after 3 years ,
අවුරුදු තුනකට පස්සෙයි මන් කොරියාවට ආවෙ...ආයෙ එන්නෑ කියලා හිතුවත් අම්ම අසනීප වෙලා කියලා කෝල් එකක් ආවෙ ජන්කුක්ගෙන්...අම්මට මාව බලන්න ඕන කියනවා කිව්වම එන්නැතුව ඉන්න බැරි උනා...එයාපෝර්ට් එකේ ඉඳලා කෙලින්ම බූසාන් එන්න ආවෙ එදා වුන සිදුවීම් එකින් එක මැවි මැවි පේන්න ගන්නකොට...එයා දැන් මොනවා කරනවා ඇතිද...එක එක දේවල් ඔලුවට මතක් වෙන්න ගත්තේ..මන් එහෙන්ම සීට් එකට ඔලුව බර කරගත්තා..නින්ද යනකන් මන් දන්නෙත් නෑ...ඩ්රයිවර්ගෙ හඬට ඇහැරුන මන් වටපිට බැලුවේ ඇදුම් කන හිසත් අතගාන ගමන්...කාර් එකෙන් බැහැලා ගේ දොර ගාවටම ගියේ ඩ්රයිවර්ට බෑග්ස් ටික ගේන්න කියල කියන ගමන්...දොර ගාවටම ගිහින් හුස්මක් අරගෙන බෙල් එක ගැහුවේ ටික වෙලාවකින් කෙනෙක් දුවන් ඇවිත් දොර ඇරියා...බිම බලාගෙන හිටපු මන් ඉස්සරහා බලනවත් එක්කම දැක්කේ රුව...මගෙ ඇස් ලොකු උනා...හොඳටම දැක්කා මාව දැකලා ඒ ඇස් ගැස්සෙන විදිය..
" හ්..හායුන් " සිහින්ව මගෙ මුවෙන් පිටවෙනකොට ඒ ඇස් වල කඳුලු පිරෙන විදිය මන් බලන් හිටියේ පපුව වේගෙන් ගැහෙනකොට..එයා තාමත් ගල්ගැහිලා වගේ මන් දිහා බලාගෙන..තාමත් ඒ ලස්සන එහෙන්මමයි පොඩ්ඩක්වත් වෙනස් වෙලා නෑ..ඒ නිල්පාට බෝල ඇස් වල අදත් මන් අතරමන් උනා....දෙන්නම ගැස්සිලා ගියේ අම්මගෙ කටහඬට...ඒත් අම්ම ඉන්න විදිය දැක්කම මට හිතාගන්න බැරි උනා..එයා වීල්චෙයාර් එකක ඉඳගෙන..ඇස් වලට නොදැනිම කඳුලු එනකොය මන් ගැහෙන පාදත් එක්කම අම්මා ලඟට ගියා...
" පුතා.." ඇස් වල කඳුලුත් පුරවන් අම්ම මන් දිහා බලාගෙන කිව්වේ..මන් හායුන් දිහත් එක පාරක් බලලා අම්මව තදිනම බදාගත්තා...
YOU ARE READING
°•𝐁𝐋𝐔𝐄 𝐄𝐘𝐄𝐒•° ┃ 𝐣𝐡𝐬 ( complete )
Hayran Kurguඅදටත් ඒ නිල් ඇස් වල ලියවි තිබුනේ ඇගේ හදේ මා වෙනුවෙන් තිබූ අසීමත ආදරයම පමණයි....🦋 . . . . . ඉතින් අවසරද නවතින්න සසරපුරාවටම ඔය නිල් නෙතු ලඟ......🦋 𝐠𝐢𝐫𝐥×𝐛𝐨𝐲