Minister ' s BoyFriend...
•
•
•
❤️ අයියෝ.. ඉක්මන් කරන්න ළමයෝ..
💚 ඉන්නවකො පොඩ්ඩක් පොල් රිටා වගේ දිගට දිගේ ඉද්දි කොහොමද මන් මේක දාන්නේ... මගුල...
❤️ කෝ දෙන්න මන් එහෙනම් දාගන්න..
💚 ආ.. දාගන්නෝ.. මට කියන්න එපා ආයේ මුකුත් කරන්න කියලා මී හරකා...😡😡😡😡😡😡
උදෙම අපේ ගේ අස්සෙ උඩ තට්ටුවේ ඇමති ශාන්ගෙ කාමරෙන් ඇහෙන ගෝරනාඩුව තමයි මේ...
හදිස්සියේ උදේම ජනාධිපතිගෙ පෞද්ගලික ලේකම් කතා කරලා ඇමති ශාන්ට වහාම එයාපෝට් එකට එන්න කිව්වේ හදිස්සියේම චීනේට එන ජපන් අගමැති තුමාව පිළිගන්න යන්න.. ඉතින් තෝරගත්තු මැති ඇමතිවරු රැසක් ජනාධිපතිතුමා ගෙන්වද්දි ඇමති ශාන්ට කොහෙත්ම ඒ වගේ ගමනක් ප්‍රතික්ෂේප කරන්න අපහසුයි..
ඒ වගේම නගරයෙන් ගොඩාක් ඈත ඉන්න නිසා ඉක්මනින් යා ගන්න වෙන නිසයි ඇමති ශාන් මේ කලබලෙන් ලෑස්ති වෙන්නේ..
💚 හුහ්.. කකුල දික් කරන්න.. මේස් දාන්නම් මන්...
❤️ ආනේ.. හා මැණික.. ඉක්මනින් දාන්න..
පිප්පුවට ඉතින් ඇමති ශාන්ගේ වැඩ වලට කිසිම අඩුවක් වෙනවට වන්ග් යීබෝ අකමැති නිසා ටයි දැමිල්ල ඇමති ශාන්ටම දීලා වන්ග් යීබෝ ඇමතිතුමාගේ මේස් දාලා සපත්තු දෙක දැම්මෙව්වා...
" සර් කෑම එක.."
💚 ඉන්ඩ ඉන්ඩ එනෝ...
වන්ග් යීබෝ ඉක්මනින් දුවලා ගිහින් දොර ඇරලා කෑම එක ගත්තා.. දැන් කන්න දුන්නොත් තවත් වරුවක් යන නිසා වන්ග් යීබෝම කටක් අනලා ඇමති ශාන්ට දික් කරද්දි ,
❤️ හොද කොල්ලා..
💚 හුහ්.. ඒ උනාට තරහා ඇවිත් තියෙන්නේ මට දැන්...
❤️ ආ.. ඒක කොයි වෙලෙත් ආව ගමන් නෙහ් තියෙන්නෙ.. අමුතුවෙන් එන්න දෙයක් නෑනේ... කෝ මැණික මගෙ කලු පාට වොච් එක...
💚 දන්නෑ.. ආ වොශ් රූම් එකේ එකක් තිබ්බා ඒකද දන්නෑ.. ඔහොම ඉන්නෝ අරන් එන්න...
පිගානත් පැත්තකට දාපු වන්ග් යීබෝ වොශ් රූම් එකට දුවලා පෙරදා රැයේ ඇමති ශාන් ගලවලා තිබ්බ ඔරලෝසුව අරන් ඇවිත් දෙද්දි ඒක පලදින ගමනුත් ඇමති ශාන් වන්ග් යීබෝ කවන කෑම සේරම කෑවා..
YOU ARE READING
◣ᴹ ᴵ ᴺ ᴵ ˢ ᵀ ᴱ ᴿ 'ˢ ᴮ ᴼ ʸ ᶠ ᴿ ᴵ ᴱ ᴺ ᴰ ◥ ✓
Fanfiction🍁 ZY Fanfiction 🍁 BL Novel 🍁 Romance And Love 🍁 Not Sad Ending ( අතිශයින්ම ආදරයට ලොල් වූ රසික හදවත් උදෙසා ලියවෙන ආදරණීය රසිකාවියන්ගේ ඉල්ලීමකට අනුව ලියවෙන්නකී... )