කාලය වේගෙන් ගලාගෙන යන්නේ නිකන්
ගන්ගාවක් ගලාගෙන යනවා වගේ...පිටතින් මොන තරම් නිස්කලන්ක උනත් සුන්දර විදියට ගලාගෙන ගියත් ගන්ගාවෙ ගැඹුර දන්නේ ගන්ගාවම විතරයි....කාලයත් ඒ වගේ ජීවිතේ මොන තරම් ලස්සනට ගලාගෙන ගියත් ජීවිතේ ගැඹුරු බව මතුවෙන්නේ අපි ඒ ගැන ගැඹුරෙන් හිතුවොත් විතරයි.....
.
.
.
අදත් ජන්ග් මන්දිරය හරි සාමකාමීව තිබුනා මිසිස් ජන්ග් සතියකින් පස්සේ අද ගෙදර ඉන්නවා...මෙ මාස දෙක ඇතුලත හායුන්ටත් නොදැනිම හායුන්ගේ හිත හොබී ලඟ නතර වෙලා ඒ හදවත ගැහෙන්නෙ හොබී ගැන තියෙන අසීමිත ආදරෙන් .....පුන්චි කාලේ ඉඳන් දෙමව්පියන්ගේ ආදරෙවත් ලබලා තිබුනෙ නැති කෙල්ලට නපුරුකමින් උනත් ඒ ටික කාලෙට කොල්ල ලක්ඟින් දැනුන ඒ ආරක්ශාවට සැලකිල්ලට කෙල්ල ලෝබ උනා.....ඒත් හොබීටත් ඒ විදියටම දැනෙන්න ඇතිද...?
ඒ ප්රශ්නෙට උත්තරෙත් කාලය සපයාවී...
"පුතා...!!"
"හොබී....!! පොඩ්ඩක් මෙහෙට එන්න ඔම්මට ඔයාට වැදගත් දෙයක් කියන්න තියෙනවා....!!"
කතා කලාට කොල්ල පල්ලෙහාට ආපු නැති කොට මිසිස් ජන්ග් හායුන්ට අඬ ගැහුවා...
"හායුන්..!!"
කතා කරන පමාවට කෙල්ල මිසිස් ජන්ග් ලඟට ඇවිල්ලා ආචාර කරනකොට හිනා වෙලා කෙල්ල දිහා බලපු මිසිස් ජන්ග්...
"හායුනා...පුන්චි මහත්තයව පොඩ්ඩක් එක්කන් එන්න පල්ලෙහාට .."
ඔලුව හොල්ලපු කෙල්ල පඩිපෙල දිගේ කොල්ලගෙ කාමරේ ලඟට ගිහින් දොරට තට්ටු කලත් කොල්ලාගෙන් සද්දයක් නැති තැන කාමරේ ඇතුලට ගියේ කාමරේ වටේටම ඇස් යවන ගමන්....හොබී පේන්න හිටපු නැති නිසා ආපහු පල්ලෙහාට යන්න හැරුනත් බාත්රූම් එකේ දොර ඇරෙන සද්දෙත් එක්ක කෙල්ල ආපහු හැරිල බලලා ඒ ක්ශනිකවම ආපහු හැරුනේ කොල්ලා තුවායක් විතරක් ඉනේ පටලන් ඔලුවත් තව තුවා කෑල්ලකින් පිහ පිහ එලියට එනවා දැක්ක නිසා....කෙල්ලව එකපාරටම දැක්කම හිත ගැස්සුනත්
කට කොනට හිනා උන කොල්ලා බාත්රූම් එකේ දොර වහලා හෙමින් හෙමින් කෙල්ල ලඟට ලන් උනේ...කෙල්ල කලබලෙන් නෝට්බුක් එකේ ලියන්න හදනකොට....
එක්වරම කෙල්ලගෙ අතේ තිබුන පොතයි පෑනයි බිම වැටුනේ..
කොල්ලා කෙල්ලගේ ඉන වටෙන් අත් දාලා කෙල්ලව බැක්හග් කරපු නිසා කෙල්ලගේ නිල් ඇස් ලොකු වෙන්නත් ගියේ පුන්චි වෙලාවක් විතරයි...
YOU ARE READING
°•𝐁𝐋𝐔𝐄 𝐄𝐘𝐄𝐒•° ┃ 𝐣𝐡𝐬 ( complete )
Fanfictionඅදටත් ඒ නිල් ඇස් වල ලියවි තිබුනේ ඇගේ හදේ මා වෙනුවෙන් තිබූ අසීමත ආදරයම පමණයි....🦋 . . . . . ඉතින් අවසරද නවතින්න සසරපුරාවටම ඔය නිල් නෙතු ලඟ......🦋 𝐠𝐢𝐫𝐥×𝐛𝐨𝐲