ටේහ්‍යුන් හිටියෙ ගොඩක් අපහසුවෙන්.ඔහුට ජිමින් හට මුහුණ දෙන්න බැරි බවක් තේරුනා.ඒත් ජිමින් කවදාවත් මොනම දෙයක් නිසාවත් ටේහ්‍යුන් ගැන වැරදි වැටහීමක් හිතන්නෑ.ඇත්තටම පවුලෙ ආරවුල් වලට පුංචි ටේහ්‍යුන් මොනවා කරන්නද...?
"ටේ...ඇයි මාත් එක්ක කතා නොකරන්නෙ?"
"ජිමින්...එදා වෙච්ච දේ..."
"ෂ්...ඒ ගැන මං මුකුත් හිතන්නෑ...මුකුත් හිතන්නෑ...මං එහෙම දෙයක් නිසා ඔයා ගැන මුකුත් හිතයි කියලා ඔයා හිතන්න එපා."
"ඒත් මට එදා වෙච්ච දේ නිසා..."
ජිමින්,ටේහ්‍යුන්ව වැළදගත්තා...
"නෑ...ඒක ඔයාගෙ වරදක් නෙමෙයි.මේ දේවල් මං විතරයි දන්නෙ.වෙන අය දැන ගන්නෑ.ඔයාට ඕන දෙයක් මාත් එක්ක බෙදා ගන්න පුලුවන් නේද?අඩන්නැතුව ඉන්න ඒ නිසා හරිද?"
"ස්තූතියි ජිමිනි...ඔයා මේ දේවල් කාටවත් කියන්නෑ නේද?"
"නෑ...පොරොන්දු වෙනවා.මං ඔයා එක්ක ඉන්නවනෙ.දැන් ඒ ගැන හිතන්න එපා."
ඔවුන් මෙලෙස සිටින අතරතුර එතනට පැමිණි ඔවුන්ගෙ පන්තියෙ සිසුන් පිරිසක්...
"අඩෝ මේ බලහන්කො මේ දෙන්නා වෙලීගෙන ඉන්න හැටි."
ඒ කියනවත් එක්කම ජිමින් හා ටේ ඉක්මනින් එකිනෙකාගෙන් ඈත් වුනේ...
"ඉතින් මොකක්ද්ද ඔයාලට තියෙන ප්‍රශ්නෙ?"
"නිකන් ගෑනු වගේනෙ තමුසෙලා දෙන්නා."
"වුනේ මොකක්ද්ද කියලා නොදැන අනුන්ගෙ ඕප දූප හොයන්නැතුව ඉන්න පැත්තටකට වෙලා."
"ඒ අන්න අරූ අඩලා...මොකෝ බබා අඩලා තියෙන්නෙ ආ?"
"මෙතනින් යනවා...එයා ඇඩුවට්ග්,නැතත් වැඩක් නෑනේ ඔයාලට?"
"යකූ මේ කොටාගෙ කටේ සද්දෙ?තමුසෙ කවුරු කියලද හිතන් ඉන්නෙ ආ?"
ඔවුන් ජිමින් සමග ආරවුලක් ඇති කරගන්න යන බව වැටහුන ටේහ්‍යුන්ට තවත් නිහඩව සිටීමට නොහැකි වුනා.පැකිලීමෙන් හෝ ඔහු...
"එ...එයා එක්ක රණ්ඩු කරන්න එපා.මං ප්‍රශ්නෙක හිටපු නිසයි එයා මා එක්ක එහෙම..."
YOU ARE READING
Who Are We Anymore | [VM] (On Hold)
Romance"ඔයා අකමැති බව පෙන්නුවත් ඔයාට එයාව ඕන. ඔයාට එපා කියලා හිතුනත් ඔයාට එයාව නැතුව බෑ. ඔයා තනි වුනා කියලා හිතුවත් එයා ඔයාගෙ ළඟම හිටියා. ඒත්... ඔයා එයාව නැති කරගත්තා.ඔයාට රිද්දපු අය ගැන හිතලා ඔයා දුක් වෙන අතරෙ,ඔයා වෙනුවෙන් හිටපු එයා දැන් ගොඩක් දුර ගිහින්...