පුර හද පායන දවස් වලට මං වගේ දියකිදුරන්ට අවසර ලැබෙනවා සීමා කරල තියෙන මුහුදෙන් ටිකක් එහාට යන්න... හරියටම කිව්වොත් අපිට ගැඹුරු මුහුදට යන්න අවසර ලැබෙනවා... අදත් ඒ වගේ දවසක් මං මගේ යාලුවා ජිමින් එක්ක ගැඹුරු මුහුදේ පීනන්න ගියා... රෑට වතුර සීතල උනත් ඇගට අමුතුම ගතියක් එන නිසාත්, හදේ එලිය මුහුදට වැටිලා ලස්සනට පේන නිසත් අපි රෑ මුහුදේ පීනන්න ගියා... පීනලා පීනලා හති වැටෙනකං අපි පීනුවා... තරගෙට පීනුවා, පිනුම් ගැහුවා මට නම් හරිම සතුටුයි... ටික වෙලාවකින් මුහුද ටිකක් කැලඹිලි වෙන්න ගත්ත නිසා ජිමින් මට කතා කරා...
"කුකී කුණාටුවක් එන්න වගේ යන්නේ දැන් අපි ගියා නම් හොදයි නේද?"
"ඔව් යමු"
මමයි ජිමිනුයි දෙන්නම කොච්චර වේගෙන් ගල්පරේ දිහාට පීනුවත් වැඩක් උනේ නෑ අපිව කුණාටුවට අහු උනා... එයයි මායී මුහුද යටටම පීනුවේ ඒක විතරයි කුණාටුවක් වෙලාවට කරන්න පුලුවන් එකම විසදුම නිසා... කුණාටුව වෙලේ නැවකුත් ගහගෙන යනවා වගේ අපිට ලාවට වගේ පෙනුනත් ඒක ගැන හිතනවට වඩා අපි කුණාටුවෙන් බේරෙන්න දැගලුවා... අන්තිමට කුණාටුව අඩු උනාම අපි ආපහු වතුරෙන් උඩට ආවා... ඒත් අපිට ටිකක් ඈතින් නැවක් තිබ්බා...
"කුකී නැවක්"
"හම් මමත් දැක්කා ජිමින්... මොකද කරන්නේ එයාලා ගල්පරේට හුගක් ලගින්නේ"
"මං කරන්නම් හොද වැඩක්"
ජිමින් එහෙම කියලා නැව පැත්තට පීනගෙන ගියා... ඔය අතරෙයි මං ඒ කෙනාව දැක්කේ... ගොඩක් කඩවසම් තරුණ මිනිහෙක්, එයා ගොඩක් ගාම්භීර වේදිහටයි උන්නේ මට හිතෙන්නේ කැප්ටන් වෙන්න ඇති... එයා සුක්කානම කරකවද්දී ඇදුමේ අත හිරවෙන්නේ මසල්ස් වලට වෙන්න උනා... එයා නම් දියකිදුරෙකුටත් වඩා ලස්සනයිනේ... මං ඒ මනුස්සයා වර්ණනා කරන අස්සේ ජිමින් මහ නරක වැඩක් කලා... එයා අර නැවේ වේගෙන් හැප්පුනා... අර ලස්සන මිනිහා කලබල වෙලා ඉක්මනට එලියට දුවගෙන ඇවිත් නැවි නැවී වැදුන තැන බලනවා... නපුරු ජිමින් නරක වැඩක් කරේ ඒ නම්...
ජිමින් මටත් එන්න කියාගෙන ගියත් මං එයා කරන දේවල් දිහා බලාගෙන උන්නා... එයා තවත් ඇදුමකුයි බෝතලයක් වගේ එකකුයි අරගෙන වතුරට පැන්නා... ඒත් එක්කම ආපහු කුණාටුව වැඩි උනා... මං ආපහු පාරක් වතුර යටට යද්දී එයාවත් වතුර යටට ඇදිල එනවා දැක්කා... එයා අලුතෙන් ඇද ගත්ත ඇදුම් ගලවලා දාලා උඩට යන්න ගියත් එයා ඒ වෙද්දිත් හුගක් පහලට ඇවිත් නිසා එයාට යා ගන්න බැරි උනා... මං දන්නවා කිදුරෙකුට බෑ මිනිහෙක් ස්පර්ශ කරන්නවත්, එයා ඉස්සරහට යන්නවත් ඒත් මට එයා මැරෙනවා බලන්න බැරි උනා... මං අපේ ශුද්ධ භූමිය උනු ගල්පරෙන් එයාව ගෙනත් තිබ්බා... ඒත් ජිමින් මාවයි එයාවයි දැක්කා...