♡ 03

152 72 9
                                    

☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆

"ජිමිනා...ආපෝ !"

ජින් ඇවිත් කාමරේ දොර අරිනකොට ජිමින් හිටියේ ටේහ්‍යුන්ග්ටත් බිත්තියටත් හිර වෙලා. ජින් එහෙම නතර වෙලා කට ඇද කරගෙන ටේහ්‍යුන්ග් දිහා බැලුවා.

"මොකද ?"

ටේහ්‍යුන්ග් ජිමින්ගෙ නහය උඩ හාදුවක් රඳවන ගමන් ඈත් උනා.

"මම තමුසෙගෙ දේපලක් කියලද හිතාගෙන ඉන්නෙ ?"

ජිමින් කේන්ති අරගෙන එයාගෙ ඇඳුම පිහිදන ගමන් ඇඳ උඩින් වාඩි උනා. පිහිදාන්න කියලා දෙයක් ජිමින්ගෙ ඇඳුමේ ගෑවිලා නොතිබුනත් ඒක එයාගෙ පුරුද්දක් වෙනකොට ජින් ඇවිත් ජිමින්ට එහා පැත්තෙන් ඉඳගත්තා.

"බොරුවට රඟපාන්න එපා හරකෝ. දොර අරින්න කලින් ඔයා ටේහ්‍යුන්ග් එක්ක හුරතල් උනා මම දැක්කා."

ජින් ඇස් රෝල් කරමින් කියනකොට ටේහ්‍යුන්ග්ගෙ කටිනුත් හිනාවක් පැන්නා.

"දොර වහලා තියෙනකොට කොහොමද දැක්කේ ?"

ජිමින්ට ලැජ්ජ හිතුනත් මූණ රතු කරගන්නෙ නැතුව ඉන්න පුළුවන් උනේ ටේහ්‍යුන්ග් එයාගෙ හොඳම යාලුවා විතරක් නිසා වෙන්න ඇති.

"තමුසෙලා දෙන්නා එකට ඉන්නකොට කාමරේට එන්න බයයිනෙ. මම දොර කොනෙන් බැලුවේ."

"මූසලයා."

ජිමින් අතට අහු වුනු කොට්ටෙ ජින්ගෙ මූණට අත ඇරලා ඇඳ උඩම දුවන්න ගත්තා.

"වල් පැණි ඇඹලයා."

කොට්ට සෙල්ලම දුර දිග යනකොට සිස්ටර් ජේන් මතු උනේ කොහෙන්ද කියලා තුන් දෙනාටම හිතාගන්න බැරි උනා.

"යනවාලා ඔෆිස් එකට !"

☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆

ᴍᴀɴɪᴄᴜʀᴇ • ᴍɪɴɢᴜᴋ [ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ]Where stories live. Discover now