ඇඳුමකුත් දාගෙන කාමරෙන් එලියට ආපු කොල්ල හෙමින් සැරේ පඩිපෙල බහින ගමන් බැලුවේ කෑම මේසේ හදන ගමන් හිටපු හායුන් දිහා....කලිසමේ සාක්කු දෙකට අත් දෙකත් දාගෙන එහෙන්මම නැවතිලා හායුන්ගෙ හැම ඉරියව්වකටම ඇස් යැව්වේ මුවඟෙ ඇඳුන සිහින් සෙල්ලක්කාර හිනාවත් එක්කමයි...කෙල්ලගෙ හැම ඉරියව්වක්ම මනස පුරා දුවනකොට ඒ සෙල්ලක්කාර හිත පුරා දිව්වේ දවසකට හරි හායුන්ව තමන්ගෙ කරගන්න ඇතිඋන ආසාව විතරක්ම වෙනකොට එක අතකින් කොන්ඩෙ පිටිපස්සට කරලා ගැසුව කොල්ල ඉතිරි පඩි ටිකත් බැස්සේ හායුන්ගෙන් ඇස් ඉවතට ගන්නේ නැතුවමයි.....
"ගෙදර ආපු එකත් නරකම නැතිවෙයි වගේ😏"
කෙල්ල දිහා බලාගෙනම තමන්ටම මුමුනලා කොල්ල ගාර්ඩ්න් එක පැත්තට ගියේ සේවකයෙක්ටත් එන්න කියලා අතින් සන් කරන ගමන්මයි...
" පුන්චි මහත්තයා මට කතා කලේ..."
"අර ඉන්න කෙල්ල කව්ද 🤨"
"මොන කෙල්ලද පුන්චි මහත්තයා..."
"මේ ගෙදර කෙල්ලො ගොඩක් නෑනේ 🤨
අර නිල් පාට ඇස් තියෙන පිටරට කෙල්ල කව්ද කියලා අහන්නෙ 🤨""ආහ් හායුන්ද.."
"මොකක් එයා කොරියන් කෙනෙක්ද 😳"
"ඔව් පුන්චි මහත්තය හරිම අහින්සක කෙල්ල පව්.."
"ඇයි...🤨"
"ඒ ලමයට කාත් කවුරුත් නෑ පුන්චි මහත්තයා..ග්වැන්චුන් වල ලමා නිවාසේ ඉඳලා මෙහෙට ආවෙ..."
"ආහ් එහෙමද හ්ම්ම් හ්ම්ම් දැන් යනවා "
"හරි පුන්ච් මහත්තයා"
සමච්චල් හිනාවක් මූනේ ඇකි මැකී යනකොට කොල්ලා ආපහු ඇතුලට ගියේ මොන දේටත් කලින් දැනුන බඩගින්න නිවා ගන්න....
YOU ARE READING
°•𝐁𝐋𝐔𝐄 𝐄𝐘𝐄𝐒•° ┃ 𝐣𝐡𝐬 ( complete )
Fanfictionඅදටත් ඒ නිල් ඇස් වල ලියවි තිබුනේ ඇගේ හදේ මා වෙනුවෙන් තිබූ අසීමත ආදරයම පමණයි....🦋 . . . . . ඉතින් අවසරද නවතින්න සසරපුරාවටම ඔය නිල් නෙතු ලඟ......🦋 𝐠𝐢𝐫𝐥×𝐛𝐨𝐲