"මම නිදාගන්න යනවා ජන්ග්කුක්."ගුඩ්නයිට් සෝල්.
"ඔප්පා..."
ඔයාටත් නිදිමතයි ද? එහෙනම් යමු. හෙට ඉතුරු ටික කියන්නම්.
"නෑ ඔප්පා. ඒත් ඔප්පාට නිදිමත ද?"
නෑ. මම කොහොමත් අද රෑ ඔයා එක්ක මෙහෙම ඉන්නනේ හිටියේ. ඒ නිසා කොහොමත් අවුලක් නෑ.
"මොකක්ද ඔප්පා ඒ කලින් කිව්ව කතාවේ තේරුම? එයාව බේරගන්න බැරි වුනා කිව්වේ? ජිමින් ඔප්පා දැන් කොහෙද ඉන්නේ? එයා හොඳින් ඉන්නවා නේද?"
මම ඔක්කොටම හෙමින් උත්තර දෙන්නම්.
ජිමින් එයාගේ ඔම්මා එක්ක ඇති වුන ප්‍රශ්නෙන් පස්සේ උත්සහ කළා හොඳට වැඩ කරන්න. මහන්සි වෙලා වැඩ කරන්න.
ජිමින් හිතාගත්තා ඉතුරු වෙලා තියෙන ඉගෙන ගන්න වැඩේ හොඳටම කරන්න.
එයා ඒ වෙද්දි ඩ්‍රාමා ක්ලබ් එකෙන් වෙස්ටර්න් බෑන්ඩ් එකෙන් අයින් වෙලා තිබ්බේ. කොච්චර එපා කිව්වත් එයා හැමදේම අත ඇරියා. අන්තිමට එයාට ඉතුරු වුනේ පසුතැවිල්ල.
එයාට හිතෙන්න ගත්තා 'මේවා මම නැවැත්තුවේ නැත්තම් මට මීට වඩා හොඳ තැනකට එන්න තිබ්බා' කියලා.
මොකද ස්කයිලර් එහෙම බෑන්ඩ් එකේ හිටියේ ඊළඟ ලීඩර් එයා වගේ. ජිමින් එයාලාට කොච්චර අකමැතිද කියලා පෙනුන කාලේ තමයි ඒ.
එයා මගෙන් ගොඩාක් සයිකොලොජි සම්බන්ධ දේවල් ඉගෙනගත්තා. එතකොට එයා අඳුරගත්තා එයාට තිබ්බ එක ප්‍රශ්නයක්. එයාට ට්‍රස්ට් ඉශූස් තිබ්බා.
එක දිගට වුන නරක දේවල් නිසා එයා මිනිස්සු හැම කෙනෙක්ම දිහා බැලුවේ සැකෙන්.
"ඔයා ඉන්න නිසා මට ඒක නම් හොඳ කරගන්න පුළුවන්. මගේ හ්‍යුන්ග් මට ගොඩාක් ආදරෙයි නේ නේද?"
හ්ම්ම්...එයා මන් ගැන ගොඩාක් විශ්වාසය තිබ්බා. ඒත් එයාට එයාව අමතක වුනා.
එයා එයාව විශ්වාස කළේ නෑ.
එක දවසක් එයා මන් ළඟට දුවගෙන ආවේ ආයි පරණ ජිමින් වෙලා. එයා හැමදාමත් මාත් එක්ක නම් හිටියේ එහෙම තමයි. ඒත් එදා ලොකු වෙනසක් තිබ්බා.
ESTÁS LEYENDO
𝑴𝒚 𝑬𝑵𝑬𝑴𝒀 [𝑱𝒊𝒌𝒐𝒐𝒌] ✔
Fanficඔහු මා අසළම මෙතෙක් කල් සිටි බව මම දැන නොසිටියෙමි. මෙතෙක් කල් සිදු වූ සෑම දෙයකටම වග කිව යුත්තා මා හට මෙතරම් කිට්ටු අයෙක් බව මම නොදැන සිටියෙමි. ඔහු මගේ හතුරා විය. නිතරම මා වෙනුවෙන් සිටි ඔහු... මාගේ නියම හතුරා විය. ඔහු පැරදවීමට හෝ නියම ලෙස ඔහු හා මිතු...