Chapter 06

101 28 35
                                    

"දැන් ඔය මූණ දෙක කරන් හිටියා ඇති."

"අනේ මට දැන් ගෙදර ඉන්න එපා වෙනවා ජිමිනි."

"එහෙනම් මාත් එක්ක ඉන්න."

"හොදට තියෙයි.ඔයාගෙ නැන්දා අපි දෙන්නවම ගහලා පන්නයි."

"ඔව් ඒක වෙන්න පුලුවන් තමයි.එහෙම වුනොත් අපි යන් කොහේ හරි."

"බෑ...බෑ...ඔයා එක්ක ගිහින් කොහේ ඉන්න වෙයිද දන්නෑ."

"බය වෙන්න එපා ඔයාව මං බලා ගන්නම්."

"අනේ යනවා යන්න.මාත් හොද කොල්ලෙක්.මට පුලුවන් මං ගැනත් බලන් ඕන්නම් ඔයාවත් බලාගන්න."

"හොද කොල්ලා තමයි."

"ජිමිනී...ඇත්තටම මං කියන්නෙ.මට මේ ටිකේ ගෙදර හරි අමුතුයි.අත්තම්මා ඉන්න නිසා හොදයි.එයත් නැත්නම් කෝම ඉන්නද මන්දා."

"ගෙදර දේවල් ගැන දැන් හිතලා ඔලුව අවුල් කරගන්න එපා ටේ.ඉගෙන ගන්න මේ ලැබෙන වෙලාවේ.ඔයාට ඔයාගෙ පවුලෙ සතුට නම් වටින්නෙ ඔයා ශක්තිමත් කෙනෙක් වෙලා පෙන්නන්න ඕන නේද?"

"ඔව්...ඔයා හරි ජිමින්.ඒක නෙමෙයි අද උත්සවේට කවුද මන්දා ලොකු කෙනෙක් එනවලු නේද?"

"ඉස්කෝලෙ අලුත් ප්‍රොජෙක්ට් එකට ආයෝජනය කරන කෙනා නේද?නිකන් සල්ලි නාස්ති වෙන වැඩ."

"ඇයි ඔයා එහෙම කියන්නෙ?"

"ටේ...මේ ඉස්කෝලෙට හොද මුදලක් ලැබෙනවා.ඔයා දන්නෑ මං කළින් ගිය ඉස්කෝලෙ මොන වගේද කියලා.මේ පහසුකම් නෑ ඒවට.ඉතින් මේ ලොක්කො ඒවාට නෙමෙයිද ආයෝජනේ කරන්න ඕන?"

"ඇත්ත තමයි.අපි යමු දැන්."

හැමෝම ප්‍රධාන ශාලාවේ අසුන් ගෙන උත්සවේට සහභාගී වෙලා හිටියා.සුලු මොහොතකින් ප්‍රධාන ආරාධිත අමුත්තා වේදිකාවට පැමිණියා.ඒ කෙනාව දැකපු ටේහ්‍යුන් නම් ගොඩක් පුදුම වුනා.ජිමිනුත් මේ වෙනස හොදින්ම දුටුවා...

"ටේ...මොකද?"

"එ...එයාව මං දැකලා ති..."

ටේහ්‍යුන්ට දෙයක් මතක් වුනා.ඒත් ඔහු නැවත එය සිහියෙන් අමතක කළා.ඒත් ඔහු දැන් ජිමින්ට පිළිතුරු දිය යුතුයි...

"කොහෙද?"

"අපේ පාර ඕපන් කරපු දවසෙ."

ජිමින් එක වරම සිනාසී ටේගෙ පිටට ගැහුවා.ඒත් ඒ අවට හිටපු හුගක් අය මේ දෙදෙනාගෙ ඒ හැසිරීම දෙස බැලුවෙ ඕක නැවැත්තුවෙ නැත්නම් ඔක්කොටම කන්නයි වෙන්නෙ වගේ.සිනාව අපහසුවෙන්ම නවත්ත ගත්ත ජිමින්...

Who Are We Anymore | [VM] (On Hold)Where stories live. Discover now