"ජීස්! මේ පිටුව මෙහෙම තැනින් තැන ඉරිලා තියෙන්නේ එයාගේ කඳුළු නිසා ද? අනේ එයා ආයෙත් අඬලා."
20.04.
රූන් මගේ ඔළුව හොඳටම අවුල් වෙලා තියෙන්නේ. මට හැම තැනින්ම ප්රශ්න විතරයි එන්නේ.
මට ඔම්මා එක්ක එදා ගැන කතා කරන්න ඕනේ ඒත් බෑ වගේ. එයාගේ හැසිරීමත් වෙනස්.
අපිට ඊයේ කිව්වා හැම සෙනසුරාදාම බෑන්ඩ් ප්රැක්ටිස් කියලා. ඉතින් අද මම උදේම ස්කූල් ගියා. මම එනවා කිව්ව නිසයි ජන්ග්කුක් හ්යුන්ග් ආවේ. මම හිතුවට මමත් තවත් එයා උදව් කරන කෙනෙක් කියලා මට හිතෙනවා එයාටත් මාව විශේෂයි කියලා. අනේ මන්දා. ඒකට හේතුව අද වුනු දේ.
රූන් මම ඔයාව කැත කරන්නේ හිතලා නෙවෙයි. ඒත් මට කඳුළු පාලනය කරගන්න බෑ.
අද බෑන්ඩ් එකේදි මම කාලෙක ඉඳන් කතා කරන්න බය වුනු මාතෘකාවක් කතා වෙන්න ගත්තා සීනියර්ස් ලා. ඒකට හේතුව ජූනියර්ස්ලාට නෝට්ස් එයාලා තරම් ෆාස්ට් රීඩ් කරන්න බැරි වුන එක. මටත් එයාලා වගේ බෑ. පොඩ්ඩක් වෙලා යනවා හරියට තේරුම් ගන්න. අද ටීචර්ස්ලා නෑ. ඒ නිසා එයාලා තමයි ලොක්කෝ.
"මෙතන හැමෝම මියුසික් කරන අයනේ. මොකක්ද මේ පොඩි ශීට් එක කියවන්න බැරි ද?"
කියලා අපේ ට්රම්පට් ප්රැක්ටිස් කරවන අර සැර හ්යුන්ග් ඇහුවා. පොදුවේ අහපු ප්රශ්නෙට හැමෝම උත්තර නොදී බිම බලන් හිටියා. එතකොට ආවේ බෑන්ඩ් ලීඩර්. එයා ඇහුවා සද්ද නැත්තේ ඇයි කියලා. එතකොටම ස්කයිලර් කිව්වා "අපිට ටිකක් වෙලා යනවා රීඩ් කරන්න ඒත් අපි කරන්නේ මියුසික්." කියලා.
එතකොට අර සැර හ්යුන්ග් කිව්වා ස්කයිලර්ගේ නම් අවුලක් නෑ අනිත් අය තමයි කියලා.
"මොකක්ද මේකේ තේරුම? ගිහින් කියන්න එපා ඔයාලා මියුසික් කරන්නේ කියලා ලොකුවට. ලැජ්ජාවේ බෑ."
එතකොට ස්කයිලර් පැනපු ගමන් කිව්වා ජිමින් නම් හැබැයි මියුසික් නෙවෙයි කරන්නේ කියලා. මම ඒ වෙද්දිත් වෙව්ල වෙව්ල හිටියේ. මොකද ස්කයිලර් කිව්වා නේ මියුසික් නොකරන අයව අයින් කරනවා කියලා.
ලීඩර් මාව නැගිට්ටෙව්වා. ඊට පස්සේ ඇහුවා ඇත්ත ද ඒ කියන්නේ කියලා. මම ඔව් කිව්වම "එහෙනම් ඔය ට්රම්පට් එක තියලා යන්න." කිව්වා.
හැමෝම මන් දිහා බලන් හිටියේ. ළමයි හතළිකට වඩා වැඩි ප්රමාණයක් මන් දිහා විතරක් බලන් හිටියේ රූන්. මගේ මුළු ඇඟම පිච්චෙනවා වගේ. මට ලැජ්ජයි රූන්. මම ට්රම්පට් එක තියලා එතනින් යන්න හැදුවා. එතකොට ලීඩර් මාව අල්ලගෙන "ඒ ඒ ඔයා ඇත්තටම ද කිව්වේ? මියුසික් නෙවෙයි කරන්නේ? ඒහ් මම හිතුවේ බොරු කියලා. කොහෙ යන්නද ගිහින් වාඩි වෙනවා මෝඩ කොල්ලා." කියලා කිව්වා.හැමෝම මට හිනා වුනා. මම මෝඩයෙක්. මට මාව පාලනය කරගන්න බැරි වුනා. මේ දැන් බැහැ වගේම. මම ඇඬුවා. හොඳටම ඇඬුවා. අර බල්ලෙක් වගේ ස්කයිලර්ට නැට්ට වනන එකයි කිහිපදෙනෙකුයි කිව්වා බෑන්ඩ් එක තියෙන්නේ පවුඩර් බබාලට නෙවෙයි කියලා. ලීඩර් මට සිය වතාවකට වඩා සොරි කියද්දියි මම ටිකක් අඬන එක අඩු කළේ. ස්කයිලර්ත් මාව බැලුවා. ඒත් මගේ හිත කියන්නෙම එයාට ට්රම්පට් එකෙන් ගහන්න කියලා.
මගේ දුක ලැජ්ජාව එක්ක ටික ටික එන තරහා නිකන්ම නැති වුනේ ජන්ග්කුක් හ්යුන්ග් නිසා. එයා මාව අරගෙන ආවා ස්කූල් එකෙන් එළියට.
"කවුරු මොනා කිව්වත් ඔයා දුක් වෙන්න එපා බබා. ඔයා ඔයාගේ ගමන යන්න. ඒ මෝඩයෝ නිසා ඔයා අඬන්න එපා."
එයා මාව පුළුවන් තරම් බදාගෙන හෙමීට මගේ කනට කරලා ඒ ටික කිව්වා. එයා නැත්තම් අද සමහරවිට අද මම ස්කයිලර්ට ගහලා. රූන් මට මන් ගැනම බයයි. මට මහ භයානක දේවල් හිතෙන්න අරන්.
"ප්ලීස් ජිමින්! වෙනස් කෙනෙක් වෙන්න නම් එපා. ප්ලීස්."
ජිමින් කියන්නේ වටපිටාව නිසා වෙනස් වෙන කෙනෙක්. නරක විදියට වෙනස් වෙමින් හිටිය කෙනෙක්. ඒත් ජියෝන් ජන්ග්කුක් උපරිම උත්සහා කළා එයාව හොඳ ශක්තිමත් කෙනෙක් විදියට වෙනස් කරන්න.
ඒ උත්සහය සාර්ථක වුනා ද කියන එක නම් තවමත් ලියාට ප්රශ්නයක්.
....................................................
ඔයා කරන්න බයම දේ මොකක්ද?
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Thank you CHAER001205 ❤❤❤
![](https://img.wattpad.com/cover/301224904-288-k877572.jpg)
YOU ARE READING
𝑴𝒚 𝑬𝑵𝑬𝑴𝒀 [𝑱𝒊𝒌𝒐𝒐𝒌] ✔
Fanfictionඔහු මා අසළම මෙතෙක් කල් සිටි බව මම දැන නොසිටියෙමි. මෙතෙක් කල් සිදු වූ සෑම දෙයකටම වග කිව යුත්තා මා හට මෙතරම් කිට්ටු අයෙක් බව මම නොදැන සිටියෙමි. ඔහු මගේ හතුරා විය. නිතරම මා වෙනුවෙන් සිටි ඔහු... මාගේ නියම හතුරා විය. ඔහු පැරදවීමට හෝ නියම ලෙස ඔහු හා මිතු...