හැමෝම දැකපු දේ නිසා හිටපු තැන් වලම නැවතිලා බය වෙලා බලාගෙන හිටියා.ඒ අළු ටික ඉහුන ගමන් ම එයාගේ ඇගෙන් කළු දුමාරයක් වගේ ඇවිත් උරහිස උඩ කෙනෙක් ඉන්නවා හැමෝම දැක්කා.
ඒ Eun woo ගේ උරහිසේ.
Eun woo කිසිම ගානක් නැතුව පඩිපෙල උඩට නැගගෙන ගිහින් කාමරේට ගියා. කිසි කතාවක් නැ.San ha :- ඉ....... යුන්..... වු.... හියුන්
Jinjin :- හරි හරි කව්රුත් කලබල වෙන්න එපා. දැන් අපි දන්නවා නේ එයා ඉන්නේ Eun woo ගේ ඇගේ කියලා
Rocky :- කව්ද?
Mj :- මේ මේ. Jinjin ඔයාම කියන්නකෝ
Jinjin :- එයා නොපෙනෙන ආත්මයක්....... අපි මේ බංගලාවට ආවට පස්සේ අමුත්තක් දැනුනේ ඒකයි.
San ha :- මං කිව්වේ මං කිව්වේ කෙනෙක් ගැන එයා මට........ මට
සන් හා කලබල වෙලා.
Rocky :- මාත් කිව්වා මතකද? කව්රුත් පිලි ගත්තේ නැ
Jinjin :- එයා කාගේ කව්ද? මොකටද මේම ඉන්නේ.එයා මැරුනේ කෝමද ඒවා
ඒ මුකුත්ම අපි දන්නේ නැ. ඒ නිසා පරිස්සමින්Bin :- අපි අර ගැණු ළමයා ගෙන් අහමු එයා දන්නවා ඇති නේ. එයා කාලයක්ම මෙහෙ හිටියා ලු නේ
Rocky, Jinjin, mj, sanha :- මොන????
Bin :- ඇයි අනේ අර පිටිපස්සේ වහලා දාපු කාමරේ අස් කරන්න ආපු කෙල්ල. එදා sanha rocky නිදි ඔයාලා වැඩක හිටියේ. මං නිකන් පිටිපස්සෙ ඇවිදින්න ගියාම ඒ කෙල්ලව දැක්කේ අර පිටිපස්සේ තියෙන මාර ගහ ලග ඉන්නවා. මං කතා කරාම බිම බලාගෙනම කිව්වා. මෙහෙ කාලයක් හිටියා කාමරේ අස් කරන්න යනවා කියලා. මං එයත් එක්ක ඒ කාමරේටත් ගියා. එක ඇරලා දීලා මං ආවා. එයා Lee uncle ගේ servant කෙනෙක් වෙන්න ඇති.
Jinjin :- මොකා....... මෙච්චර කල් අපි දැකලා නැ ඒම කෙනෙක්.
Rocky :- මෙන්න මේ තරම් උස ඇතිද එයා
රොකි අත උස්සල පෙන්නලා ඇහුවා.
Bin :- ඔව්
San ha :- සුදු ගව්මක් ඇදගෙන?
Bin :- ඔව්
Rocky :- කොන්ඩේ දිගයි
Bin :- ඔව්
San ha :- කොන්ඩේ නිසා මුණ පේන්නේ නැ?
Bin :- ඔව්
Rocky :- ඒනම් හරි අපි කියන කෙනාම තමයි
Jinjin :- ඒ කියන්නේ එයා ගැණු ළමයෙක්. අපේ bin ඒ හොල්මනත් එක්ක කතා කර කර හිටියා ද
Jinjin ඇස් ලොකු කරගෙන ඇහුවා. ඒක අහලා bin වැටෙන්නත් ගියා.
එතකොටම eun woo ආයෙත් කාමරෙන් එලියට ආවා.
එත් කාත් එක්ක වත් කතාවක් නැ. කුස්සියට ගිහින් වතුර බිලා එහෙම්මම ආයෙත් කාමරේට ගියා. එයාගේ හැසිරීම හරිම අමුතුයි.Jinjin:- මේකේ දෙකෙන් එකක් හෙට බලාගමු
______________________________________
☠️ මීලග කොටසින් ☠️
☠️eun woo ට මොනවා වෙයිද?
☠️ ඇයි එයා eun woo ගේ ඇගේ ඉන්නේ?Author :- Muthu
YOU ARE READING
☠️ Dark Heart ☠️ Completed ☠️
Horror☠️ බේරීමට නොහැකි දෙලොවක් අතර සටනක් ☠️ මැරුණත් නොමරුන ආත්මයක් ☠️ ඒක කුස නූපන් සහෝදරයන් හය දෙනෙක් මැරුණත් නොමැරී සිටීමට හැකිද? ඒ කෙසේ ද යත් එසේ සිටින්නේ මන්ද? පලි ගැනීමක් ද නැත්නම් ලබා ගැනීමක් ද? එය පලි ගැනීමක් නොවිය හැකි. බේරීම්ට හැකි වෙයිද? නැත්නම්...