Chapter 01.

400 56 192
                                    

සරත් සෘතුවේ තවත් එක් දිනක්,

රාත්‍රියේ ඔහු පැමිණියේ මුහුද ආසන්නයේ වූ එක් ගල් පරයක් මතටයි.සුපුරුදු ලෙසටම ඒ මතට නැගි ඔහු අදත් වෙනදා මෙන්ම උණුසුම් මුහුදු සුළං හමා එන අවකාශයට තමන්ගෙ වෙහෙසකාරී බවද නොතකා මනස තුළ තිබුන සෑම පීඩාවක්ම වගේ හඩ නගා පිට කළේ යම් සැනසීමක් බළාපොරොත්තුවෙන් වූවත් ඔහු දන්නවා තවමත් ඔහුගෙ සිත තුළ තිබෙන සමහර සිතුවිලි වලින් කෙදිනක වත් ඔහුට සැනසීමක් ලබා ගත නොහැකි බව...

"ඒක හුගක් කරදරකාරීයි."

ඔහුට ඕන වුනා බොහෝ මතකයන් අමතක කිරීමට,ඔහුට ඕන වුනා මේ පීඩාකාරී බවින් මිදෙන්න.කොටින්ම කිව්වොත් ඔහුට ඕන වුනා හැඟීම්,දැනීම් නැති අයෙක් ලෙසට ජීවත් වෙන්න.නමුත් පිටින් ඔහු කුමන ස්වරූපයක් ඉසිලුවත් හදවතින් තවමත් බොහෝ දේ ගැන තැවෙමිනුයි ඉන්නෙ...

"ගොඩක් දේවල් වෙනස් වුනා.මම දැන් ඉස්සර හිටපු කෙනා නෙමෙයි.කවදාවත් අපි තව කෙනෙකුගෙන් සැනසීමක් බළාපොරොත්තු වෙන්න නරකයි.මොකද අන්තිමට තමන් වෙනුවෙන් ඉන්න එකම කෙනා තමන් විතරයි.මං හිතන්නෙ හැමෝටම පොදු එකම දේ ඒක.මං ගැන කිව්වොත් positive වෙන්න උත්සාහ කරන negative පුද්ගලයෙක්.ඇත්තටම මාව මිනිස්සුන්ට පේන්නෙ හරිම ධනාත්මක මිනිහෙක් කියලා ඒත් ඇතුළතින් මං තවත් එක සෘණාත්මක මිනිහෙක්.හහ් එහෙම නැත්නම් මං මෙතනට ඇවිත් මේ විදිහට තනියම කියවයිද?"

ඔහු පැයකට ආසන්න වේලාවක් ඒ ගල් පරය මත අසුන්ගෙන සිටියා.රාත්‍රී 12ට ආසන්න වන තෙක් ඔහු එලෙස සිටියෙ වෙරළෙ පවා කිසිදු අයෙක් නොසිටි බැවින් ඒ නිදහස් මොහොතින් යම්තාක් දුරකට හෝ තමන්ගෙ මනස නිදහස් කර ගැනීමටයි.ඔහු ඉතාම කාර්යබහුල අයෙක්.තමන්ගෙ පෞද්ගලිකත්වය වෙනුවෙන් ඔහුට වෙන් කිරීමට ලොකු කාලයක් තිබුනෙ නෑ.මොකද ඔහුට ජීවත් වීමට නම් වැඩි ඉඩ දිය යුත්තේ තමන්ගෙ රාජකාරි කටයුතු වලටයි.නමුත් එක දිගටම ඊට කැපවුන ඔහුට තමන් වෙනුවෙන් වෙලාවක් අවශ්‍ය වුනා.ඔහු වෙනුවෙන් කිසිවෙක් නොසිටි නිසාම ඔහු තමන් වෙනුවෙන් බොහෝ වෙලාවට මේ මුහුදු වෙරළ හෝ කිසිවෙක් නැති නිදහස් හුදකලා ස්ථානයක් තෝරා ගත්තේ ඔහුට යම් සැනසීමක් දැනෙන තුරුම එහි සිට තමන් සමගම කතා කිරීමටයි...

Who Are We Anymore | [VM] (On Hold)Where stories live. Discover now