"මේ තියෙන්නෙ.මෙතනින් හොද එකක් ගමු."
පාසලේ තිබුන පුංචි ගබඩාවක් වගේ කුටියක් ගාවට ඇවිත් එක පිට එක ගොඩ ගහලා තිබුන මේස,පුටු කන්ද දැකපු ජිමින් සිනාසුනේ...
"මට තේරෙන්නෑ ඇයි මේ හොද බඩුත් අයින් කරළා තියෙන්නෙ කියලා?"
"ඒම...නෑ මේ...එහෙම තමයි මෙහේ අයගෙ හැටි.හැබැයි ගොඩක් ඒවා කැඩිලා.එක්කො විකාර ලියලා කැත කරපුවා."
"ඔයා මට උදව් වෙන්නැද්ද ඉතින් හොද එකක් හොයා ගන්න.හයිය කකුල් තියන පුටුවක් නම් හොදයි.මොකද මට පුටුවක් උඩ එක විදිහකට වාඩි වෙලා ඉන්න බෑ."
"අපි බලමු."
ඔවුන් දෙදෙනා පුටුවක් හා කුඩා මේසයක් දුහුවිලි පීරමින් ඒ අතරින් සොයා ගත්තා.ඒ මේසය මත එක එක වර්ගයේ කලාත්මක හැකියාවන් සටහන් වෙලා.ජිමින් ඒ දෙස බලමින් නැවත සිනා සුනා.නමුත් ටේහ්‍යුන්ට නම් සිනා සීමට තරම් එහි කිසිවක් පෙනුනෙ නෑ...
"ඇයි ඔයා මං දිහා ඇස් ලොකු කරන් බලන් ඉන්නෙ?"
ජිමින් නිතරම හැම දේටම හිනා වෙන හැටි ටේහ්‍යුන්ට ලොකු කුතුහලයක් ඇති කරවූවා.ඒ නිසාම තමන්ගෙ පුංචි මුහුණෙ දෑස් ඉස්සරහින් තියෙන උපැස් යුවලින් ටේහ්‍යුන්,ජිමින් දෙස දෑස් ලොකු කරන් බලන් සිටින අයුරු හොදින්ම දුටු ජිමින් එලෙස ඇසුවත්...
"ආ...නෑ...මේ හරි අපි මේක අරන් යමු."
"හොදයි එහෙනම්."
ඒ මේසය මතින් පුටුවත් අකුලන් ඔවුන් දෙදෙනා පන්තිය දෙසට යන අතරතුර...
"ටේහ්‍යුන්."
"ඕ?"
"මං ඔයා ඉන්න තැනට ආවට ඔයාගෙ යාලුවා මුකුත් හිතන එකක් නෑ නේද?"
ටේහ්‍යුන් මදක් කළබල වුනා...
"එ...ඒම නෑ."
"එයත් ඔයා වගේ වෙන්නැති නේද?අකමැත්තක් නැත්නම්..."
"මට හොදම යාලුවෙක් නෑ."
"ඔහ්...එහෙමද?ඒත් යාලුවො කීපදෙනෙක් හරි..."
"ඒ...ඒ අය මා එක්ක එකතු නෑ ඒ තරම්.මං හිතන්නෙ ඔයාට මාත් එක්ක ඉන්න එක හරියන්නැති වෙයි."
YOU ARE READING
Who Are We Anymore | [VM] (On Hold)
Romance"ඔයා අකමැති බව පෙන්නුවත් ඔයාට එයාව ඕන. ඔයාට එපා කියලා හිතුනත් ඔයාට එයාව නැතුව බෑ. ඔයා තනි වුනා කියලා හිතුවත් එයා ඔයාගෙ ළඟම හිටියා. ඒත්... ඔයා එයාව නැති කරගත්තා.ඔයාට රිද්දපු අය ගැන හිතලා ඔයා දුක් වෙන අතරෙ,ඔයා වෙනුවෙන් හිටපු එයා දැන් ගොඩක් දුර ගිහින්...