♡ 04

172 78 10
                                    

☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆

"මේ අලුත් කොලුවත් ඉන්නෙ. මොකද්ද ටේහ්‍යුන්ග් ඒ පාර කලේ ?"

නිවාසය බාර කටයුතු මෙහෙයවන මැඩම් රොෂෙල් ටේහ්‍යුන්ග්ගෙන් ඇහුවා උනත් පිළිතුර ලැබුනේ සිස්ටර් ජේන්ගෙන්.

"නිවාසයට අයිති භාණ්ඩ අවභාවිතා කිරීම මැඩම්."

සිස්ටර් රොෂෙල්ට ආචාර කරලා ඔෆිස් කාමරයෙන් පිට උනාම බිම බලාගෙන ඉන්න ටේහ්‍යුන්ග්නුත් ජිමිනුත් ජිනුත් ඔෆිස් එකේ ඉතුරු උනා.

බිම බලාගෙන හිටපු නිසා ටේහ්‍යුන්ග්ගෙ දිහාට තිබුනු රොෂෙල්ගෙ ඇස් වගේම ජිමින්ට බැල්ම දාන අනික් ඇස් දෙකත් තුන් දෙනාටම මග ඇරුනු එක නම් අපරාදයක්. 

"ජිමින් ! පාර්ක්ගෙ පුතා නිසා ඒ ඇඳුනුම්කමටයි ඔයාව මෙතනට ගත්තේ. නැතුව ටේහ්‍යුන්ග් එක්ක තියන තමුන්ගෙ මල විකාරේ දන්නෙ නැතුව නෙමෙයි." 

රොෂෙල් කෑගහනකොට ජිමින් විතරක් නෙමේ ජින් උනත් ගැස්සිලා ගියා. ජින් නිවාසෙ සාමාජිකයෙක් නොවන නිසා එයාට මෙතනින් යන්න උපරිම අවස්ථාව තිබුනත් යාලුවෝ තනි කරලා යන්න ජින් ලෑස්ති උනේ නෑ.

~ ටේහ්‍යුන්ග් එක්ක මගෙ තියෙන මමවත් දන්නෙ නැති මල විකාරේ මොකද්ද?

ජිමින්ට තේරුනේ මෙහෙ ඉන්න ඔක්කොටම ට්‍රැක් අවුට් කියලා විතරයි. රොෂෙල්ගෙ එහා පැත්තෙ හිටගෙන ඉන්න කඩවසම් හාදයාට ඇරෙන්න.

"මාව සස්පෙන්ඩ් කරන්නෙ නැත්තෙ ඇයි ? මැඩම් රොෂෙ....ල්."

ටේහ්‍යුන්ග් නෝන්ඩි හිනාවක් පා කරනකොට රොෂෙල් එයාගෙ මේසෙට අත් දෙකම තියලා ඉස්සරහට බර උනා.

"ඒක ඔයා හොඳටම දන්නවා ටේහ්‍යුන්ගී. සෝ ශට් ද ෆක් අප් !"

☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆

ᴍᴀɴɪᴄᴜʀᴇ • ᴍɪɴɢᴜᴋ [ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ]Where stories live. Discover now