☠️ Chapter 2 ☠️

100 13 18
                                    

" සන්හාට පුළුවන් උනේ ඒක පාරක් හියුන් කියලා කැ ගහන්න විතරයි "

ඇදල ගත්තු පාර සන්හා බයටම විසි වෙලා ගිහින් බිම වැටුනා. ඒ කෙනා ගෙන් කිසිම ප්‍රතිචාරයක් නෑ. සන්හා ගෙ හදවත නම් නොනවත්වාම පස්, හය ගුණයකින් ගැහෙනවා.
බිම හිටපු සන්හා අත් දෙකෙන් මුණ වහගෙන කැ ගහන්න ගත්තා.
"අනේ අනේ මාව මරන්න එපා. මං අහිංසකයි. මගෙන් මොනවාද ඕනි. අනේ. මං තව‍ සෝනා ට ආදරෙයි කිව්වෙත් නෑ. මට‍ යන්න දෙන්න."

" මොකා අර එහා ලේන් එකේ කෙල්ල නේ " පසුබිමින් ඇහුනේ ඒ කෙනාගේ හඩ. සන්හා ගැස්සුනා. අහලා පුරුදු කටහඩක්‌ නිසා සන්හා මුණ වහගෙන හිටපු අත පොඩ්ඩක් අය්න් කරා.

"යා.......... ඒම් ජේ හ්යුන්. මොනවාද කරන්නේ. තව‍ පොඩ්ඩෙන් මං බය වෙලාම මැරෙනවා " ඇඩිල්ල පොඩ්ඩක් නවත්තලා නැගිටින ගමන් සන්හා කිව්වා.
එත් සන්හා ට හම්බුනේ ඒම්ජේ ගෙන් හොද පාරක්. ඒම් ජේ සන්හා ගෙ කනින් අල්ලගත්තා.

" ආයි ආයි ආයි හ්යුන් රිදෙනවා කන කන කන"

" කියහන් මොකද්ද ඒ කෙල්ල එකක් තියෙන සම්බන්දෙ. යකෝ මට‍ වත් තව‍ කෙල්ලෙක් නෑ. මට‍ තියා අච්චර ඉන්න බින් ට වත් නෑ.... මු බලන්නකෝ " ඒම් ජේ සන්හා ට වඩා කොට නිසාත් සන්හා හිටියේ තුනට නැමිලා.

එතකොටම මේ සද්දේ ඇහිලා අනිත් හතර දෙනාත් දුවගෙන ආවා. එත් කට්ටිය දැක්කේ යුක්‌රේනේයි රුසියාවයි යුද්දේ.

"මොකද මේ. මොකද සන්හා කැගැහුවේ " ජින්ජින් කලබලේන් ඇහුවා.

"නෑ ජින්ජින් මුට කෙල්ලෙක් ඉන්නවා " ඒම් ජේ සන්හා ගෙ කන අතඇරලා කිව්වා.

" ආ... අර එහා ලේන් එකේ කෙල්ල නේ. මං දැකලා තියෙනවා මු පැණි පෙරනවා " ජින්ජින් ගෙන් ලැබුනේ වෙනස්ම පිළිතුරක්. හැමෝම පුදුම වෙනවා ජින්ජින් ගානක් නැතුව ඉන්න විදිය දැකලා. ජින්ජින් කියන්නේ තාත්තා කෙනෙක් වගේ අනිත් පස් දෙනාව බලාගන්න කෙනෙක්. ඒ නිසා තමන්ගේ පොඩි මල්ලි කෙනෙක් ගැන මේම කියනකොට කට්ටිය පුදුම උනා. එත් ජින්ජින් මේම කියන්නේ ඒ කෙල්ල ගැන හොයල බලලා වෙන්න ඇති, ඒ කෙල්ල හොද කෙනෙක් වෙන්න ඇති කියලායි හැමෝම පස්සේ හිතුවේ.

☠️ Dark Heart ☠️ Completed ☠️Where stories live. Discover now