි එක අද පෝය දවසක්.... පෝය දවස් වලට මුහුද කැලඹෙනවා ගොඩක් වැඩී.... ඒත් ඒවට අපි මූණ දීල තියෙනවා.... කපිතාන් විදහට මං හැමෝමව ආරක්ෂා කර ගන්න ඕන කුණාටුවෙන් ඈතට යන්න ඕන නිසා මං නැවේ පාලක රෝදය වටයක්ම කැරකුවා.... ඔව් අපි ඒ කුණාටුවෙන් ආවා.... ඒකට හොදින් මූණ දුන්නු නිසා අපි හැමෝම සතුටු වෙමින් හිටියෙ ඒත් එක පාරටම මොකක්ද එකක් bunny ගේ වැදුනා... මං බය උනේ මගේ බනීට තුවාල උනාද කියලා කොච්චර බැලුවත් කිසිම දෙයක් තිබුනෙ නෑ... ලොකු ප්රශ්නයක්.... මොකක්ද බනීගේ වැදුනේ.... ඒ ප්රශ්නේ නිසා මං මගේ කිමිදුම් කට්ටලෙත් අරන් මුහුදට පැන්නෙ වැදුනු පාරට මොකක් හරි ඩැමේජ් එකක් වෙලාද බලන්න.... ඒත් නොහිතපු විදිහට ආපහු අපිව කුණාටුවට අහු උනා ඒ වෙද්දි මං හිටියෙ බනීගෙන් එලියෙ ඔව් මං මහ මුහුදෙ හිටියෙ කුණාටුවෙ සැරට මාව බනීට සම්බන්ධ වෙලා තිබ්බ ලණුව කැඩුනා... මගේ ජීවිතෙ අන්තිම හුස්ම මගෙ බනීගෙ ලග ඉදන්ම ඉවර කරන්න හිටියත් දැන් මට බනීගෙන් ඈත් වෙලා තමා ඒක කරන්න වෙන්නෙ ලොකු රැලි මතින් මාව හතර වතාවක් විතර ගිලුනා පීනන්න වගේම ඇදුම නිසා හැම වෙලේම මට උඩට එන්න පුලුවන් උනා... ඒත් මට බනීව මග ඇරුනා.... මං මහ මුහුදෙ තනියම පාවෙනවා නෑ එක වතාවක ගිලෙනවා ආපහු උඩට එනවා පීනනවා එහෙම හිටියත් එක පාරට මට තේරුනා මගේ ඔක්සිජන් ඉවර වෙනව කියලා.... දැන් ඇදුම ගැලෙව්වෙ නැත්නම් ගිලිල කෙසේ වෙතත් හුස්ම ගන්න බැරුව මං මැරෙනවා.... ආපු රැල්ලත් එක්කම මුහුදෙ යටට ඇදුනු මං වතුර ඇතුලෙදිම මගේ කිමිදුම් ඇදුම ගලෝල දැම්මා... ඒත්.... ඔව් මං ඒ වෙද්දිත් මුහුදෙ ගොඩක් යටට ඇවිත්... මං කොච්චර පීනුවත් සේරම කලුවර උනා මිස මාව වතුරෙන් උඩට ආවෙ නෑ......