♡ 02

196 80 10
                                    

☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆

"ජිමින් දැනටමත් ඇවිල්ලා ඇති. මට එයාව සප්‍රයිස් කරගන්න බැරි වුන එකට නම් ඔයාට සමාවක් නෑ හ්‍යුන්ග්."

දේවස්ථානයට මෙපිටින් තිබුනු හොස්ටල් එකට ඇතුල් වුනු වෙලාවේ ඉඳලා පොඩි එකා කෑගහන්නෙ එයාට ඇත්තටම පරක්කු වෙලා තිබුනු නිසා වෙන්න ඇති.

"මට පාඩුවෙයි. ඔය ජිමින් කියන එකාත් ටේහ්‍යුන්ග් වගේම මොට්ටයෙක් වෙන්න ඇති."

"ඔව් ඉතින් ටේහ්‍යුන්ග්ගෙ ලව් එකනෙ."

ජින් හිමීට මිමිණුවා උනත් එයාගෙ හ්‍යුන්ග්ට තියෙන්නෙ හා කන් දෙකක් කියලා ජින්ට අමතක නෑ.

"මොකද්ද කිව්වේ !?"

"බොරුවට කෑගහන්න එපා. ඔයාට මැඩම්ව හම්බෙන්න ඕන නිසානෙ මගේ පිටින් දාලා මෙහෙට එන්නෙ."

"තමුසෙටත් මෙතන නවතින්න ඕන නැත්තම් කට!වහගනින්." 

පඩිපෙළ නැගගෙන යන හ්‍යුන්ග් දිහා බලාගෙන ජින් හිනා උනේ හොරාට. ජින්ව පාලනය කරන්නෙ එයාගෙ හ්‍යුන්ග් බව ඇත්ත. නමුත් දැන් හ්‍යුන්ග්ව පාලනය කරන්නත් කෙනෙක් ඕන වෙලා තියෙන්නෙ.

කොණ්ඩේ පැත්තට වැටෙන්න දාලා තනි කළු ඇඳගෙන හිටපු පිට කවුරු එක්ක උනත් වචන දහයකට වඩා කතා කරන්නෙ නැති ආඩම්බරකාර, කඩවසම්, නපුරු හ්‍යුන්ග් ගැන ජින් ආඩම්බර උනේ නෑ කිව්වොත් බොරුවක්.

යන හැමතැනකම කෙල්ලෝ පස්සෙන් එන තරම් හොට් කොල්ලෙක් තමන්ගෙ හ්‍යුන්ග් වුනු එක ගැන කවුද ආඩම්බර වෙන්නෙ නැත්තෙ?

නමුත් එයාගෙ හ්‍යුන්ග් එක්ක පාරේ යන එක ජින් අකමැතිම වැඩක් උනේ මිනිස්සු කෙල හලන විදිය තේරෙන්න ගත්තාට පස්සෙ.

"මාව දාලා යන්න එපා හ්‍යුන්ග්."

ජින් කෑගැහුවේ එයාගෙ හ්‍යුන්ග්ට හැමදාමත් එයාව අමතක වෙන එක ගැන කලකිරිලා.

"පැය දෙකකින් මෙතනටම එනවා. නැත්තම් අදත් අමතක වෙන්න පුළුවන්."

හ්‍යුන්ග් ඔෆිස් රූම් එක ඇතුලට නොපෙනී යන විදිය ජින්ගෙ ඇස් වලට අහු උනා.

☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆

ᴍᴀɴɪᴄᴜʀᴇ • ᴍɪɴɢᴜᴋ [ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ]Opowieści tętniące życiem. Odkryj je teraz