ගොඩනැගිල්ලේ ඉහල මාලයේ තිබ්බ මගෙ පුන්චි කාමරේ ජනේලෙ ලඟ ඉඳන් මන් බලාගෙන හිටියේ පහල කෑගහමින් හිනා වෙවී සෙල්ලම් කරන පොඩි අය දිහා
මගෙ මුලු ලමාකාලයම ගෙවුනේ මේ ලමානිවාසේ ඒත්...අදින් පස්සෙ මට මෙහෙ ඉන්න අවසර නෑ මොකද මන් දැන් අවුරුදු දහ අටක ලොකු කෙල්ලෙක් නිසා
එයාලට තවත් බරක් වෙන්න මට බෑ.....බූසාන් වල ලොකු සල්ලිකාර පව්ලක වැඩකාර කමට යන්න මට සිද්ද වෙනවා
මට වෙන රස්සාවක් කරන්න බෑ මගෙ ඒ අඩුපාඩුව නිසා මාව කිසිම රස්සාවකට ගන්නේ නෑ.....කව්ද කැමති මන් වගේ කෙල්ලෙක්ට රස්සාවක් දෙන්න........හාආහ්....මන් හිතනව එයාලා ගාව මට හොඳින් ඉන්න පුලුවන් වෙයි කියලා.......
පොඩි අයදිහා බලාගෙන කල්පනාව හිටපු මන් පිටිපස්ස හැරුනේ ලොකු මැඩම් කතාකරපු හඬට....
"හායුනා...ඔයා ලෑස්තියිද..."
ලොකු මැඩම් මගෙන් එහෙම අහනකොට මන් කලේ හිනා වෙලා ඔලුව වනපු එක...
මන් හායුන් මට වාසගමක් නෑ මොකද මන් අනාතයෙක්...ලොකු මැඩම් කියන විදියටනම් මගෙ අම්මා කොරියන් කෙනෙක් කියලා ඒත් මට කොරියානු සම්බාවයක් තිබ්බේ නෑ මට තිබුනේ වෙනස්ම පෙනුමක්....
නිල් පාට ඇස්...ලා දුඹුරුපාට දිග කොන්ඩේ....ක්‍රීම් පාටට හුරු හම...මට ගෙනාවෙ අනිත් අයට වඩා වෙනස්ම
පෙනුමක්....අනිත් කොරියන් ගෑනු ලමයිට වගේ කෙට්ටු ඇඟක් මට තිබ්බෙ නෑ උසට ගැලපෙන්නම පිරිපුන් ඇඟක් මට තිබ්බා..
ඒ මොන දේ තිබ්බත් අනිත් අයට තිබ්බ දෙයක් මට තිබ්බේ නෑ....ඒක නිසාම තමා මන් අද ඉඳන් ගෙදරක වැඩකාරකමට යන්නෙත්....ලොකු මැඩම් මාව වැලඳගත්තේ පුන්චි කාලෙ ඉඳන් මාව අම්ම කෙනෙක් වගේ හදාගත්තේ එයානිසා එයාට වගේම මටත් ගොඩක් දුකයි ඒත් තවත් මෙතනට බරක් වෙන්න මට බෑ .....
YOU ARE READING
°•𝐁𝐋𝐔𝐄 𝐄𝐘𝐄𝐒•° ┃ 𝐣𝐡𝐬 ( complete )
Fanfictionඅදටත් ඒ නිල් ඇස් වල ලියවි තිබුනේ ඇගේ හදේ මා වෙනුවෙන් තිබූ අසීමත ආදරයම පමණයි....🦋 . . . . . ඉතින් අවසරද නවතින්න සසරපුරාවටම ඔය නිල් නෙතු ලඟ......🦋 𝐠𝐢𝐫𝐥×𝐛𝐨𝐲