මෙන්න ජියෝන් ජන්ග්කුක්ගේ අතින්ම හදපු ලෝකේ රසම කෝපි එක."අර නිකන් කොෆී මැෂින් එකට දාලා හදා ගත්ත කෝපි එක රහ නොවෙන්න විදියක් නෑ ඉතින්."
ඒත් රහ තීරණය වෙන්නේ ඒක හදන කෙනා දාපු කෝපි, සීනි ඒ වගේම වතුර ප්‍රමාණය අනුව. එතකොට ඕක රහ වුනොත් ඒකේ ක්‍රෙඩිට් එක මට.
"ම්ම්...ඇත්තටම මම හදන කෝපි එකට වඩා නම් රහයි."
ඒකනේ කෙල්ල මම කිව්වේ. මම වැඩක් කළොත් එහෙම තමයි.
"කෝපි එකක් ගැන කියලා කතාව නොකියා ඉන්න නේද ප්ලෑන් කරන්නේ? ඒවා බෑ මාත් එක්ක. කෝ ඉතුරු ටික කියන්න."
මෙච්චර රෑ වෙනකම් ඇහැරන් ඉන්න හොඳ නෑ. තව ටිකක් කියන්නම් මම. හැබැයි මට ඇති කියලා හිතුනාම මම නවත්තනවා. ඔයත් එතකොට හොඳ ළමයා වගේ ගිහින් නිදාගන්න ඕනේ. හරිද?
"හරි."
ඉතින්...මන් කොතනින්ද නැවැත්තුවේ? ආහ්...ඉතින් එදා මම එයා එක්ක හිටියේ නෑ. හැබැයි සෝල් හිටියා.
කොහොමහරි මම හිටියේ නැති අතරේ වුන කිසිම දෙයක් මම ඊළඟ දවස වෙනකම්ම දැනන් හිටියේ නෑ.
මම සාමාන්‍යයෙන් ජිමින් ඇවිල්ලද කියලා බලාගෙන තමයි මගේ ක්ලාස් එකට යන්නේ. එදත් ඒ වගේම මම එයාව බලන්න එයා ඉන්න බිල්ඩින් එකට ගියා.
ඒ බිල්ඩින් එකේ උඩම තට්ටුවේ තමයි ජිමින්ගේ ක්ලාස් එක තිබ්බේ. මම හැමදාම පාවිච්චි කරන ස්ටෙයාකේස් එකෙන් උඩට යන්න හදද්දියි දැක්කේ ඒක වහලා. යකඩ දොර ඇදලා ලොක් කරලා තිබ්බේ.
ඒ නිසා මම බිල්ඩින් එකේ අනිත් පැත්තේ ස්ටෙයාකේස් එකෙන් උඩට ගියා. ළමයි එකට එකතු වෙලා කොහොමත් කියවනවනේ උදේට. ඉතින් මන් දන්න අය එක්ක හිනා වේගන එයාලවත් පහු කරන් ජිමින්ගේ ක්ලාස් එකට යන්න ගත්තා.
"ස්කයිලර්ට එතකොට දැන් අමාරුයිලු ද?"
ළමයි ටිකක්ව පහු කරන් යද්දි මට ඇහුණු දේ නිසා මම ආයි නැවතිලා එයාලගෙන් ඇහුවේ ස්කයිලර්ට මොකක්ද වෙලා තියෙන්නේ කියලා.
"ඇයි හ්‍යුන්ග් දන්නේ නැද්ද? ඊයේ ස්කයිලර්ව අර පැත්තෙන් පහළට වැටිලා.එයාට අමාරුයි ලු."
![](https://img.wattpad.com/cover/301224904-288-k877572.jpg)
STAI LEGGENDO
𝑴𝒚 𝑬𝑵𝑬𝑴𝒀 [𝑱𝒊𝒌𝒐𝒐𝒌] ✔
Fanfictionඔහු මා අසළම මෙතෙක් කල් සිටි බව මම දැන නොසිටියෙමි. මෙතෙක් කල් සිදු වූ සෑම දෙයකටම වග කිව යුත්තා මා හට මෙතරම් කිට්ටු අයෙක් බව මම නොදැන සිටියෙමි. ඔහු මගේ හතුරා විය. නිතරම මා වෙනුවෙන් සිටි ඔහු... මාගේ නියම හතුරා විය. ඔහු පැරදවීමට හෝ නියම ලෙස ඔහු හා මිතු...