Chapter 05

2.7K 428 289
                                    

Minister 's BoyFriend..

( ලස්සන කවර් එකක් දුන්න නංගි මැණික සෙනා

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.

( ලස්සන කවර් එකක් දුන්න නංගි මැණික සෙනා...ගොඩාක් ස්තුතියි සුදූ )

අලුත් දවසක්.. අලුත්ම ආකාරයක් කිව්වොත් නම් හරි.. මෙච්චර කාලෙකට ඇදේ තනියම නිදාගත්තු චීනයේ ලොකු ඇමති කෙනෙකුයි.. චීනේම හොල්ලන් ඉන්න ප්‍රසිද්ධ නළුවෙකුයි... අද දෙන්නම වෙනදට උදේ අවදි වෙන සුපුරුදු ආකාරයට සමු දීලා ඒ වෙනුවට අලුත්ම විදියක් හොයාගෙන...

ඔව් දෙන්නම උන්නේ අනෙකාව සතුරු ප්‍රහාරයක් දියත් කරලා මරන්න අරන් යාවී කියලා බයෙන් වගේ තුරුල් කරන්...

ඇමතිතුමා ගොඩාක් උස නිසාම වන්ග් යීබෝ ඉන්නේ එයාගේ ගෙල හරියට හිස තියන්... ඇමති ශාන්ගේ අත් දෙක පිඹුරො දෙන්නෙක් ගහක වෙලිලා වගේ වන්ග් යීබෝගේ ඇගේ වෙලිලා... ඔක්කොටම වඩා හොදම දේ.. වන්ග් යීබෝගේ කකුලක් තිබ්බේ ඇමති ශාන්ගේ ඉන ට උඩින්... දෙන්නම ඉන්නේ වෙලාගෙනමයි..

ඉතින් උදේ වෙලත් තවමත් ඇස් නෑරිය ජෝඩුව හොදින්ද කියලා බලන්න ෆෙයි දොර ඇරලා ඇතුල බලද්දි ෆෙයිගේ කට සම්පූර්ණයෙන්ම ඇරුනේ දුටු තැන කාගන්න ඩබල මේ වෙද්දි නිදන් ඉන්න අපූරුව...

" ගහමු ෆොටෝ එකක්.. ආයේ තරහා උනොත් සත්තයි මන් මේක පත්තරේ මුල් පිටුවට දානවා.. "

ඉක්මනින් ෆෙයි එලියට යද්දි ඇතුළට එන්න බලන් හිටිය ලෙලේ ෆුල් කොම්පියුස් වෙලා.. කොහොමත් එයාට වෙච්ච දේ පැහැදිලි කරන්න තවත් වෙලාවක් යන නිසාම දොර ලොක් කරපු ෆෙයි ලෙලේව කුදලන් ගියේ කතා කරන්න පුළුවන් තැනකට...

💚 ම්... ම්...

මේ අතරේ යන්තමින් අවදි වෙන වන්ග් යීබෝ තමන්ට දැනෙන උනුසුමට ඇති වෙච්ච ලෝභකම නිසා තව තවත් අත් වලින් වගේම කකුල් වලිනුත් බදාගත්තේ...

◣ᴹ ᴵ ᴺ ᴵ ˢ ᵀ ᴱ ᴿ 'ˢ  ᴮ ᴼ ʸ ᶠ ᴿ ᴵ ᴱ ᴺ ᴰ ◥   ✓ Donde viven las historias. Descúbrelo ahora