Chapter 01

3K 464 363
                                    

Minister 's BoyFriend...

" අනේ ගොඩාක් සතුටුයි ඔබ තුමාගේ පැමිණීම නිසා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" අනේ ගොඩාක් සතුටුයි ඔබ තුමාගේ පැමිණීම නිසා.. ඇත්තටම වැඩ රාජකාරි බොහෝමයක් තියෙද්දි අපේ ආරාධනාව පිළිගත්තට ඔබ තුමාට කොච්චර ස්තුති කරත් මට මදි..."

ශැංහයි ප්‍රසිද්ධ හෝටල් ප්‍රධාන දොරටුව අසලදි මල් කළබක් චීනයේ යොවුන් කටයුතු පිළිබද අමාත්‍ය සීන් ශියාඕ ශාන් හට ලබා දෙමින් අද දින මොඩ්ලින් ශෝ එකේ නිර්මාතෘවරයා වන හැරී මහතා තමයි ඒ කතා කරේ...

පුළුවන් තරම් හතරට පහට නැමිලා ඇමතිතුමාට ගෞරවය කරන ගමන් හැරී මහතා කතා කරද්දි ඇමති ශාන් නම් ඒ පිටට තට්ටුවක් දාලා හිනාවෙල ඒ මල් එක ගත්තා...

❤️ මටත් සතුටක් අද මෙතනට එන්න ලැබුනට...

සරල බසින් අඩුවෙන් කතා කරපු ඇමති ශාන් ඉදිරියට ගමන් කරද්දි දිගු ගවුම් වලින් සැරසුන සිහින් ලලනාවන් දෙදෙනෙක් ඉදිරියට ආවේ තවත් මල් කළබ දෙකක් අතැතිවයී... දෙදෙනාගෙම එක් කකුලක් සම්පූර්ණයෙන්ම නිරාවරණය වෙලා තියෙද්දි ඇමති ශාන්ට නම් කැස්සකුත් ආවා...

" ඔබ තුමා හොදින්ද..."

❤️ ඔව්...ගැටලුවක් නෑ...

" සාදරෙන් පිළිගන්නවා ඔබ තුමාව.."

ලලනාවන් දෙදෙනාගෙන් එක් අයෙක් මල් කළබක් දෙන ගමන් ඇමතිතුමාට ලස්සනට හිනාවක් දාද්දි පපුවත් එක්ක හැමදාම වගේ ගැහෙන්න ගත්තේ මේ කෙල්ලොන්ගෙ නැලවිලි වලට ඇමතිතුමා ටිකක් බය නිසා...ඉතින් ඔන්න ඕකයි අවුරුදු 37 වෙච්ච ඇමතිතුමාගේ ඇත්ත තත්වෙ...

❤️ තෑන්ක්ස්..

ඉක්මනින් මල් එකත් අරන් ආයේ ඒ පැත්ත පලාතක් වත් නොබලා ඇමති ශාන් හැරී මහත්තයා එක්ක හොටෙල් එකට යද්දි ඇමති ශාන්ගේ කන් දෙක ඕනාවටත් වඩා පිරෙන්න හැරි මහත්තයා සෑහෙන්න දේවල් කියන්න පටන් ගත්තා... ශාන්ට වඩා උස මද ගතියක් හැරි මහතාට තිබ්බ නිසාම ශාන් සැරින් සැරේ කන පහත් කරේ ඒ කතාව අහගන්න....

◣ᴹ ᴵ ᴺ ᴵ ˢ ᵀ ᴱ ᴿ 'ˢ  ᴮ ᴼ ʸ ᶠ ᴿ ᴵ ᴱ ᴺ ᴰ ◥   ✓ Where stories live. Discover now