" අනේ අනේ මාව මරන්න එපා. මාව බේරගන්න හ්යුන්.... "
ඉයුන්වු කෑගහගේනම හීනෙන් නැගිට්ටා.
ඉයුන්වු ගේ සද්දෙට ජින්ජින් නැගිට්ටේත් බය වෙලා." මොකද මල්ලි උනේ " ජින්ජින් ට තේරුනා ඉයුන්වු මොකේට හරි බය වෙලා කියන ඒක. කව්රු හරි බය වෙලා ඉන්නකොට තමයි ජින්ජින් එයාට මල්ලි කියලා කතා කරන්නේ. වෙන වෙලාවට නම කියලා කතා කරන්නේ.
" හ්යුන් හ්යුන් එයා ආවා. ඊට පස්සේ මාව ඇරන් ගියා. දුරකට. මාව ඇදගෙන ගියා. "ඉයුන්වු කියවගෙන කියවගෙන ගියා. මුළු ඇගම තෙත් වෙලා දාඩිය දාලා.
" මොකද්ද.. හා හා මේ වතුර බිලා නිදාගන්න "ජින්ජින් වතුර විදුරුවක් ඉයුන් වු ට දුන්නා.
ඒ සද්දේ ඇහිලා උඩ හිටපු එම්ජේ ත් දුවගෙන ජින්ජින් ලා ගේ කාමරේට ඇවිත්." මොකෝ උනේ "එම්ජේ කලබලෙන් ඇහුවා.
" නෑ නෑ මේ හීනෙන් බය වෙලා"ජින්ජින් පොඩ්ඩක් ඉන්න කියලා ඇහෙන් එම්ජේට ඉගිකරලා කිව්වා.
" ඉයුන් වු මල්ලි ඔයා දැන් නිදාගන්න "ජින්ජින් එයාට රෙද්දත් පොරවලා. එලියට ආවා.
" එම්ජේ හ්යුන් එන්න කො මෙහෙට "
ජින්ජින් එම්ජේ වත් එක්කගෙන පල්ලෙහාට ගිහින් සෝෆා එකේ ඉඩ ගත්තා." ඇයි ජින්ජින් "
" මේකයි හ්යුන්. ඔයාට හිතෙන්නේ නැද්ද මේ ගෙදරට ආපු දවසේ ඉදන්ම හරි අමුතු දේවල් වෙන්නේ කියලා.
ආපු දවසෙම සන්හා වැව ගැන කියලා බය උනා. ඊටපස්සේ රොකි කුස්සියේ ඩි බය උනා. එදා මතක නැද්ද සන්හා උදේ බය උන විදියට. ඒ මදිවට කවදාවත්ම හීනෙන් බය උනේ නැති ඉයුන්වු ත් අද බය උනා. "" ඒක තමයි මට පොඩ්ඩක් ඕක කල්පනාවට ආවා.ඔයා මොකද්ද හිතෙන්නේ ජින්ජින් මේ ගැන "
" මේකයි හ්යුන් සමහර දවසක මං රෑ ලැප් එකේ වැඩ කර කර ඉන්නකොට මට දැනිල තියෙනවා. මං දිහා කව්රු හරි බලන් ඉන්නවා කියලා"
එම්ජේ ජින්ජින් දෙන්නා පොඩ්ඩක් කල්පනා කර කර ඉදලා ඒක පාරටම පුදුමයෙන් මුණෙන් මුණ බලා ගත්තා.
" එම්ජේ හ්යුන් මට හිතෙන දේ මද ඔයාටත් හිතෙන්නේ "
" ඔව් මං හිතන්නේ. අපි උදේම church එකේ father ව මුණ ගැහෙන්න යමු "
" දැන් පාන්දර පහ ත් පහු වෙලා. අපි දැන් උයලා අර පිස්සෝ හතර දෙනාවත් ඇහැරවලා යමු "එම හිතලා දෙන්නම කුස්සියට ගියා.
_____________________________
" අනේ father කියන්නකෝ අපිට මේ මොකද වෙන්නේ කියලා "
" දරුවෝ ඔය දෙන්නා කියන ඒක මට තේරුනා.
ආත්මයක් ඉන්නවා නම් එයා ඉන්න ඕනි අනිවාර්යෙන්ම කාගේ හරි ඇගක ඉන්න ඕනි මේ වෙනකොට මොකද එයාට කර ගන්න ඕනි දේ කර ගන්න.හරි මං ඔයාලට අළු ටිකක් දෙන්නම් ඒවා ටික ටික ගෙදර කට්ටිය ගේ නළලේ හරි මුණේ හරි ගාන්න. එතකොට කාගේ ඇගේද ඉන්නේ කියලා ඔයාලාටම බලාගන්න පුළුවන් වෙයි.ජින්ජින් එම්ජේ දෙන්නා ඒ අළු ටිකත් ඇරගෙන බංගලාවට ආවා.
" කො හැමෝම එන්ඩ "
එම්ජේ මුළු බංගලාවටම ඇහෙන්න කෑගැහුවා.
" මොකද හ්යුන් බෙරිහන් දෙන්නේ " රොකි උඩ ඉදන් දුවගෙන එනකොට ම එම්ජේ රොකි ගේ මුණට අළු ටිකක් ඉස්සා.
" අය්ස්...... හ්යුන් මොන ජරාවක් ද මේ ඇ. "
රොකි අළු ටික කටින් පිබ පිබ එනවා." එම්ජේ හ්යුන් මේක විහිළුවක් නෙවෙයි අය්යෝ ඕම ගහන්න එපා "ජින්ජින් පොඩ්ඩක් සැරෙන් කිව්වා.
" හා හා කට්ටියම ඇවිත් මේ අළු ටික ටික ඇරගෙන නළලේ ගා ගන්න. දැන් රොකි ඕනි නෑ. මුළු මුණේම නැවා නේ අළු "ජින්ජින් එන්න ගිය හිනාවත් හංගගෙන කිව්වා.
" ඊයා හ්යුන්... මට බැ ඔවා ගා ගන්න. ඔවා ගාලා මගේ මුණ කැත උනොත් කෙල්ලෙක් වත් බලන්නේ නැ "
බින් එයාගේ මුණත් අල්ල අල්ල කියන කොට අනිත් අයට නම් හිනා. එත් එක්කම සන්හා දුවගෙන ඇවිත්." ඒනම් අනිවාර්යෙන්ම බින් හ්යුන් ගේ මුණේ ගන්න ඕනි "කියලා එක අතට ඇරගෙන බින් ගේ පැත්තට ආවා.
" සන් හා එපා.. එපා "
සන්හා බින් පස්සේ දුවනවා බින් සන්හා ගේ පස්සේ දුවනවා වගේ සීන් එකක් දැන් වෙන්නේ.
එත් කොම හරි සන්හා බින් ව අල්ලාගෙන ගාන්න යනකොටම." සන්හා එහාට වෙනවා "
කියලා. බින් ඒ අළු බාජනේට ගැහුවා. ඒක උඩින් විසි උනා.
ජින්ජින් ට නම් දැන් දවල් තරු පෙනිලා තිබ්බේ. හැමෝම බලන් හිටියේ අළු ඒක උඩින් යන දිහා.අළු ටික හැම තැනම විසිරේද්දී අළු අතරින් දැක්ක දේයින් හැමෝම පුදුම උනා.
( ජින්ජින් ) - මං හිතුවා හරි මෙයාගේ ඇගේ තමයි ඒනම් ඉන්නේ.
__________________________
☠️ මීලග කොටසින් ☠️
☠️ කාගේ ඇගේද එයා ඉන්නේ?
Author :- Muthu
YOU ARE READING
☠️ Dark Heart ☠️ Completed ☠️
Terror☠️ බේරීමට නොහැකි දෙලොවක් අතර සටනක් ☠️ මැරුණත් නොමරුන ආත්මයක් ☠️ ඒක කුස නූපන් සහෝදරයන් හය දෙනෙක් මැරුණත් නොමැරී සිටීමට හැකිද? ඒ කෙසේ ද යත් එසේ සිටින්නේ මන්ද? පලි ගැනීමක් ද නැත්නම් ලබා ගැනීමක් ද? එය පලි ගැනීමක් නොවිය හැකි. බේරීම්ට හැකි වෙයිද? නැත්නම්...