"මොකද මාව ඇදන් ආවේ.ඔයාගෙ ගැහැනු ළමයා එක්කම ඉන්න බැරිද?"
"යෙයින් මගේ යාලුවෙක්.හැබැයි පහු වෙද්දි ඒක සමහරවිට වෙනස් වෙන්නත් පුලුවන්."
"ඉතින් ඕන එකක් කරගන්නවා මට මොකෝ."
"ඇයි ඔයා ඔහොම වුනේ?"
"කොහොම?"
"ඔයා ඉස්සර ඔහොම නෑ."
"ඉස්සර හිටියෙ මුකුත් කරගන්න බැරි දුර්වලයෙක්.ඒත් මං දැන් එහෙම නෑ."
"උඹ කොහොමද එහෙම කියන්නෙ ටේහ්යුන්.මං ඔයාගෙ හොදම යාලුවා කිව්වා නේද?එතකොට ඔයා එදා කරපු වැඩේ?ඔයා දුර්වලයෙක් තමයි ඒ නිසයි මෙහෙම වුනේ.අමතක කරන්න එපා."
"කොහොමත් ඔයාට මං වගේ යාලුවෙක් ගැලපෙන්නෑ.ඔයාටත් එහෙම හිතෙනවා නම් ආයේ පස්සෙන් එන්න එපා."
"වේ...වේ...මට ඔයාව බලෙන්ම මගේ කවුරුත් කරගන්න ඕනකමක් නෑ.ඔයාට එපා නම් මටත් එපා.මං නිකන් කතා කළේ අවුරුදු ගාණකින් නිසා කොහොමද?හොදින්ද දැන ගන්න විතරයි."
"ඇත්තට?එහෙනම් හරි නේද?"
"ඔව්.යන්න පුලුවන් ඔය මහත්තයට දැන්."
"ඔයා කියන්න ඕන්නෑ."
ටේහ්යුන් එතනින් පිටව ගියේ ජිමින් සමග තියන අමනාප බව පොඩ්ඩක් වත් අඩු කරගන්නැතුවයි.ලොකු හුස්මක් හෙලපු ජිමින් එතනින් යන්න හැදුවත් ඔහු අසලට ආපු යෙයින් ඔහුව නවත්ව ගත්තා.
"ඔයා මාව තනියෙන් දාලා යන්නද හදන්නෙ ජිමින් පාක්?"
"සමාවෙන්න යෙයින් මගේ රාජකාරි ඉවරයි."
"එහෙනම් මාවත් එක්කන් යන්න."
"ඔයාගෙ නඩුකාර පියා දැන ගත්තොත් නම් හෙට මට කොහොම නඩුවක් වැටේවිද දන්නෑ."
"ඔහ්...කමෝන් ජිමින්.මට මේක බෝරින්.අපි යමුද?"
"එහෙනම් යමු.කොහොමත් මෙතන ඉන්න අයගෙ බොරු රැඟිලි මට අල්ලන්නෑ."
"සතුටු වෙන්න මං එහෙම නෑ ජිමින්."
"ඒයී...එනවද යන්න?"
"අඩුම ගානෙ ජැකට් එකක් වත් ඔයා දෙන්නැද්ද මට?මේ ඇදුම් ඇදන් මං කොහොමද එළියෙ ඇවිදින්නෙ?"
YOU ARE READING
Who Are We Anymore | [VM] (On Hold)
Romance"ඔයා අකමැති බව පෙන්නුවත් ඔයාට එයාව ඕන. ඔයාට එපා කියලා හිතුනත් ඔයාට එයාව නැතුව බෑ. ඔයා තනි වුනා කියලා හිතුවත් එයා ඔයාගෙ ළඟම හිටියා. ඒත්... ඔයා එයාව නැති කරගත්තා.ඔයාට රිද්දපු අය ගැන හිතලා ඔයා දුක් වෙන අතරෙ,ඔයා වෙනුවෙන් හිටපු එයා දැන් ගොඩක් දුර ගිහින්...