බීච් එකේ සෙල්ලම් කරන, සින්දු කියන, එකතු වෙලා කතා කියන හැම තරුණ තරුණියක්වම පහු කරගෙන ගිය ලියා නැවතුනේ තනියෙම මුහුද දිහා බලාගෙන ඉන්න තරුණයෙක් ළඟ.ලියා ඔහු එක්ක සංවාදයක් පටන් ගන්න කලින් කළේ ඔහුව නිරීක්ෂණය කරපු එක.
සුදු පාට සී තෲ ශර්ට් එකක් ඇඳගෙන ලා දුඹුරු ශෝට් එකක් ඇඳගෙන හිටිය තරුණයාගේ කොණ්ඩයත් ශෝට් එකේ පාටට ළඟ පාටක් වුනා. ඔහුව එච්චර කඩවසම් විදියට පෙනුනෙ ඇඳගෙන හිටිය ඇඳුම නිසාද කියලා තේරුම් ගන්න බැරි වුනත් පෙනුමේ හැටියට තරුණයා තමන්ගේ වයසේ කෙනෙක් කියලා ලියා තීරණය කළා.
"හායි."
ලියා තරුණයා අසළටම ගිහින් තරුණයාගේ මූණ ඉස්සරහින් අත එහාට මෙහාට කරමින් කිව්වා.
"හා..යි?"
"මම මෙතනින් වාඩි වුනාට කමක් නැද්ද?"
තරුණයා වාඩි වෙලා හිටිය වැලි පොළොව පෙන්නලා ලියා ඇහුවා.
"කමක් නෑ."
"තැන්ක් යූ...හේ ඔයා කොහෙද යන්න හදන්නේ?"
"වෙන තැනකට."
"ඇයි ඒ? මන් ආවේ ඔයා එක්ක ඉන්න නේ."
"ඒත් මන් ඔයාව දන්නේ නෑ."
"ඉතින් අපි අඳුරගමු."
"ඇයි මාත් එක්ක කතා කරන්න හිතුනේ? මන් ගැන අනුකම්පාවෙන් ද?"
"අපෝ නැහැ. ඔයාව දැක්කම කතා කරන්න හිතුනා. අවංකවම කිව්වොත් ඔයා හැන්ඩ්සම් නිසයි කතා කරන්න ආවේ."
ලියා කිව්වේ බොරුවක්. තරුණයාගේ කඩවසම් බව ඇය දැක්කේ ළඟට ආවට පසුව. ඇත්තටම ලියා එතනට ගියේ ඔහු තනිවෙලා වගේ දැනුන නිසා.
"හ්ම්...තෑන්ක්ස්."
"මම ලියා. ඔයා මන් ඉන්නවට අකමැති නම් මන් යන්නම්. ඒත් ඔයා මට ඉන්න දෙනවනම් තමයි හොඳ."
"යන්න ඕනේ නෑ. මම ජේ වූ. කිම් ජේ-වූ ."
"ලස්සන නමක්."
"ඔයාගේ නමත් ලස්සනයි."
"ඔයා නිතරම මෙහෙට එනව ද?"
"නෑ. මේ මම මෙතනට ආව පළවෙනි වතාව. මම ඉන්නේ මෙහෙ නෙවෙයි."
"වාව්! මාත් එහෙමයි. මම ඉන්නේ ඕස්ට්‍රේලියා. ඔයා?"

أنت تقرأ
𝑴𝒚 𝑬𝑵𝑬𝑴𝒀 [𝑱𝒊𝒌𝒐𝒐𝒌] ✔
أدب الهواةඔහු මා අසළම මෙතෙක් කල් සිටි බව මම දැන නොසිටියෙමි. මෙතෙක් කල් සිදු වූ සෑම දෙයකටම වග කිව යුත්තා මා හට මෙතරම් කිට්ටු අයෙක් බව මම නොදැන සිටියෙමි. ඔහු මගේ හතුරා විය. නිතරම මා වෙනුවෙන් සිටි ඔහු... මාගේ නියම හතුරා විය. ඔහු පැරදවීමට හෝ නියම ලෙස ඔහු හා මිතු...