Chapter 29

1.3K 258 211
                                    

Minister 's Boyfriend

දින නවයක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


දින නවයක්.. ඔව් දින නවයක් ගෙවිලා ගියේ පුදුමාකාර වේගයෙන් කියලද හිතන්නෙ.. නෑ කිසිම වේගයක් නෑ ගොලුබෙල්ලෙක් ගමන් කරනවටත් වඩා හෙමින් තමයි මේ දවස් නවය ගෙවිලා ගියේ..

දැන් දවස් නවයක් වෙනවා ඇමති ශාන් හා වන්ග් යීබෝ සියැසින් දෙදෙනව නොදැක..

ඒත් ඉතින් වන්ග් යීබෝ නිතරම දකින්න ඕනා , බලන්න ඕනා , මන් ගෙදර එනවා මට ඉන්න බෑ කියලා රණ්ඩු කරත් ඇමති ශාන් කොල්ලව හරි ලස්සනට පාලනය කර ගත්තා..

තමන් වැඩ කරන වෙලාවට තමන් වැඩ කරන්න ඕනේ.. තමන් ආස දේට තරුණ කාලේ කැප වෙන්න ඕනේ.. ඉතින් ඇමති ශාන් වන්ග් යීබෝව එයා ආසම පාරේ යැව්වෙ හරිම කැමැත්තකින්...

ඒත් ඉතින් වන්ග් යීබෝට තිබ්බ ලොකුම ගැටලුව ඇමති ශාන්ව බලන්න ඕනා කියන එක නම් නෙවෙයි.. එයාට පුළුවන් ඒක ඉවසන් ඉන්න.. මොකද දුරස් වෙලා ඉන්න පෙම්වතුන් නැවත ලං වෙන දවස කියන්නෙම ආදරය වෑහෙන මොහොතක්.. ඉතින් ඒ මොහොත වෙනකල් කට්ට කාගෙන ඉන්න වන්ග් යීබෝට බැරි නෑ...

ඒත් වන්ග් යීබෝට තියෙන ලොකුම හිසරදය උනේ යැංසි.. මොකද උදේ පාන්දර හුරතල් වෙවි පස්සෙන් එද්දි වන්ග් යීබෝ තමන්ගෙ කේන්තිය පාලනය කර ගන්නෙම පුදුම අමාරුවකින්..

දවසෙම යැංසී වන්ග් යීබෝ ලග පැද්දි පැද්දි ඉද්දි ලෝකයක් ඉස්සරහා ඇමති ශාන්ගෙ කනට ගහපු වන්ග් යීබෝ මේ පලනය වෙන පාලනයවිල්ල නම් ඇත්තටම අදහගන්නත් අමාරුයි.. ඒත් මොනවා කරන්නද එදා කම්මුල් පාරෙන් තමන්ට ඇති වුන පොඩි හරි කැළල වැඩි කරගන්න වන්ග් යීබෝ කැමති නෑ... ඒ නිසා පුලුවන් තරම් වන්ග් යීබෝ ඉවසන් ඉන්නෙම...

◣ᴹ ᴵ ᴺ ᴵ ˢ ᵀ ᴱ ᴿ 'ˢ  ᴮ ᴼ ʸ ᶠ ᴿ ᴵ ᴱ ᴺ ᴰ ◥   ✓ Where stories live. Discover now