"මොකක්ද මෙතන වෙන්නෙ?"
ජිමින් හා අනෙක් කාන්තාව වාද කරමින් සිටින විටම නිවසට පැමිණි ටේහ්යුන්ගෙ මව හා පියා නිසා සියලු දෙනාම බියටත්,කළබලයටත් පත් වුනා.ටේහ්යුන් ඒ වෙද්දිත් කමිසය ඇදගෙන හිටියත් ඔහුගෙ බිය,ලැජ්ජාව වගේම කදුලුත් තවම පාලනයෙන් තොරවයි තිබුනෙ.ඔහුගෙ දෙමාපියන් ඉදිරියෙ මේ වෙන දේ නිසා ටේහ්යුන් සිටියෙ හුගක් අසරණ වෙලයි.ඔහු දුර්වල වෙලා.ඇයි ඒ?ඔහු දෙතැනකට මැදිව අසරණ වෙලයි සිටියෙ...
"මොකක්ද මෙතන වෙන්නෙ?නංගි මොකද මේ පොඩි එකා එක්ක..."
"අයියෙ..."
"එයා ටේට..."
ජිමින්ට ඒ සියල්ලම කියන්න ඕන වුනා.ඒත් තමන් දෙස බලා සිටින ටේහ්යුන්ගෙ අසරණ බැල්ම ජිමින්ව අවහිර කළා.ඒත් ඒක කියන්න ඕන.මේ ටේගෙ දෙමාපියො.ටේහ්යුන් ඉන්නෙ මොන තරම් අපහසුවෙන්ද?දෙමාපියො ඉදිරියේ ජිමින් ඒ දේවල් කිව්වොත් ඒ අය පිළිගනීවිද?ඒත් ටේගෙ හොදටමයි මේ දේ.ඒ ගැහැනු කෙනා ආයේ මොනවා හරි කළොත්?ඒ නිසා ජිමින්...
"එයා ටේට කරදර කරන්න හැදුවා."
"මො...මොකක්?"
"දරුවො මොනවද මේ කියන්නෙ?"
"නෑ...මේ කොල්ලා බො..."
"මං බොරු නෙමෙයි කිව්වෙ එයා ටේට කරදර කරන්න හැදුවා.ටේ කියන්න.ඔයාගෙ ඔම්මට,අප්පට කියන්න."
ටේහ්යුන් මෙහෙම දෙයක් හිතුවා ඒත් කළින් ජිමින් තමන් දිහා බලන් හිටපු විදිහට ජිමින් නිහඩව ඉදියි කියලා හිතුවත් එහෙම වුනේ නෑ.ටේහ්යුන් ඇයි ඒ තරම් මෝඩ වුනේ ජිමින් නිහඩව ඉදියි කියලා හිතන්න.අනික තමන්ට වුනේ අසාධාරණයක්.ඒත් ටේහ්යුන් ඒක කියන්න පැකිලෙන්නෙ.හැමෝගෙන්ම හැංගෙන්නෙ ඇයි කියලද හිතන්නෙ?ඒ ලැජ්ජාවකටත් වඩා ඔහු අනිත් අය ගැන හිතන නිසයි.ඔබට දැන් නොවැටහුනත් ටේහ්යුන් අසරණ වුනේ ඇයි කියලා සමහරවිට පසුව තේරේවි...
"කියන්න ටේ...මං එද්දි මොකක්ද්ද වුනේ කියන්න."
ටේහ්යුන්ගෙන් කිසිදු ප්රතිචාරයක් නෑ.ජිමින් හිටියෙ ටේහ්යුන් එක්ක තරහෙන්.තමන් වැරදි නෑ ටේට ඒ කාන්තාව කරදර කරන්න හැදුවා.වාසනාවට කිසිවක් නොවුනත් ඉදිරියටත් ටේහ්යුන්ගෙ මේ ගති ගුණ නිසා ඔහුට වෙන්නෙ යහපතක් නෙමෙයි කියලා ජිමින් දන්න නිසාමයි ඔහු සියල්ල පවසන්න හිතුවෙ.ඇරත් ඒ ටේගෙ දෙමාපියො.ජිමින්ට,ටේහ්යුන් වෙනුවෙන් ඒ දේ රහසක් විදිහට තියා ගන්නත් තිබුනා.තමන්ගෙ මිතුරව අපහසුතාවයට පත් කරන්නෙ ජිමින්ට ඕන වුනා නෙමෙයි නමුත් සියල්ල සිදු වුනේ කවුරුත් නොහිතන විදිහටයි...
YOU ARE READING
Who Are We Anymore | [VM] (On Hold)
Romance"ඔයා අකමැති බව පෙන්නුවත් ඔයාට එයාව ඕන. ඔයාට එපා කියලා හිතුනත් ඔයාට එයාව නැතුව බෑ. ඔයා තනි වුනා කියලා හිතුවත් එයා ඔයාගෙ ළඟම හිටියා. ඒත්... ඔයා එයාව නැති කරගත්තා.ඔයාට රිද්දපු අය ගැන හිතලා ඔයා දුක් වෙන අතරෙ,ඔයා වෙනුවෙන් හිටපු එයා දැන් ගොඩක් දුර ගිහින්...