.
.
.
සතියක කාලයක් හරිම සාමකාමිව ගෙවිලා ගියේ හරිම වේගෙන්...මේ ගෙවුන
කාලය ඇතුලත හොබීගෙ නපුරුකම් නම් අඩුවුනත් කොල්ලගෙ තියුණු නපුරු ඇස් වලින්නම් හායුන්ට බේරෙන්න බැරි උනා...හොබීගෙ වැඩ වලි කෙල්ල හෙම්බත් වෙලා හිටියේ කොල්ලගෙ හැම පුන්චි වැඩක්ම පවා කෙල්ලට කරන්න සිද්ද උනා
මොකද කොල්ලට ඕන කලේ කෙල්ලව වැඩි වෙලාවක් එයා ගාවම තියා ගන්න නිසා...ඉස්සර තරම්ම නැතත් පොඩ්ඩැත්තන් හම්බෙන බැනුම් වලින්නම් අඩුවක් තිබ්බෙ නැති තරම්...
මිසිස් ජන්ග් කම්පැනි එකේ වැඩ වලට හිර වෙනකොට දවස් ගනන් ගෙදර පවා එන්න ලැබුනෙ නැතිකොට හොබී ඒකෙන් තවත් කෙල්ලට ලන්වෙන්න උත්සහ කරා..
ඒ නපුරුකම් වලට හැම දේකටම හායුන්ව හොයන් එන කෑ ගහලා හායුන්ව එයා ලඟට ගෙන්න ගන්න එකට...රෑ පුරාම නින්ද යන්නෑ කියලා කෙල්ල ලව්වා කතා කියව ගන්නකොට...හැමදාමත් කෙල්ලට නෝට් බුක් ගෙනත් දෙනකොට..
කෑම කනකොට පවා කෙල්ලවත් ලඟින් වාඩි කරවගෙන කෙල්ලටත් කන්න කියලා සැර කරනකොට...හායුන්ගේ හිතේ
දවසින් දවස කොල්ල ගැන ඇතිඋන හැඟීම කැමැත්ත ඒ නපුරු තියුණු ඇස් වලට හැමදාමත් වශී වෙන එක කෙල්ලට නවත්ත ගන්න බැරි උනා ......ඒත් කෙල්ල දැනන් හිටියනම් දවසක කෙල්ලට විඳවන්න වෙයි කියලා කෙල්ල කිසිම දවසක ඒ නපුරු තියුණු ඇස් දිහා නොබලා ඉන්න තිබුනා....
හොබී සාර්ථකයි එයාට ඕන වුන විදියටම හායුන්ගේ හිතේ එයා වෙනුවෙන් ඉඩක්
වෙන්වෙලා .ඉවරයි .....
.
.
.
.
.
"හායුන් !!!!"දෙපාරක් කතා කරත් හායුන් ආපු නැති නිසා කොල්ල පඩිපෙලත් බැහැගෙන පහලට ගියත් කෙල්ල පහලවත් කිචන් එකේවත් හිටියේ නෑ...ආපහු හැරිලා සාලෙට එනවත් එක්කම හම්බුන සේවිකාව නවත්තලා..
YOU ARE READING
°•𝐁𝐋𝐔𝐄 𝐄𝐘𝐄𝐒•° ┃ 𝐣𝐡𝐬 ( complete )
Fiksi Penggemarඅදටත් ඒ නිල් ඇස් වල ලියවි තිබුනේ ඇගේ හදේ මා වෙනුවෙන් තිබූ අසීමත ආදරයම පමණයි....🦋 . . . . . ඉතින් අවසරද නවතින්න සසරපුරාවටම ඔය නිල් නෙතු ලඟ......🦋 𝐠𝐢𝐫𝐥×𝐛𝐨𝐲