2. ආදරණීය දිනපොත...

491 123 51
                                    


Date : 10/09


ආදරණීය දිනපොත ,

මෙහෙමයි අද තමයි මම ඔයාට දිනපොත කියන පළවෙනි සහ අන්තිම දවස. මම ඔයාට රූන් කියලා කියන්නම්. ඒකේ තේරුම 'Secret'. ඕක මම හොයාගත්තේ මීට අවුරුද්දකට කලින් Google එකෙන්.

ඇත්තටම ඔයා නිකන් රූන් නෙවෙයි රූන් II. මොකද මේ නම මුලින් අයිති වෙලා තිබ්බ මගේ diary එක නැති වුනා. එයා වෙනුවටයි ඔයාව ලියන්න ගත්තේ ඒක හම්බුනේ නැති නිසා. ඉතින් රූන් ඔයා ආස නැද්ද මම කවුද කියලා දැනගන්න?

මගේ නම පාක් ජිමින්.

වයස අවුරුදු දාහතරයි.

උපන්දිනේ ඔක්තෝබර් තිස් එක. හැලොවින් දවසේ.

"Shit!"

ලියාව ඇගේ සහෝදරයාගේ බිරිඳ, යුන් සෝල් සහ ඔවුන්ගේ චූටි පුතා ආදරෙන් පිළිගත්තා.

ඇය විනාඩි කිහිපයක් ඔවුන් සමඟ සාලයේ ඉඳලා තමන්ට වෙන් කරපු උඩු මහළේ කොනේම කාමරයට ඉක්මනින් ගියේ ගමන් මහන්සිය යන්නත් එක්ක ඇඟ හෝදගන්න ඕනේ කියලා.

ඒ වෙනකොටත් ලියාගේ සහෝදරයා ඇය ගෙනාව සියළු බැගේජ් කාමරේ කොනක තියලා තිබ්බා.

"මම ඔම්මාට කෝල් කරන්නම්. ඔයා වොශ් එකක් දාලා සෝල් එක්කම කන්න. මට පොඩ්ඩක් යන්න වෙනවා...."

"මොකක්ද අනේ. මන් ආව ගමන් ඔයා යන්නේ!"

ලියා තරහෙන් ඇද උඩ ඉඳගත්තේ සහෝදරයාගේ දිනපොත සඟවා ගත් බෑගයද බිමට විසි කරමින්. එය වැටෙනා විට ඇති වූයේ ගලක් ටයිල් පොළොවේ වැදුණු විට ඇහෙන ශබ්දයක්.

"මොනාද මේක අස්සේ තියෙන්නේ? ගල් ද?"

"ඒක වැඩක් නෑ. බායි."

"මම හෙට ඉඳන් දවස් පහක් නිවාඩු දැම්මා හලෝ. දැන් යන්න දෙනවා ඒ නිසා."

ඒ ගැන ටිකක් සතුටු වූ ලියා අවසානයේදී සහෝදරයාට සමුදී ඉක්මනින් කාමරයේ දොර වසා ගත්තේ බෑගය තුළ සැඟවී තිබූ පොතේ පිටුවක් දෙකක් කියවීමට ය.

𝑴𝒚 𝑬𝑵𝑬𝑴𝒀 [𝑱𝒊𝒌𝒐𝒐𝒌] ✔Where stories live. Discover now